( ප්‍රසන්න පත්මසිරි)
පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) අධිකරණයට ඉදිරිපත් වු බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා රුපියල්10000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ඉකුත් 10 වැනි දින සවස මන්ත්‍රිවරයාට ඉදිරියෙන් ධාවනය වු බව කියන ජිප් රථයක පැමිණි කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසිය මගින් ක්‍රියාත්මක කර තිබුණි.
අද (13) මන්ත්‍රීවරයා නීතීඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ දාන්නේ නැද්ද කෝ නීතිය?
මම කලින් මේ පිටුවේ සඳහන් කළා හිරුණිකා, විජයකලා වගේ මෙයාටත් ක්ෂණික ඇප ලැබෙනවා බව. මේ රටේ පුදුම නීති පද්ධතියක් තියන්නේ. තිස්ස අත්තනායකට එරෙහිව නඩුවේ මෛත්‍රීට සහ රනිල්ට පස් වතාවක් අධිකරණයෙන් නොතීසු නිකුත් කලත්, ඔවුන් අධිකරණයේ පැමින සිටියේ නැත. සාමාන්‍යයේන් එක් වතාවක් හෝ මෙහෙම අධිකරණයෙන් පැමිනී නොසිටියානම්, වරෙන්තු නිකුත් කරනවා. නමුත් මේ දෙදෙනාට අධිකරණය හරියට ක්‍රියාත්මක වුනේ නැහැ.
ගැහැව්වා.. හැංගුනා.. භාර වුනා.. ඇප ලැබුනා. සරලයි. හැබැයි දේශපාලුවන්ට පමනයි !
ඊළඟ සැරේ ඡන්ද නම් අනිවාර්‍රයෙන්ම ලැබෙයි. දත කට මැදගෙන ඉන්න, ජනතාවට සේවය කරන්න.
භාර වෙච්ච වෙලාවේ මම ලියුව අදහස පල වෙන්න ඉස්සර ඇප දීලා. අපිටනම් ඇපත් නැහැ.
යහපාලනය කොතරම් සුන්දරද ? මන්ත්‍රීතුමාව ලොකු සද්දයක් දාලා අත්අඩංගුවට ගත්තා. ඒ එක්කම අනෙත් පැත්තට නිදහස් කලා. සාමාන්‍ය අයෙක් ඔහොම පහර දුන්නනම් කොහොමද ? දියවන්නාවේ මිරිස් කුඩු පාර මතක් වුනා.
බණ්ඩාරවෙල දිස්ත්‍රික්කය කොයි පැත්තේද දන්නේ නෑ තියෙන්නේ
ඇත්තට බණ්ඩාරවෙල දිස්ත්‍රික්කය තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලේමද ?
රන්ජන් විනිසුරුවරුන් ගැන කියපු දේ මතක් උනා. ඒ මනුස්සයාගේ කටේ මසුරන් දාන්න ඕන. දවසින් දවස ඒ කතා ඇත්ත බව ඔප්පු වෙනවා.
රාජකාරියේ යෙදී සිටිය පොලිස් නිලධාරියෙකුට පහරදීම පමණක් නොව සුළුවෙන් හෝ තර්ජනය කිරීමක් වුවත් ඇප නොලැබීමට තරම් බරපතල වරදක් කියලයි සඳහන් වෙන්නේ . නිලය බලය වෙනුවෙන් නීතිය දෝලනය වෙනවානම් එය අභාග්‍යක්. ඔහු නියෝජනය කරන පක්ෂය මේ බරපතල ක්‍රියාවට ඔහුට විරුද්ධව සුදුසු පියවර ගත යුතුමයි ..
ජනාධිපතිතුමනි මොට කඩුව අතට ගමු....
නෙවි එකට ගැහුවා -කිසිම දඬුවමක් නැහැ පොලිසියට ගැහුවා - කිසිම දඬුවමක් නැහැ. ඊළඟට ගහන්නේ .. හැබැයි යහපාලානේ ,
නිර්මල - කදිම උපහාසාත්මක යතාර්ථවාදී අදහස.
අපිටත් බැරිද මෙහෙම කරන්න ගැහැව්වා.. හැංගුනා.. භාර වුනා.. ඇප ලැබුනා
දියවන්නාවේ තියෙන ලෝකේ ලොකුම හරක් ගාලෙන් මීට වඩා දෙයක් රටේ ජනතාවට බලාපොරොත්තු විය හැකිද?
බණ්ඩාරවෙල ජනතාව ආයේ මෝඩ වෙන්නේ නැහැ.
කොහොමද බණ්ඩාරවෙල සංවර්ධනේ?
ඌවේ ගම්පෙරළියද?