( තිළිණි ද සිල්වා )
වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 70 ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටී.
දිවයින පුරා ආවරණය වන පරිදි පවතින පුරප්පාඩු ද සැළකිල්ලට ගනිමින් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව දෙසැම්බර් 7 වැනි දාට පෙර අභියචනා ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.