
(එස්.ජි.උබේපාල)
අනුරාධපුර - පදවිශ්රීපුර මාර්ගයේ වැලිඔය ප්රදේශයේ දී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් හය දෙනකු පමණ මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පදවිශ්රීපුර සිට අනුරාධපුර දක්වා ධාවනය වූ බසයක් සහ අනුරාධපුර සිට වවුනියාව දක්වා ධාවනය වූ ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පදවිශ්රීපුර සිට අනුරාධපුර දක්වා ධාවනය වූ ලංගම බසටය පෞද්ගලික බසයට ඉස්සරකිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් ලංගම බසයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුව අවස්ථාවේ බස් රථ තුනේම 100කට අධික මගීන් ප්රමාණයක් ගමන් කර ඇතැයි දැනගන්නට ඇත.
මියගිය අය අතර ලංගම බස් රථ දෙකේ රියැදුරන් සිටින බවට තහවුරු නොවූ පුවත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd