උපාධි සහතිකයෙන් ‘සයිටම්‘ නම ඉවතට සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට නියමිත සයිටම් සිසුන්ගේ උපාධි සහතිකයෙන් සයිටම් නම ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 06 July 2018
පරණ මිලටම තෙල් දෙන්නැයි සංස්ථාවෙන් දැනුම් දෙයි මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළද ඉන්ධන පවතින මිලටම අලෙවි කිරීම සඳහා ඉන්ධනහල්වලට දැනුම් දී ඇතැයි ඛනිජතෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසයි. 06 July 2018
විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට දෙන්නයි අධිකරණ නියෝගයක් එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි පිහිටවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු බාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කළේය. 06 July 2018
තෙල් මිල යළි ඉහළට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය. 05 July 2018
පරීක්ෂණවලට උපරිම සහාය දෙනවා - විජයකලා ඉල්ලා අස්වෙමින් කියයි තමා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහයෝගය දැක්වීමක් ලෙස විමර්ශන අවසන් වන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති, අගමැති සහ කතානායකට යොමු කළ බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 05 July 2018
විජයකලා ඉල්ලා අස්වෙයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විජයකලා මහේෂ්වන් මහත්මිය එවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීපයට‘ පැවසීය. 05 July 2018
ඇලොසියස්-පලිසේන සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකතන - සිම්කාඩ් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරයේ රඳවා තබා ඇති එච් වාට්ටුව තුළ තිබී ජංගම දුරකතන තුනක් සහ සිම් කාඞ් පත් පහක් බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් 05 July 2018
පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේ තියන්න අගමැතිගෙන් උපදෙස් පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බරයේ ස්ථිර වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත. 05 July 2018
විජයකලා ඉල්ලා අස්වෙන්න තීරණය කරයි සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වන් මහත්මිය අද තීරණය කර තිබේ. 05 July 2018
බැඳුම්කර දුරකථන දත්ත නිකුත් කරයි ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ. 04 July 2018
හමුදා කඳවුරු ඉවත් කළේ විජයකලාගේ ප්‍රකාශය නිසාද‘යි සේරුවිල නාහිමියෝ විමසති මේ මස අවසන් වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු 33ක් ඉවත් කිරිමට සුදානම් වන බවත් රාජ්‍ය ඇමැතිනිය විජයකලා සිදුකර ඇති ප්‍රකාශය හා කඳවුරු ඉවත් කිරිම අතර සම්බන්ධතාවයක් 04 July 2018
ගුරු සංගම් උද්ඝෝෂණයෙන් ඉසුරුපායේ කළබලයක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට ගුරු සංගම් කිහිපයක් එක්ව උද්ඝෝෂණයක් අරඹා තිබේ. 04 July 2018
විජයකලාගේ ප්‍රකාශය ගැන හොයන්න කතානායකගෙන් නීතිපතිට උපදෙස් රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින නීතියේ යම්කිසි විධිවිධානයන් උල්ලංඝනය වී ඇතිදැයි විමර්ශනය කර අදාළ නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත දන්වා යැවූ බව කතානායන කාර්යාලය අද (03) නිවේදනය කළේය. 03 July 2018
විජයකලාගේ ප්‍රකාශයට කළ විරෝධයෙන් පාර්ලිමේන්තුව හෙටට කල් තබයි රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කළ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වීම නිසා පාර්ලිමේන්තුව හෙටට (3) කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය. 03 July 2018
පළාත් සභාවලට පූර්ණ පොලිස් බලතල ඕනෑ - විග්නේෂ්වරන් ප්රචණ්ඩත්වය නිම කරමින් උතුරේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රඳවා සිටින ආරක්ෂක හමුදාව ඉවත් කර පළාත් සභාව වෙත පූර්ණ ලෙස පොලිස් බලතල පැවරිය යුතු බව එම පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය. 03 July 2018
නිදහසේ ඉන්න නම් කොටි යළි හිස එසවිය යුතුයි - ඇමැතිනී විජයකලා උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පැවසුවාය. 02 July 2018
බ්‍රසීල ජාතිකයෝ දෙදෙනා කොකේන් ගුලි 163 ක් වමාරති මත් කුඩු ගුලි ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් මේ වන විට කොකේන් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 950ක් එළියට ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි. 02 July 2018
ශ්‍රීලංකන්-විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 6700ක් ණයයි ඉන්ධන ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 6700ක් ගෙවීමට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය. 01 July 2018
ඔරලෝසු , සාරී මටත් ලැබුණා, තාමත් මං ළඟ ඒවා තියෙනවා - දුමින්ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් ලබා ගෙන ඇති බවට කරන හෙළිදරව්ව පැහැදිලිවම ඇත්තක් තියනවා කියලා විශ්වාස කරනවා. ඒ ලිපියේ තිබුණ දේවලුත්, 01 July 2018
දියණිය පැහැරගෙන කප්පම් ඉල්ලූ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවට මීගමුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාල වයස්කාර දියණියක් පැහැර ගෙන ගොස් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලන බව පැවසෙන ක්‍රීඩා උපදේශයකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය. 30 June 2018
ලංවීමේ අලාභය කෝටි 4923 ක් ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 4923 ක විශාල අලාභයක් වාර්තාකර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 30 June 2018
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. 29 June 2018
මාතර කොල්ලයේ රන්මාල 74 ක් හබරකඩදී සොයා ගනී මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා හබරකඩ වසන්ත නැමැත්තා පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල් 74 ක් මීට මද වෙලාවකට පෙර හබරකඩ ප්‍රදේශයේ දී පොලිසිය සොයාගෙන තිබුණි. 29 June 2018
මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ ඉහළ නිලධාරීන් 5 ක බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝග හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙස නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සඳහන් කරයි. 29 June 2018
‘හිටපු ඇමති රවීගේ චෝදනා සනාථ කරන කරුණු කිසිවක් නෑ‘ - මහ බැංකු අධිපති ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විරුද්ධව හිටපු මුදල් ඇමති රවි කරුණානයක මහතා මධ්‍ය මගින් නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරීපත් කර නැතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 28 June 2018
ලක්ෂ 47 ක මත්ද්‍රව්‍ය සමඟ ලාංකිකයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 47 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 28 June 2018
එකම විශේෂඥ වෛද්‍යවරයා වැඩිපුර ඉන්නේ ගුවන් යානයේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සිටිය යුතු නමුත් වසර 12 ක් තිස්සේ එහි සිටින්නේ එකම විශේෂඥ වෛද්‍යවරයකු පමණකැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි. 27 June 2018
කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සහ ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානයක යන මහහත්වරුන් අතර අද (26) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 26 June 2018
තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන් තැපැල් සේවක වර්ජනය අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කෙරේ 26 June 2018
‘මා සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම ආණ්ඩුව බාරගත යුතුයි‘ තමන් සිරගත කිරිමේ වගකීම අනිවාර්යයෙන් ආණ්ඩුව භාරගත යුතු යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 26 June 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026