(නිමන්ති රණසිංහ)
කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හොරායින් මත්ද්‍රව්‍ය සමඟ කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයකදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) අවසර ලබා දුන්නේය.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඊයේ ( 22) මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී කිලෝ 95 කට ආසන්න හෙරොයින් ප්‍රමාණයක් ඔවුන් සතුව තිබී සොයාගැනිණි.
ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් සහ විදේශිකයෝ තිදෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" දඬුවම් පමා ඇයි මේ ලොකු කුඩ්ඩන්ට " " දඬුවම තිබේ විකුණන පොඩි කුක්කන්ට " " රට දැය නසන උන් පෝරකේ නග්ගන්ට " " පමා නොවෙන් ජනපති රට රැකගන්ට "
ලාංකික ව්‍යාපාරිකයාගේ නම දාන්නේ නැත්තේ ඇයි?
හික්කඩුව පැත්තේ තියෙන සමහර හෝටල් වල කෙරෙන්නේ 'බීච් පාටි, නයිට් පාටි වැනි විවිධ තේමා යටතේ පාටි දමා එන අයට කුඩු විකිණීමයි.
නම් දාන්නේ කොහොමද? මේවා ඇමැතියන්ගේ කුඩු.. විශේෂ ආරක්ෂාව DIGලා ගෙන්... පොඩි එකෙක් පොල් ගෙඩියක් හොරකම් කළොත් හිරේ, මේ අය ඉන්නේ මාලිගාවල..