අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල අඩු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පෙට්‍රල් මිල රුපියල් 10කින් ද, ඔටෝ ඩීසල් රුපියල් පහකින් ද, සුපර් ඩීසල් රුපියල් 10කින් ද අඩු කරන බව වික්‍රමසිංහ මහතා කීවේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 10කින් අඩු වන අතර නව මිල රුපියල් 125කි. ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10කින් අඩු වන අතර ඒ අනුව නව මිල රුපියල් 149කි. ඔටෝ ඩීසල් රුපියල් 5කින් අඩු වන අතර නව මිල රුපියල් 105කි.
සුපර් ඩීසල් මිල රුපියල් 10කින් අඩු වන අතර නව මිල රුපියල් 121කි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බස් ගාස්තු සහ ත්‍රීවීල් ගාස්තු වෙනස් කරාවි. අපේ කෑදර මිනිසුන් සමඟ නොවේ...
අන්න ට්‍රම්ප් උන්නැහේ සිරියාවෙන් හමුදාව ඉවත් කරගන්නවලු. දැන් ඒක උඩින් දලා ආපහු ඇයි? වැඩි කරන්න නම් එපා..
මෙහෙම මාසයෙන් මාසයට ආණ්ඩු වෙනස් වුණානම්, තෙල් මිල අඩු වේවි...!!! කොහොම වුනත් ඊයේ මංගල ආපහු සූත්‍ර කතාව කිව්වනේ... ඒ කියන්නේ අද අඩුකළාට ඉදිරියේදී වැඩි කරාවි. මොකද්ද මංගලගේ මේ සූත්‍ර ක්‍රමයෙන්, පහුගිය වකවානුවේ තෙල් මිල වැඩි වුණා මිස අඩුවුණේ නැහැ...
නියමයි.., මහින්ද මහත්තය අඩු කරලා පෙන්නුවනේ.. දැන් තේරුම් ගන්න මහින්දට පුළුවන් කියලා...
තව කොහොමත් අවුරුද්දනේ තියෙන්නේ. දැන් ඒවා දැන් දීලා මිනිස්සුන්ගේ ඔලු ටික හෝදලා ඉවරවෙලා පස්සේ තමයි ඇරියස් එක්ක දෙන්න පටන් ගන්නේ... දැනට සන්තෝෂයෙන් ඉමු.
අාණ්ඩු පෙරලියේ ප්‍රතිඵල තමා මේ. අවුරුද්දක් යනකම්ම සහන ලැබෙනවා ෂුවර්. මොකද 2019 ඡන්ද වර්ෂයක්... 2020 ඉඳලා අාපහු කාලා වරෙන් කියලා අැරියස් එක්කම ලැබෙයි.
පාර්ලිමේන්තුව තුළ "සහනය" ගැන ඔය මොන කයියවල් ගැහැව්වත් වැඩක් නැහැ.. මේවා අපේ රටේ ජනතාවට සහනයක් නොවේ නම්..!!
මේක හොඳ ආරම්භයක්... ලෝක වෙළඳපල මිල අනුව වෙනස්වෙන මිල සාධාරණයි. හැබැයි රජයේ වියදම් අඩු කරලා ආදර්ශයක් පෙන්නන්න.