IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


විදෙස් ණය ගෙවීමට මහජන - ජා.ඉ.කිරීමේ බැංකුවලින් ඩොලර් මිලියන 1000 ක්

(ඩයනා උදයංගනී)


ලබන වසරේදී රජයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක (බිලියන 1.5ක) ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද යන්න මේ වන විටත් සැලසුම් කර ඇතැයි ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවසීය. 

හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ඉතිරි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක මුදල මේ සඳහා යොදාගත හැකි බව කී මහාචාර්යවරයා ලංකා, මහජන සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවලින් අන්තර් ජාතිකව ඩොලර් මිලියන 1000ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනයෙන් හා චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමෙන් මෙම ණය වාරිකය ගෙවීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළේය.

මෙම ණය වාරිකයෙන් ඩොලර් මිලියන 1000ක් ලබන ජනවාරියේ සහ ඉතිරි ඩොලර් මිලියන 500 අප්‍රේල් මාසයේ ගෙවීමට තිබෙන බව ද ඔහු කීවේය.

ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ කටයුතු කරන මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමෙන් පහත දමා ඇතත් එවැනි ගැටලුවක් ශ්‍රී ලංකාවට මතුව නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව සතු අඩු සංචිත ප්‍රමාණය හා පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය මත මූඩීස් ආයතනය මෙසේ ශ්‍රේණිගත කිරීම් සිදුකරන්නට ඇතැයි කී මහාචාර්යවරයා ණය ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගැටලුවක් නැති බවත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා විනය නිසි පරිදි පවත්වාගෙන යාමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළේය.

ණය ගෙවීම සඳහා ඇති බැඳීම 100% ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ද ඔහු කීවේය.
 
ශ්‍රී ලංකාව සතුව මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක සංචිතයක් ඇති බව කී මහාචාර්යවරයා ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ කිසිවෙකුත් චකිතයක් ඇතිකර ගත යුතු නැතැයි ද ප්‍රකාශ කළේය.

ඉදිරියේදී වියදම් වැඩිවී ආදායම් අඩුවුවත් යම් යම් වෙනස්කිරීම් තුළින් අයවැය හිඟය පාලනය කර පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙන බව ද  මහ ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සලකා මූඩීස් ආයතනය ඇතැම් තීරණ ගෙන තිබුණේ පසුගිය ජූලි මාසයේ සිට බව ද හෙතෙම කියා සිටියේය.

වර්තමානයේදී ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හේතු මොනවා ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් මහාචාර්යවරයා පැවසුවේ ආර්ථික අර්බුද නිර්මාණය වීම කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් මිස හදිසියේ දින කිහිපයකින්, මාස කිහිපයකින් ඇති වන තත්ත්වයක් නොවන බවයි.

2014 වසරෙන් පසු ගත වූ කාලයේදී ණය බර සියයට 50කින් වැඩිවීම, ගෙවුම් ශේෂයේ හිඟය ඉහළ යාම, අයවැය හිඟය වැඩිවීම ආදිය මෙම තත්ත්වයට බලපා ඇතැයි ද ලලිත් සමරකෝන් මහතා පැවසීය.

මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි



අදහස් (26)

විදෙස් ණය ගෙවීමට මහජන - ජා.ඉ.කිරීමේ බැංකුවලින් ඩොලර් මිලියන 1000 ක්

wasantha Thursday, 22 November 2018 11:30 AM

බැංකු වල මුදල් ඇත්නම් හොඳයි ගෙවන්ඩ. අපේ බඩට නම් ගහන්ඩ එපා.

:       0       37

Sanath Kandy Thursday, 22 November 2018 11:53 AM

රාජ්‍ය බැංකු වලටත් වැඩේ දෙන්න වගේ ලෑස්තිය. මේ දෙගොල්ල හොරා කාපු සල්ලි වලින් ණය ගෙවන්න කියන්න.

:       0       124

lakmal Thursday, 22 November 2018 12:18 PM

මේ ප්‍රකාශනයෙන් පැහැදිලිව පෙනෙන දෙයක් නම්, මේ ණය ගෙවීම සඳහා දේශීය බැංකු වලින් සහ චීන බැංකු වලින් නැවතත් ණය ගැනීමට සිදුවී ඇති බවයි. එනම්, දැන් සිදුවන්නේ ණය ගෙවීම සඳහා සඳහා තවත් ණය ලබා ගැනීමකි. මෙලෙස ණය රෝල් කිරීමෙන් අවසානයේ මුළු රටම උකසට තැබීමට සිදු වෙයි.

:       0       24

කර්තිනි Thursday, 22 November 2018 12:26 PM

ණය ගන්නෝ කොතෙක් ඇද්ද මේ ලොවේ!

:       14       12

sisira ranaweera Thursday, 22 November 2018 12:35 PM

මගේ අම්මෝ මගේ සල්ලි ටික ඇද ගන්න ඕනේ ඉක්මනටම .

:       0       43

JAYATISSASaturday, 24 November 2018 10:52 AM

මේ පුවතේ බයානක බව ඔබ වටහා ගෙන නැති බව පෙනේ. මොවුන් කරන්නට යන්නේ අපේ බැංකු මගින් පිටරට බැංකුවලින් ණය ලබාගැනිමියි. ඉන්පසු එම මුදල් රජයේ ඩොලර් ණය පියවීම සදහා යොදාගැනේ. එවිට ඉතා ඉහල පොලියක් ගෙවන්නට සිදුවේ. රජයන් මගින් ණය දෙන්නේ ඉතා අඩු පොලි අනුපාත වලටයි. නමුත් මෙම රජයට එවැනි පිළිගැනීමක් නැති නිසා වෙනත් රජයන්ගෙන් ණය ලබා ගැනීමට නොහැක. මෙම ණය ඩොලර් වලින් ගන්න නිසා ඔබේ රුපියල් තැන්පතු වලට කිසිවක් නොවේ. නමුත් ඔබේ හා මගේ දරුවන්ට මෙය ගෙවන්නට සිදුවේ.

:       0       0

Sam Thursday, 22 November 2018 12:55 PM

ඒ බැංකුවේ ණය පියවන්න මේ බැංකුවෙන් ණය ගන්නවා. බොරු කියා කියා තව මිනිස්සුත් රවටනවා. අනේ අපේ ලංකාව

:       0       7

J Thursday, 22 November 2018 01:00 PM

චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමෙන්

:       0       10

Chandima Thursday, 22 November 2018 01:25 PM

අනේ මන් දන්නේ නැහැ දුප්පත් අපි ඉතුරු කරපු සල්ලිත් අන්තිමට බැංකු බංකොලොත් වෙලා නැතිවෙලා ගියෝතින් මොනවා කරන්නද කියලා.

:       0       15

Madhurika Thursday, 22 November 2018 01:32 PM

එහෙනම් අපි ණය ගන්නේ අපරාදෙනේ? අපිට එ් මුදල් ආයෝජනය කරන්න තිබුණනේ?

:       0       18

සනත් Thursday, 22 November 2018 01:58 PM

කඩිනම් සංවර්ධනය කියල අවුරුදු 5 ක් ඇතුලත රුපියල් කෝටි 50000 ක විතර ලාභ නොලබන ව්‍යාපෘති වෙළෙඳ ණය වලින් කලාම රට බංකොලොත් වෙනව. හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොල, අධිවේගී මාර්ග, ක්‍රිකට්ක්‍රීඩාංගන, චිත්‍රපටි ගම්මාන, නෙළුම් කුළුන ආදිය තමයි ඒ.

:       2       90

Dayan Thursday, 22 November 2018 02:35 PM

බැංකු හරහා විදේශ ණය අරගෙන ණය ගෙවන්න මහාචාර්යලා, ආර්ථික සභා මොකටද? විහිළුවක්නේ.

:       0       185

මාලති Thursday, 22 November 2018 04:52 PM

අපේ බැංකුවලට අත එහෙම තියෙනවා නොවෙයි. ඩුබායි මැරියට් එක විකුනලා ඩොලර් හොයාගන්න

:       0       58

chandima Thursday, 22 November 2018 06:05 PM

ණය ගෙවන වැඩේ ඔය ගොල්ලන්ට පවරලා ආණ්ඩු කරන කට්ටිය බොරු ගෝරියක් පෙන්නලා පැන්න නේද?

:       7       4

Nalaka Thursday, 22 November 2018 06:45 PM

මෙයත් හොඳයි මහා බැංකුවේ හිටපු නිවාඩු කබ්රාල් වගේ අදහස් ඇත්තෙක්. ලංකාවේ වාසනාවට පහළවුණු ප්‍රඥාවන්තයෝ...

:       0       14

Sanjaya Thursday, 22 November 2018 08:17 PM

මෙයාට අනුව දැන් වෙන රටකට ණය දෙන්න උනත් අපිට පුළුවන් වගේ. රාජ්‍ය බැංකු දෙකේ සල්ලි ගන්නේ නිකම්ද. ? ණය අරන් නය ගෙවනවා කියල කෙලින්ම කියන්නත් බැරි නිසා මෙහෙමවත් කියමු නේද?

:       0       69

Mahee Thursday, 22 November 2018 08:46 PM

ඔය කියන බැංකුවල වත්කම් මොකුත් ඉතුරු වෙලත් තියෙනවද ලේකම් තුමෝ?

:       0       32

චමින්ද Thursday, 22 November 2018 11:06 PM

රවි කරුණානායක මුදල් ඇමති කාලේ කියපුදේ හරි වගේ.

:       2       14

Reality Check Thursday, 22 November 2018 11:37 PM

බොරුවක්. ණයටද දෙන්නේ නැත්නම් ලාභයෙන් ආණ්ඩුවට තැග්ගක්ද?

:       0       4

pj Thursday, 22 November 2018 11:43 PM

මහරජ ගේ විදේශ ගිණුමකින් ට්‍රයි කොලොත් බැරි වෙන එකක් නැහැ.

:       1       9

Wasantha Friday, 23 November 2018 12:18 AM

ණය අරන් ණය ගෙවන්න ඔයාලා ඕන නෑ. ඒ පොලියත් අපිටනේ ගෙවන්න වෙන්නේ.

:       1       5

Sanka Friday, 23 November 2018 02:32 AM

ආර්ථිකය හසුරුවන්න ක්‍රමෝපාය නැතුව මේ අලුත් ආණ්ඩුව බේගල් කියා කියා මහජනතාව රවටනවා.බල කෑදර කම නිසා අපේ රට තව තවත් නය කන්දක හිරකරනවා.මේ එළිපිට නටන මේ නාඩගම් වලින් අපේ රට ලෝකෙන්ම කොන්වෙනවා.අපේ රටේ පාලකයෝ විහිලු සපයන ගොන්රලක් කියල අද ලෝකෙම දන්නවා.

:       2       119

Jayasiri Friday, 23 November 2018 03:05 AM

ළමා ගිණුම් වලිනුත් බදු අයකරන ප්‍රමාණය වැඩි කරයි . තැම්පතු වලට දෙන පොලිය අඩුකරයි. ණය පොලිය වැඩිකරයි . රන්සුරකුම් පොලිය වැඩිකරයි . ඉතින් ගෙවමුකෝ ........විදෙස් ණය......

:       0       8

මල්ලී Friday, 23 November 2018 03:19 AM

මොකක්ද මේ... රජය ගෙවන්ඩ ඕනේ ණයවලට වාණිජ බැංකු පාවිච්චි කරන්නේ... මේක මහා ප්‍රෝඩාවක්...

:       0       29

Sapumal. Friday, 23 November 2018 04:02 AM

ඒ කෙසේ වෙතත්, රටක මෙවන් වාතාවරණයක් යටතේ පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පිරිසක් ජනාධිපති වරයාගේ පෞද්ගලික කැමැත්තට පත්කොට තිබීමෙන් ජාත්‍යන්තරය වශයෙන් රට මුහුණපා තිබෙන තත්ත්වය මේ උගතාට නොපෙනුනේ මන්දැයි අපහට තිබෙනුයේ විශාල ගැටලුවකි.

:       1       107

athula Sunday, 25 November 2018 07:22 AM

අර කතාවක් තියෙනවා ඔබ යම් දෙයකට ආදරය කරන්නේද, ඒ වගේම ඒ හා සමානව දුක්වෙනවා කියලා... අද රට තිබෙන තත්වය රටේ බහුතරයක් ජනතාවට නොත්රේ. අද අපි ඉන්නේ ගිනිකන්දක් උඩ කිව්වොත් එය නිවැරදියි. රටේ ජනතාව උකස්කර 70 වසරක් කරපු මංකොල්ලයේ ප්‍රතිඵල අද කරටියටම හිරවෙලා. එහෙත් දේශපාලකයින්ගේ ආර්ථිකය සරුවෙලා. අපි අද ඒ වගේ වන්දි ගෙවමින් එකිනෙකා මරා ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 363 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 84 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 301 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 731 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 421 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 714 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1396 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site