(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (29) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
උසස්පෙළ විභාගයට මුහුණදුන් සිසු සිසුවියන්ට තම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk ඔස්සේ හෙට (30) උදෑසන සිට බලාගැනීමට හැකිවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දරුවන්ට හොඳ ප්‍රතිඵල ලැබේවා!!! මගේ පුතත් බලාගෙන ඉන්නවා එයාගේ ප්‍රතිඵල එනකම්...
නිදි නැතිව බලා ඉන්නේ මං විතරද?
ඉස්සර අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් හිටියා පුදුම ප්‍රතිඵල අමාරුවක් තිබුණේ.. විභාග ගැන දන්නෙත් නැහැ. අපි වැඩ 4 ලියපු අයනේ... ප්‍රතිඵල ආපු දවස්වල මගෙනුත් ප්‍රතිඵල ඇහුවා.. මම කිව්වා පී දෙකයි, කිව් දෙකයි කියලා... අන්කල් කියනවා හොඳටම මදිලු.. ඊළඟ පාර උනන්දුවෙලා කරන්නලු...
මමත් රජයේ විශ්ව විද්‍යාලයක තමා ඉගෙන ගත්තේ. ඉස්සර නං මේවට හුඟාක් බර තිබ්බා. දැන් ඇත්තටම ගත්තොත් අපි ළිං මැඩියො වගේ. ඕකේ හොඳම ප්‍රතිඵල ගත්ත හුඟදෙනෙක් ඉන්නවා පස්සේ වැඩේ අනාගෙන. තව කිහිප දෙනෙක් ඉන්නවා ඕක යාන්තං ගොඩගිහිං පස්සේ වෙන වෙන විභාග කරල (නීතිය, මුල්‍ය , පරිගණක) ඒ ඒ ක්ෂේත්‍රවල ඉතාම ඉහළට ගියපු... සමහරු කියනවා ඒ ඉංග්‍රීසි හින්දා කියලා. ඒ කියන්නේ කරුණු නොදැන... හොඳම උදාහරණය තමයි ඔය ඉංග්‍රීසි තියෙන නොතියෙන ලංකාවේ කවුරුවත් 1948න් පස්සේ ලෝකෙටම දැනෙන දෙයක් කරල නෑ. ඒක හින්දා තමයි අපි ඔය පිටරටවල අය ලංකාවේ වැඩට එනවට බය... අපි නිර්මාණශීලී නං වැඩ හොඳ නං කවුරු ආවත් අපේ තැන නැතිවෙන්නේ නෑ. සිංගප්පූරුවේ ඕන එක්කෙනෙක් ඇවිත් වැඩ කරන්න පුළුවන්... හැබැයි ඒ මිනිස්සු කෙඳිරි ගාන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේ බිස්නස්වල මූලික අරමුණ ලාභයක් ගන්න නෙමෙයි සේවක සුභ සාධනය මූලික අරමුණ ඊට පස්සේ ලාභය. හොඳම වැඩේ කියන්නේ පිටරට අයට වැඩියෙන්ම බය උසස්පෙළ හොඳටම සමත් පිරිස...