ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ් සමඟ සිටි පිරිසෙන් පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි පොලිස් ආරංච් මාර්ග පවසයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට පොලීසිය විසින් ඔවුන් සියලු දෙනා රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට තහවුරු වු පුද්ගලයින් 08 දෙනකු මෙලෙස නිදහස් කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
එසේම ඉදිරි දින දෙක ඇතුළතදී සියලුම පිරිස පරීක්ෂාවට ලක් කිරීම් අවසන් වනු ඇතැයිද රුධිර පරික්ෂාවේ කිසිදු වෙනසක් නොවේ නමි ඔවුන් නිදහස් වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නිදහස් කෙරුණු පිරිස අතර කාන්තාවන් කිහිප දෙනකු සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ කසිප්පු විකුණන මිනිහ කසිප්පු ගැහුවත් මුදලාලි කසිප්පු බොන්නේ නැහැ. ඒ වගේම කුඩු විකුණන මිනිහ කුඩු ගැහුවත් මුදලාලි කුඩු ගහන්නෙ නැහැ.
මදුෂ් ඇතුළු සියලුම දෙනාට නිදහස ලැබේවි
මදුෂ් නිදහස්වුනොත් ලංකාවට ගෙනැවිත් මහබැංකුව බාරදෙන්න. කාටද ආඩම්බර?
"මාකඳුරේ මදුෂ් මත්ද්‍රව්‍ය භාවිතාකර නොමැති බවත් ඔහු මත්පැන් පානය කර ඇති බවත් ඔහු සමඟ අත්අඩංගුවට පත් ඉම්රාන් නමැති පුද්ගලයාද මත් ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර නොමැති බවත්" ලේ සහ මුත්‍රා පරික්ෂා කිරීමේදී අනාවරණය වූ බව අන්තර්ජාල වාර්තාවල සඳහන් වේ. මේ හේතුවෙන් ඩුබායි රටේදී වෙනත් නීති විරෝධී ක්‍රියාවකට චෝදනා ලබා නැති ඔවුන් දෙදෙනාද හෙට, අනිද්දා නිදහස් වුවහොත් පුදුම නොවන්න.
මෙයාව මෙහෙ ගෙනාවොත් පාර්ලිමෙන්තුත් ගිහිල්ලා තමයි නවතින්නේ.
ඉදිරියේදී ලංකාවේ මැතිවරණ කීපයක්ම තියෙනවා. මදුෂ් නිදහස් වුණානම් ලංකාවේ ඔහුට හොඳ ඉල්ලුමක් තියේවි. සලකා බලමු...
මේ මොළ පිරිසිදු කරලා රටට වැඩක් ගනිමු. මොවුන්ට ලොකු දෙයක් කරන්න පුළුවන්....
මට පෙනෙන විදියට මේ මෙහෙයුම කරලා තියෙන්නේ මේ දැවැන්ත කුඩු බිස්නස්කාරයා නිර්දෝෂීව ලංකාවට නිරුපද්‍රිතව ගෙනඒමේ කූට උපක්‍රමයක් විදියටයි...
මොනවද මේ බයිලා? ඔවුන් සේරම නිදහස් වෙනවා. මදුෂ් ලංකාවට නිරුපද්‍රිතව ඇවිත් ජනපති පුටුවටත් තරඟ කරනවා. මේක ලංකාව බව දන්නේ නැද්ද? උදයංග ගෙන්න පුළුවන් වුණාද? ජාලිය වික්‍රමසූරිය වගේ කෙනෙක් ගෙනාවද? හැබෑටම මොනවද මේ බයිලා?
මධුෂ්ගේ මූණ හරියටම අර නාමල් කුමාර කියන පොලිස් ඔත්තු කරුවාගේ මූණ වගේමයි. දෙන්නගෙන් කාගෙ හරි අම්ම හරි තාත්ත හරි අනිත් ෙකනාගේ දෙමව්පියන්ගේ ගෙදර වැඩට ගිහින් තියෙනවා ෂුවර් එකටම... ඒකනෙ නාමල් කුමාර අලුගෝසුවා වෙන්න හදන්නේ...
මධූෂ් අයියා අපි ඔබ සමගයි...
එතකොට හොර පාස්පෝර්ට් හදාගෙන ගියපුවා ඒ රටට අදාලම නැත්ද? වෙන රටක ට අවශ්‍ය මහා මිනීමරුවෙක් කියන එකවත් ඩුබායි පොලිසියට අදාල නැත්ද?
ඉතුරු ටිකදෙනාත් නිදහස් වෙයි. නැතිනම් ලංකාවට එවයි. මොකද ලංකාවේදී ඔය කිව්වට එල්ලන්න දෙන්නේ නැහැනේ අර යුරෝපිය ප්‍රජාව කියන කට්ටිය. සමහරවිට යුරෝපිය ප්‍රජාව ඔය තරම් ඉක්මන් වුනේ එයාලා එක්කල ගනුදෙනු කරන කෙනෙකුගේ ඉල්ලීමටද කවුද දන්නේ? එ් ගොල්ලන්ටත් වෙලා තියෙන්නේ උණු හින්ද බොන්නත් බැහැ, කිරි හින්දා විසිකරන්නත් බැහැ වගේ වැඩක් වෙන්න ඇති. නමුත් මේ වතාවේ නම් කට පිච්චුනාවේ කියල ඉන්නවා වගේ?
ඔබ නාටකේ වෙනසක් කළා.. මේකත් මේ රටේ අනිකුත් නාටක වගේ කස්ටිය කලින්ම පිටපත ලියලා නිෂ්පාදනය කරලා රඟ දක්වන එකක්... අර පහුගියකාලේ තිබුන සෛටම් දොස්තරට පහර දීම, ජනපති ඝාතන තැත, මොඩලයේ ඒවා ඒ නිසා කව්රුත් මෝඩ චූන් ගන්න එපා අන්තිමට නටපු "ඩෙවල් ඩාන්ස් එකකුත් නැහැ ඩ්‍රම් එකේ සයිඩ් එකකුත් නැහැ " හි...හි...
අයියෝ ඕක මොනවද ලෝක අපරාද කාරයින්ගේ පාරාදීසයක් තමා ඩුබායි කියන්නේ. ඔය අත්අඩංගුවට ගත්ත කතාව තවත් එක ටෙලිනාට්‍යක් විතරයි.