(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අනුව කටයුතු කරන තුරු පාර්ලිමේන්තු කටයුතුවලින් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කළ බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීම පිළිබඳව න්‍යාය පත්‍රය බලා තීරණයක් ගන්නා බවද සභානායකවරයා සඳහන් කළේය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.