
2026 වසරේ බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක එම්. ජෝන් හැරිසන් රචිත ‘ද එන්ඩ් ඔෆ් එව්රිතිං’ කෘතියට හිමිව තිබේ.
81 හැවිරිදි එම්. ජෝන් හැරිසන් රචිත මෙම කෘතිය, අබිරහස් ව්‍යසනයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය සමාජය බිඳවැටීමෙන් පසු ඇතිවන තත්ත්වය නිරූපණය කරයි. මෙය උපහාසාත්මක ඩිස්ටෝපියානු ප්‍රබන්ධයක් බව ද පැවැසෙයි.
එම්. ජෝන් හැරිසන් විද්‍යා ප්‍රබන්ධ, කල්පිත සහ පශ්චාත්-නූතනවාදී සාහිත්‍ය ක්ෂේත්රයන්හි දැවැන්ත සලකුණක් තැබූ සම්මානනීය ලේඛකයෙකි. 1945 දී එංගලන්තයේ උපත ලැබූ ඔහු, 1960 දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍ය විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්රයේ ඇති වූ නව රැල්ල සාහිත්‍ය චලනයත් සමඟ ප්‍රසිද්ධියට පත් විය.
සාම්ප්‍රදායික විද්‍යා ප්‍රබන්ධ හෝ කල්පිත කතා කලාවේ රාමු කඩා දමමින්, සංකීර්ණ මානසික මට්ටම්, දාර්ශනික තේමාවන් සහ ගැඹුරු භාෂා රටා භාවිත කිරීම ඔහුගේ ලේඛන ශෛලියේ විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd