(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු, ඇෆ්ගනිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය ට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටියේ සුපිරි නිවස සංකීර්ණයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබී හෙරොයින් මත් කුඩු කිලෝ 90 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් යහපත් දේ සිදුවෙමින් පවතින බවක් පේනවා. බලමු තව ඉස්සරහට. මාගේ පෞද්ගලික මතයනම් ලංකාව වැනි කුඩා රටක මත උවදුර මස 3 කින් නිමකල හැකියි.
නමුත් කිසිම අයුරකින් කුඩු බොන්නන් අඩුවී නැහැ නේද ?
මේ අයව බේරාගන්න හෙලිකොප්ටරයෙන් කවුරුත් අවේ නැද්දෝ......???
පොලිසිය මේ සිදු කරන මහා පරිමාණ මත්කුඩු වැටලීම් ප්‍රසංශනීයයි. සුපිරි නිවාස සංකීර්ණ තුළ සහ සුපිරි පාසැල් අවට සිදුවනදේ ගැන අවදානමෙන් සිටීම වැදගත්.
වැඩක් නැහැනේ නිලධාරීන් මහන්සිවෙලා කුඩු කාරයෝ අල්ලලා නඩු දාලා එල්ලුම්ගස් යැව්වත් ජනාධිපති තුමාට අස්සන් කරන්න පයිල් නැහැ.
දැන් අපි සිරිසේන මහත්තයට නැතිඋන ලිපිගොනු ටික හොයාගන්න උදව් කරමු
අපේ රට .. මතින් තොර දියුණු රටක් වීමට , තව අවුරුදු 100...200 ගත වෙයි ...! දැන් එන්න ..එන්නම අපේ රට විදේශික ජාවාරම් කරුවන්ගේ ආක්‍රමණයට ලක්වෙමින් පවතිනවා ... ඇත්තටම ලංකාව අපේ රටද ..?
මේ මාස දෙකක පමණ කාලයෙදි කුඩු කිලො 800 පමණ ඇල්ලුවා මේ අල්ලන කුඩු වලට මොකද වෙන්නේ???
නියමයි. STF එකට මේක කරන්න පුළුවන්. දැන් පහුගිය ටිකේ අහුවුන කුඩු කන්ද දිහා බලපුවම බය හිතෙනවා. මේවට කී දෙනෙක් සම්බන්ද ඇතිද? රේගු මහත්තුරු සම්බන්ද ඇති මේවා ආවේ ගුවනින් හෝ වරායෙන් නම් හොඳට හොයන්න.
ඇෆ්ගනිස්ථානු ජාතිකයන් - 02 ඇමරිකානු ජාතිකයන් - 02 කෝටිපති ව්‍යාපාරික ජාතිකයන් - 01
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතුයි. මේ කුඩු තොගය බෙදිලා ගියානම් ජීවිත කීයක් විනාශ වෙයිද???
ඇමරිකානු ජාතිකයන් කිව්වේ ශ්‍රී ලන්කන් ඇමරිකානු නැත්නම් හරිම ඇමරිකානුවන්ද?
පොලිසිය මේ වැටලීම් කරන්නේ දිවි පරදුවට තබාය. ඔවුන්ගේ සේවය අගය කල යුතුය.
කොල්ලුපිටිය තියෙන්නේ පිලිපීනයේ නෙවෙයි නේද? එහෙන් මෙහාට ලැබුන අලුත් උපදෙස් හරියට දන්නේ නැති නිසා හිතට බයයි
බලය තිබුනානම් මේවා නැති කරන එක ලොකු දෙයක් නෙමේ
පොලිසියට ස්වාධීනව වැඩ කරන්න ඉඩ දුන් හැම දේශපාලකයෙකු ටම ස්තුතියි. අපේ කොල්ලොන්ට හරියට වැඩ කරන්න දෙනවනම් මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න ඉක්මනටම ඉවරයි. ජයවේව මගේ රටට
ඒ කාලේ මත්ද්රව්යකාරයෝ දැන් අහු වෙනවා වගේ.
මේවා කොහොමද ලංකාවට ආවේ කියල හොයල බැලුවොත් හොදයි.
මේවා සොයාගත් මහත්වරුන් හා ඔවුන්ගේ දුදරුවන් සියලු දෙවිදේවතාවන් ආරක්ෂා කරත්වා. මේසැමට නිදුක් නිරෝගී සැපසම්පත් සියල්ල ලැබේවා.
අල්ලනවා, මාද්යට දානවා, ටිකදවසකින් විත්තිය සහ හෙරොයින් ටිකයි වාෂ්ප වෙනවා.. ජනතාව ගොනාට අන්දනවා සුපුරුදු පරිදි.. එච්චරයි .
හොඳක් වෙන්නේ නෑ කවුරු නමුත් මේ මත්කුඩු වැඩ කරන අයට!