(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් අද (03) රාත්‍රියේ ඉල්ලා අස්විය.
ඒ වෙනුවට වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කරගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රියේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධූරයට පත් කරගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර ජ‘පුරේ සිල් රෙදි හොරා පත්කරේ නැත්තේ...?
මරු ලේකම්.... හෙට, අනිද්දා අායෙත් කොහෙට හරි දයා පැන්නොත් අායෙත් ලේකම් කෙනෙක් හොයා ගන්න වෙයි...
මදැයි වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙච්ච නැති කෙනෙකු කීව කතාවක් අහලා රටක් පාලනය කරන්න ගියා. මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු බාරදුන් ශ්‍රීලනිපය අද දෙකොන පත්තු වෙන විලක්කුවක් බවට පත්ව ඇත. මහින්ද අගමැති කළ පසු ඔහු අපේක්ෂකත්වය මෛත්‍රීට ලබාදී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුව කරේ තබාගෙන රටවටා යනු ඇති සිතුවත් මහින්ද ආණ්ඩු බලය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිදුකළේ ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමයි. වසර තුන හතරකට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අන්තයටම පිරිහී තිබේ. යන-එන මං නැතිව ගොස් තිබේ. එදා වෙනත් පක්ෂ ඒකරාශී කර ගනිමින් දේශපාලන සන්ධාන ගොඩනැගූ ශ්‍රීලනිපය අද පොදුජන පෙරමුණේ නායකත්වයෙන් බිහිවන සන්ධානයකට එක්වීමට දඟලන තැනට බාල්දු වී ඇත. ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ වලිගයක් බවට පත් කළද මෛත්‍රීගේ 2020 ජනාධිපති සිහිනය සිහිනයක්ම පමණක් වනු ඇත. ඒ ජනාධිපතිවරයා විශ්වාස කිරීමට තරම් මහින්ද රාජපක්ෂ දේශපාලනික වශයෙන් අඳබාලයෙකු නොවන නිසාය. ජනාධිපතිට දැන් අල්ලපු අත්තත් නැතිවෙලා පය ගහපු අත්තත් නැතිවෙයිද?
අනේ ලොකු දෙයක්.
ශ්‍රීලනිප යේ අවසානයේ ආරම්භය මෙය බව කනගාටුවෙන් උනත් කියන්න වෙනවා.
ඉතාම ගැලපෙන පත්වීමක්. මහාචාර්ය රෝහණට බැරි වූ දේ කරන්නට හැකියාව තිබෙන දයාසිරි මැතිඳුන් තම උපරිම දක්ෂතාවය යොදා හැකි ඉක්මනින් පක්ෂය වළ පල්ලට යවනු ඇති යි අපි බලාපොරොත්තු වෙමු.
ඉන්න දෙතුන් දෙනාටම තනතුරු බර අරන් තව මස කීපයක් යනකොට පක්ෂය ඉවරම වෙයි
අනේ අපොයි. ශ්‍රීලනිපයේ අවසන් හුස්ම හෙළමින් සිටී.
අය්යෝ අය්යෝ ශ්‍රීලනිප පක්ෂයට ගිය කලක්. බණ්ඩාරනායකවරු මේ පක්ෂය දිවි හිමියෙන් ආරක්ෂා කලේ. දයාසිරි ඩීල් කාරය බව දැන දැන මෙහෙම කෙනෙක් ලේකම් කරනවද? දැන්නම් පක්ෂය ඉවරටම ඉවරයි.
" අහස බයවේද මම උඩ බැලුවාට " පොලව බයවේද මම බිම බැලුවාට " උඩඟු කමින් සමහරු වැඩ කෙරුවාට " නරයන් කිසිවිටෙක දෙවියන් සමවේද ? "
ඔය එන්නේ කසකාරයෝ. පෙරහැර ඊලගට !
දැන් වත් බලමු පක්ෂෙන් පොහොට්ටු වලට පැන්න අයට මොකද කරන්නේ කියලා.
මදැයි වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙච්ච නැති කෙනෙකු කීව කතාවක් අහල රටක් පාලනය කරන්න ගියා. මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු බාරදුන් ශ්‍රීලනිපය අද දෙකොන පත්තු වෙන විලක්කුවක් බවට පත්ව ඇත. මහින්ද අගමැති කළ පසු ඔහු අපේක්ෂකත්වය මෛත්‍රීට ලබා දී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුව කරේ තබාගෙන රටවටා යනු ඇති සිතුවත් මහින්ද ආණ්ඩු බලය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිදුකළේ ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමයි. වසර තුන හතරකට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අන්තයටම පිරිහී තිබේ. යන-එන මං නැතිව ගොස් තිබේ. එදා වෙනත් පක්ෂ ඒකරාශී කර ගනිමින් දේශපාලන සන්ධාන ගොඩනැගූ ශ්‍රීලනිපය අද පොදුජන පෙරමුණේ නායකත්වයෙන් බිහිවන සන්ධානයකට එක්වීමට දඟලන තැනට බාල්දු වී ඇත.ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ වලිගයක් බවට පත් කළද මෛත්‍රීගේ 2020 ජනාධිපති සිහිනය සිහිනයක්ම පමණක් වනු ඇත. ඒ ජනාධිපතිවරයා විස්වාස කිරීමට තරම් මහින්ද රාජපක්ෂ දේශපාලනික වශයෙන් අඳබාලයෙකු නොවන නිසාය. ජනාධිපතිට දැන් අල්ලපු අත්තත් නැතිවෙලා පය ගහපු අත්තත් නැතිවෙයිද?
රටත්, ව්‍යවස්ථාවත්, පක්ෂයත් විනාශයි.
මෙයාව හොඳට ගැටගහලා තියාගන්නට වෙයි. මොකද, දන්නෙම නැතුව මෙයා එජාපෙ ලේකම් වෙන්න බලයි...
සිරිසේන මහතාට ජනාධිපති වෙන්න වාසනාව තිබ්බට ඉන් එහාට යන්න පින් මදි. එයාගේ අගමැති මහබැංකුව හොරෙක් දම්මලා බංකොලොත් කෙරුව මදිවට ඕනි කොමිසමක් පත්කර ගන්න. මම සතේකට ගණන් ගන්නේ නැහැ කියලා දිගටම බලේ ඉන්නවා. මෙය මුලදී හරියට හිතන්නේ බලන්නේ නැතුව තමා සතු බලය 19 හරහා නැති කර ගත්තා. එ්කත් අන්තිමට අවාසියක්ම වුණා. ඒවා තව ටිකක් හිතලා බලලා කරන්න තිබිච්ච දේවල්... දැන් රටට මොන හානිය වුණත් ඉදිරියේදී ජනතා අප්‍රසාදය මුලින්ම එල්ල වෙන්නේ මෙයාට...
දැන් ඔය මොනවා කලත් SLFP එකට පරාජය නියත බව පෙනේ. මෛත්‍රීට ජනාධිපති අපෙෂකත්වය ලැබෙයිද කියන එකත් සැකයි...
මරු ලේකම්... හෙට, අනිද්දා අායෙත් කොහෙට හරි දයා පැන්නොත් අායෙත් ලේකම් කෙනෙක් හොයාගන්න වෙයි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙච්චරට ම බංකොලොත්ද? අත්තෙන් අත්තට පයින අයව මහා ලේකම් වැනි අතිදැවන්න පක්ෂයක දෙවැනි තනතුර දෙන්න තරම් වෙන පැරණි කෙනෙක් ඇත්තෙම නැද්ද?
වෙන කවුරුත්ම නැද්දෝ මහ ලේකම්කමට බණ්ඩාරනායක මහත්තයා පව්...
වෙන කවුරුත්ම නැද්දෝ මහා ලේකම්කමට.. ඔව්නේ මරන්න කියන දේවල් කරන කෙනෙක් ඕනේනේ.. එ්කයි මේ මෙයාව දාලා තියෙන්නේ...
මේ වගේ දේශපාලන හෙන්චයියන් පත් කරගත්තානේ.. අහෝ ..! බණ්ඩාරනායක මහතා ,මැතිණිය, ටී.බී. ඉලංගරත්නයන් සිටි ශ්‍රී ල .නි .ප.ය .
මෙයා නේද පෙර්පෙචුවල් ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ?