තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණයට හිටපු ජනපතිගේ පවුලේ ආරක්ෂකයන් ගැනත් සොයයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට වසර 3 1/2ක් පුරා ආරක්ෂාව සැළසු නාවික හමුදා නිලධාරීන් භාවිතා කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන රගර් කී‍්‍රඩක මොහොමඞ් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන බව රහස් පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.