සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.
පසුගිය දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු එහි ඇති වු කලහකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය සඳුදා (19) පාර්ලිමේන්තුව රැස් වු මොහොතේ මහජන ගැලරිය විවෘත නොකෙරුණු අතර නියෝජ්‍ය කතානායකවරයා විසින් 23 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීය.
යළි ලබන සිකුරාදා (23 ) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මහජන ගැලරිය විවෘත නොකිරීමටත් ආරාධිත ප්‍රභූන් සඳහා වන ගැලරිය වසා දැමීමටත් පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන පිටරටවල ප්‍රභූන්ට කෙසේ වෙතත්, අපේ උතුම් සංස්කෘතියටම ගැලපෙන කෙටේරිය දරාගත් වැදිනායක තුමන්ලාටත් ඔය කියන සිනමා ගැලරිය වහන එක නම්, හරිම අසාධාරණයි. ඒ වගේම පාතාලනායක තුමන්ලාට වුනත් එවැනි අසාධාරණයක් කරන එක හොඳ නැහැ නේද?
ඕක අැතුලේ කියන බේගල් වලටයි, කරන වැඩවලටයි කටිටියත් එක්කම මේ සිකුරාදාම පොළවටම ගිලා බසිත්වා.. (සැලකිය යුතුයි - කාර්ය මණ්ඩලය හැර)
මේ තීන්දුව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි ...!!!
සකලසිරින් පිරි සිරි ලංකාවේ අද කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ ....!
රටේ පාලකයෝ මොනවද මේ කරන්නේ . ඔව්නොවුන්ගේ ඕනෑ එපාකම් පිරිමසා ගන්න මුළු රටක්ම වනසනවා නොවේද ?
යකෝ, හැසිරීමේ හැටියට අපි හිතුවේ උඩ ඉන්නේ රටේ පරමාධිකාරී කට්ටිය, බිම වලේ බැහැල ඉන්නේ ගැලරියේ කට්ටිය කියලනේ. ඔය දැන් වහන්නේ කොයි ගැලරියද?
යකෝ ඕකතම ඔබලාගේ ප්‍රජතන්තරේ.