
ඊශ්‍රායලය සමග එක් වී, ඉරානයට එරෙහි අනුගමනය කළ හමුදා ක්‍රියාමාර්ගය අවසන් යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීමත් සමග ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල තව දුරටත් පහළ ගියේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 93 ක් ලෙස පහළ වැටුණු බවත්, ඇමරිකානු ඩබ්ලිව්ටීඅයි බොරතෙල් මිල ඇමෙරිකන් 86 දක්වා පහළ වැටුණු බවත්ය.
ඊශ්‍රායලය සමග එක් වී, ඉරානයට එරෙහි අනුගමනය කළ හමුදා ක්‍රියාමාර්ගය අවසන් යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේ, ධවල මන්දිරයට ආ කටාර් අග්‍රාමාත්‍ය කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල් තානි සමග සාකච්ඡා කිරීමෙන් පසුවය.
පසුගිය 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) බලය අහිමි වීමත්, ට්‍රම්ප්ගේ බලතල සීමා විය.
මධ්‍යවාර මැතිවරණයේ දී තම රිපබ්ලිකන් පක්ෂයේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වූයේ ඇමෙරිකා ඉරාන යුද්ධය යැයි ය්රම්ප් ද පිළිගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd