විදුලි බල මණ්ඩලයේ පාඩුව ලක්ෂ 16 යි - දඩය රුපියල් 10,000 යි
කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකුට රුපියල් 10,000ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් ලක්ෂ 16කට අධික පාඩුව ගෙවීමටද විත්තිකරුට අද (12) නියම කළාය.