IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ජනපති පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි කියයි

(අජන්ත කුමාර අගලකඩ)

 
පළාත් ආණ්ඩුකාරවරුන් නවදෙනාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දෙනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා අද (31) උදෑසන මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

පළාත් ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකුට තනතුරු අහිමිවීමේ ඉඩකඩ පවතින බවද පැවසේ.

ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීමේදී දැනට සිටින කිහිපදෙනෙකුට පමණක් නැවත ආණ්ඩුකාර ධුර හිමිවනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.

පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස හේමකුමාර නානායක්කාර මහතා ද, දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස මාර්ෂල් පෙරේරා මහතා ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පී.බී. දිසානායක මහතා ද, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස කේ. සී. ලෝකේෂ්වරන් මහතා ද කටයුතු කරති. 

උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා ද, නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා ද, උතුරුමැද ආණ්ඩුකාරවරයා ලෙස එම්. පී. ජයසිංහ මහතා ද, ඌව ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී. රැකව මහතා ද කටයුතු කරන අතර සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස නිලූකා ඒකනායක මහත්මිය කටයුතු කරයි.

නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද හෙටම සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ.



අදහස් (29)

ජනපති පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි කියයි

Illangakoon Monday, 31 December 2018 11:40 AM

අලුත් අවුරුදු සප්‍රයිස් වාගේ !

:       29       193

shan saudi Monday, 31 December 2018 11:46 AM

පොහොට්ටුවෙන් කට්ටිය පත් කරන කියලා කීවද දන්නේ නැහැ .

:       310       524

Raveendra Monday, 31 December 2018 12:00 PM

අපි නම් කියන්නේ ඔහේ ඇතුළු 225ම සදහටම රටින් තුරන් වුනොත් එ්ක රටට කරන මහඟු සේවයක්. ඉල්ලා අස්වීමෙන් වැඩක් නැත...

:       210       539

Sapumal. Monday, 31 December 2018 12:14 PM

රටක ජනාධිපතිවරයා නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී කියා එරට ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කළහොත්, එම ජනපතිවරයා වහාම එම තනතුරෙන් ඉවත්විය යුතුයි. එහෙත් මේ රටේ අය තවත් රැදී ඉන්නේ රෙදි ඇඳගෙනද කියා සිතෙනවා. අනේ රටකට ගිය කලක්...

:       2742       3262

තිව්Monday, 31 December 2018 07:50 PM

තමන් පත්කරපු මහබැංකු අධිපති බෑනත් එක්ක එකතු වෙලා බැංකුව කැඩුවම වෙන රටක නම් පත්කළ කෙනාත් ඉල්ලා අස්වෙනවා.

:       1       0

ChandimaTuesday, 01 January 2019 06:13 AM

ප්‍රශ්නේ තියෙන්නේ එයා විතරක් නෙමෙයිනේ තව රටේ ඉන්නවනේ කට්ටිය තොලොන්ජි වෙලා යන්න ඕනෑ. මතකද අර බැඳුම්කර වංචාවට ඉඩ ලැබෙන විදියට හොරු පත් කරවාගෙන අන්තිමට රටින් පැනල යන්නත් ඉඩ දීලා ඔහේ බබා වගේ ඉන්න අය, ඒ වංචනික සල්ලි පගා ගහලා අරගත්තා අය, මේ අය රටේ අනාගතයට මොන තරම් විනාශයක් කළාද කියල ගණන් බලන්නවත් බැරි තරම්. ඒ හින්දා මේ ඔක්කොම එකට හරි, ටිකටික හරි තොලොන්ජි වෙලා යන්නයි ඕනෑ...

:       0       0

sirimal Monday, 31 December 2018 12:20 PM

තවත් හොඳවැයින් මැල්ලුමක් පිසින්න වගෙයි යන්නේ.

:       317       413

umesh Monday, 31 December 2018 12:20 PM

නම දෙනෙක් ඉල්ලා අස්වෙනවට වැඩිය එක්කෙනෙක් ඉල්ලා අස් වුනා නම් තමා වැඩිය හොඳ හා ලේසියි.

:       707       1601

Jehaan Monday, 31 December 2018 12:37 PM

මොකද්ද මේ? අස් කරනවයි, අස්වෙන්න කියනවයි, විසුරුවා හරිනවයි ඇරෙන්න වෙන රාජකාරියක් ඇත්තෙම නැද්ද ?

:       322       601

shan saudiMonday, 31 December 2018 01:01 PM

ඕක තමා කියන්නේ වඳුරට දැලිපිහිය දෙන්න එපා කියලා.. දැන් ඉතින් දුවපල්ලා පණ බේරගෙන..

:       538       1185

bandulaMonday, 31 December 2018 01:23 PM

එහෙම නොකරොත් කොහොමද රටේ ජනාධිපති ඉන්නවා කියලා දැනගන්නේ..?

:       226       217

Menaka Monday, 31 December 2018 01:13 PM

එකත් එකටම මේ ගොඩේ යම් නොතේරෙන අන්තර්ජාතික භාෂාවක් කතා කරන කවුරු හරි ඇති. නැති නම් නිතර සූට් බූට් අඳින කෙනෙක් ඇති... තනතුරට නොගැලපෙන්න ඕවාත් බලපාන කරුණු නේද?

:       171       238

kamal Monday, 31 December 2018 01:19 PM

ඉල්ලා අස්වෙන්න කියන්නේ මොකටද..? අස් කරාම ඉවරයිනේ.. අස් කරන්න බයේද කොහෙද...? රනිල් අස්කරලා කරගත්තු ටික ඇතිනේ...

:       238       441

Rata Perata Monday, 31 December 2018 01:40 PM

රටක රජා පිස්සු වුනත්, පිස්සෙක් රජ වුනත් එකම විනාශය තමයි.

:       147       525

Buddika Monday, 31 December 2018 02:12 PM

ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට, නීතියට විරුද්ධව වැඩකළ බව උසාවියෙන් ඔප්පු වුණා. දැන් මේ කරන්න හදන්නේ පොහොට්ටුවේ කට්ටිය දාන්නනේ.. තවදුරටත් හිතුවක්කාර ඒකාධිපතියෙක් ලෙස රට වනසන්න මේ හදන්නේ...

:       105       540

රසික සූරියආරච්චි Monday, 31 December 2018 02:22 PM

ඔක්කොටම කලින් ඔය මහා එක්කෙනා ඉල්ලා අස්වුණා නං රටට සෙතක් වෙයි.

:       262       740

BamunuarachchiTuesday, 01 January 2019 01:40 AM

ඊට පස්සේ කාවද ඔතන වාඩි කරන්නේ? අහවලාගේ පුතා මේසන් බාස්වද?

:       0       1

ChandimaTuesday, 01 January 2019 06:17 AM

එතකොට ඉතිරි ටික කාලෙට එතනට එන්න ඉන්න එක්කෙනා කවුද කියලා කියන්න පුලුවන්ද කරුණාකරලා?

:       0       1

sandy123 Monday, 31 December 2018 03:59 PM

අද සිකුරාදා නෙමෙයිනේ.. මොකද මේ තකහනියෙන්? සිකුරාදා නැකත වෙනස් කළාද උසාවි නියෝගයෙන් පස්සේ..?

:       117       408

vidya Monday, 31 December 2018 06:01 PM

ඔය සෙට් එකේ විභාග පාස් කරපු කී දෙනෙක් ඉන්නවද?

:       0       0

Amila Monday, 31 December 2018 06:13 PM

ඉල්ලා අස්වෙන්න ඕන කෙනා අනිත් අයට ඉල්ලා අස්වෙන්න කියන අමුතු රටක් මේක..! අංගොඩ මානසික රෝහලේ අය සහ මෙයයි අතර ලොකු වෙනසක් නැතුව ඇති.

:       0       12

Kumara Monday, 31 December 2018 07:17 PM

සෙල්ලමට තියෙන්නේ තවත් ටිකකාලයක් පමණයි. දාන සෙල්ලමක් දැන් තමයි.

:       0       1

IRON Monday, 31 December 2018 07:44 PM

මෙයාව නම් අංගොඩ යවන්න ඕනා අලුත් අවුරුද්දේ...

:       0       3

Appuhami Monday, 31 December 2018 08:04 PM

තවත් ඉල්ලන් කෑමක් වගෙයි.

:       0       4

prasanna Tuesday, 01 January 2019 01:22 AM

පෙනුම විතරක් උඩුයටිකුරු වුණාට වැඩක් නෑ. ඔය සේරම එකයි. ඔක්කොම කරන්නේ වෙළඳාම.. රටේ මිනිස්සු බහුතරයක් බත් පැකට් එකට, අරක්කු බෝතලේට, රස්සාවට, වාසියට ඕනෑම හොරෙක් පාර්ලිමේන්තු යවන සමාජයක්... දේශපාලන වහල්ලු, මේ රට කවදාවත් හැදෙන්නේ නෑ රජයේ නාලිකා ගණිකාවෝ වගේ... එන එන රජයට රෙදි නැතිව කඩේයනවා. සමහර නාලිකා මල්ලිට කඩේ යනවා සමහරු ජාතික ලිස්ට් මන්ත්‍රීකම දුන්නේ නැති නිසා වෛරයෙන් කඩේ යනවා රෙදි නැතුව රාජපක්ෂට කඩේ යනවා..

:       0       13

kamal Tuesday, 01 January 2019 03:23 AM

ඉල්ලා අස්වෙන්නැයි ජනතාව කියන්නේ කාටද?

:       0       4

Ruwan Tuesday, 01 January 2019 04:11 AM

නමට විතරයි ඉන්නේ..... සේරම ගෙදර යවන්න‍

:       0       0

Ashan Tuesday, 01 January 2019 05:56 AM

අන්තිමට මහින්ද මහත්තයා ආන්ඩුකාරවරයෙක් වෙයිවත්ද?

:       0       4

Bamunuarachchi Tuesday, 01 January 2019 10:34 AM

එජාපෙට පන්දම් අල්ලන අය ඉන්නේ.

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 263 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 74 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 280 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 684 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 388 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 703 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1394 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 356 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site