(අජිත්ලාල් ශාන්තඋදයසහ අප්සරා යෝෂිත් විජේසුරිය)
සිංහරාජ වනාන්තරයේ වෙසෙන කෘමි සහ සමනල වර්ග ඇතුලූ ශාක මෙන්ම බීජවර්ග රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් පස් දෙනා මේ මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් ප‍්‍රියංකා ගුනවර්ණසූරිය මහත්මිය නියෝග කළාය.
එදිනට සැකකරුවන් කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.
ඊට අමතරව සැකකරුවන් නැවතී සිටි ලැගුම්හල් සෝදිසිකර සැකකරුවන් සන්තකයේ තිබූ සත්ත්ව හා ශාක කොටස් හෝ මෙම අපරාධය සම්බන්‍ධයෙන් වෙනත්දෑ තිබේ නම් සොයා බලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝදිසි වරෙන්තුවක් ද නිකුත් කළාය.
සැකකරුවන් සන්තකයේ සිටි පණ ඇති ජිවීන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් යළි සිංහරාජ වනාන්තරයට මුදාහරින ලෙස ද වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
සැකකරුවන් වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ කලවාන අඩවිවන නිලධාරී ලක්‍ෂමන් රත්නවීර මහතා පැවසුවේ මෙම සැකකරුවන් සන්තකයේ තිබූ සත්ත්ව කොටස් අතර මෙතෙක් හඳුනානොගත් සතෙකුගේ කොටසකුත් තිබූ බවයි.
එසේ හඳුනානොගත් ජීවීන්ගේ කොටස් දෙහිවල සත්ව උද්නයේ සත්ත්ව දෙපාර්තමේන්තුවට යවා වාර්තාවක් කැඳවන ලෙසද වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය නියම කළා ය. එසේම ප‍්‍රාණ නිරුද්ධ සත්ත්ව කොටස් සහ ශාක කොටස් නඩුභාණ්ඩ ලෙස ආරක්‍ෂා සහිතව තැබීමට පියවර ගන්නා ලෙසද නියම කළාය.
සැකකරුවන්ගෙන් මේවා එකතු කළේ ඇයිදැයි වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය විමසූ විට එක් සැකකරුවෙක් පැවසුවේ තමන් ලංකාවට පැමිණියේ මෙම සතුන් සහ ශාක එකතු කිරිමේ අරමුණු ඇතිව බවයි. සැකකරුවන්ගේ ගුවන් ගමන් බලපත‍්‍ර අධිකරණයේ භාරයට ගැණුනි.
මෙසේ රිමාන්ඩ්භාරයට පත් කෙරුනේ,ස්ලෝවැකියානු ජාතිකයන් වූ මිචාල් නචාර් (66) , එඞ්වර්ඞ් සෙකානස්කි (58) , මිචාල් රෙච්ටර් (39), ඉවාන් රෙච්ටර්, (54) ඩොස්ලාව් කොපෙකි (44) යන පස් දෙනායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ රක්ෂිත බන්ධනාගාරයක රැයක් පහන් කරනවා කියන්නේ සංසාරේ එපාවෙන වැඩක්. කරපු අසික්කිත වැඩේට මේ මිනිස්සුන්ට ඒ දඬුවමම ඇති.
මෙම සත්ත්ව සහ ශාක කොටස් සොරකම කලක සිටම සිදුවනවා. ජාන තාක්ෂණය මගින් වැඩි දියුණු කර ඖෂධ වශයෙන් වෙළඳ කටයුතු පේටන්ට් ඔවුන් ලබා ගන්නවා. මෙයටද රේගුව සහ වනජීවී කාරයින් වගකිව යුතුයි. රේගුව වාසිගන්න වැඩිපුරම බලන්නේ රටට ඇතුළුවන අයගේ බඩු මලු. විස්කි පෙන්නන්න බැහැ. එකක් හෝ ගන්නයි බලන්නේ.
පිටිගලය හරි.. මටත් ඒ දේ වෙලා තියෙනවා.
උදව් කරපු මේ රටේ මිනිස්සු ගැනත් හොයන්න...
අපේ රටින් වඳ වී යන ශාක හා සත්ව වර්ග වෙන රටකට හෝ ගෙන ගොස් වැඩි දියුණු කර රැකබලාගන්නවනම් නරකද එතකොට සඳහන්වෙයිනේ මෙහි ආරම්භක රට ලංකාව කියා.