(අජිත්ලාල් ශාන්තඋදයසහ අප්සරා යෝෂිත් විජේසුරිය)
සිංහරාජ වනාන්තරයේ වෙසෙන කෘමි සහ සමනල වර්ග ඇතුලූ ශාක මෙන්ම බීජවර්ග රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් පස් දෙනා මේ මස 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් ප‍්‍රියංකා ගුනවර්ණසූරිය මහත්මිය නියෝග කළාය.
එදිනට සැකකරුවන් කලවාන සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.
ඊට අමතරව සැකකරුවන් නැවතී සිටි ලැගුම්හල් සෝදිසිකර සැකකරුවන් සන්තකයේ තිබූ සත්ත්ව හා ශාක කොටස් හෝ මෙම අපරාධය සම්බන්‍ධයෙන් වෙනත්දෑ තිබේ නම් සොයා බලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෝදිසි වරෙන්තුවක් ද නිකුත් කළාය.
සැකකරුවන් සන්තකයේ සිටි පණ ඇති ජිවීන්ගේ ඡායාරූප ලබාගෙන ඔවුන් යළි සිංහරාජ වනාන්තරයට මුදාහරින ලෙස ද වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
සැකකරුවන් වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ කලවාන අඩවිවන නිලධාරී ලක්‍ෂමන් රත්නවීර මහතා පැවසුවේ මෙම සැකකරුවන් සන්තකයේ තිබූ සත්ත්ව කොටස් අතර මෙතෙක් හඳුනානොගත් සතෙකුගේ කොටසකුත් තිබූ බවයි.
එසේ හඳුනානොගත් ජීවීන්ගේ කොටස් දෙහිවල සත්ව උද්නයේ සත්ත්ව දෙපාර්තමේන්තුවට යවා වාර්තාවක් කැඳවන ලෙසද වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය නියම කළා ය. එසේම ප‍්‍රාණ නිරුද්ධ සත්ත්ව කොටස් සහ ශාක කොටස් නඩුභාණ්ඩ ලෙස ආරක්‍ෂා සහිතව තැබීමට පියවර ගන්නා ලෙසද නියම කළාය.
සැකකරුවන්ගෙන් මේවා එකතු කළේ ඇයිදැයි වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය විමසූ විට එක් සැකකරුවෙක් පැවසුවේ තමන් ලංකාවට පැමිණියේ මෙම සතුන් සහ ශාක එකතු කිරිමේ අරමුණු ඇතිව බවයි. සැකකරුවන්ගේ ගුවන් ගමන් බලපත‍්‍ර අධිකරණයේ භාරයට ගැණුනි.
මෙසේ රිමාන්ඩ්භාරයට පත් කෙරුනේ,ස්ලෝවැකියානු ජාතිකයන් වූ මිචාල් නචාර් (66) , එඞ්වර්ඞ් සෙකානස්කි (58) , මිචාල් රෙච්ටර් (39), ඉවාන් රෙච්ටර්, (54) ඩොස්ලාව් කොපෙකි (44) යන පස් දෙනායි.
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංහ රාජයෙන් කෘමීන්-සමනලුන් රැගෙන ගිය ස්ලෝවැකියානුවන්5 දෙනා රිමාන්ඩ්
sirimal Sunday, 03 February 2019 09:21 AM
අපේ රටේ රක්ෂිත බන්ධනාගාරයක රැයක් පහන් කරනවා කියන්නේ සංසාරේ එපාවෙන වැඩක්. කරපු අසික්කිත වැඩේට මේ මිනිස්සුන්ට ඒ දඬුවමම ඇති.
පිටිගල මිලානෝ Sunday, 03 February 2019 10:17 AM
මෙම සත්ත්ව සහ ශාක කොටස් සොරකම කලක සිටම සිදුවනවා. ජාන තාක්ෂණය මගින් වැඩි දියුණු කර ඖෂධ වශයෙන් වෙළඳ කටයුතු පේටන්ට් ඔවුන් ලබා ගන්නවා. මෙයටද රේගුව සහ වනජීවී කාරයින් වගකිව යුතුයි. රේගුව වාසිගන්න වැඩිපුරම බලන්නේ රටට ඇතුළුවන අයගේ බඩු මලු. විස්කි පෙන්නන්න බැහැ. එකක් හෝ ගන්නයි බලන්නේ.
Laksitha paris Sunday, 03 February 2019 11:00 AM
පිටිගලය හරි.. මටත් ඒ දේ වෙලා තියෙනවා.
Rasika Sunday, 03 February 2019 03:57 PM
උදව් කරපු මේ රටේ මිනිස්සු ගැනත් හොයන්න...
Samathasena A . Aluthgamage.Monday, 04 February 2019 03:28 AM
ඔබතුමාගේ අදහස හරි... අපේ රටේ සමහර අයට තියෙන මුදල් කෑදරකමට තමයි ඕනෑම දේකට උදව් දෙන්නේ... මෙම සතුන් ගෙනියන්න ඇත්තේ ජාන තාක්ෂණයෙන් මොනවා හරි ලොකු දෙයක් කරන්න වෙන්න ඇති.. අපේ රටේ සමහර මෝඩ කපටි දේශපාලකයන් මොනවා හෝ කොට බලය ලබාගන්න වෙර දරනවා. අපේ පරිසරය, ගහකොළ හා රට පිටරැටියන්ට මොන තරම් වටිනවාද කියා ඔවුන් දන්නේ නැහැ. කරුණාකර උගතුන්ට, විද්වතුන්ට පර්යේෂණ කොට කුසලතා දැක්වීමට හැකි පරිසරයක් ගොඩ නගන්න. අපගේ උගතුන් පාරේ පෙළපාලිවලින් මදක් ඔබ්බට ගොස් අපේ දේශීය සම්පත්වලින් රට පෝෂණය කරන්න. ඒ සඳහාත් අරගල කරන්න. ඒ තුළින් ලොව හා ජීවිතය දිනන්න....
dhamneth Monday, 04 February 2019 05:25 AM
අපේ රටින් වඳ වී යන ශාක හා සත්ව වර්ග වෙන රටකට හෝ ගෙන ගොස් වැඩි දියුණු කර රැකබලාගන්නවනම් නරකද එතකොට සඳහන්වෙයිනේ මෙහි ආරම්භක රට ලංකාව කියා.