IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නීතී විරෝධීව රටින් පනින්න ගිය 22 ක් අත්අඩංගුවට

නීතී විරෝධී අයුරින් විදේශ ගත වීමට සූදානම්ව සිටි පුද්ගලයින්  22 දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 සියඔලාණ්ඩුව සහ  තිස්සමහාරාම ප්‍රදේශයන්හිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

රියුනියන් දූපත  බලා  මුහුදු මාර්ගයෙන්  පිටත්වීමට සුදානමින්  සිටි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අතර  කාන්තාවන් තිදෙනකු හා ළමුන් සිව් දෙනකුද සිටින  බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙය මෙහෙය වු බව කියන පුද්ගලයින් දෙදෙනකු සිටින  බවද පොලීසිය පවසයි.  

පොලිස්  විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මොවුන් නිතී විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් විදෙස් ගත වීමට සුදානමින් සිටින බවට ලැබුණු තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.

 

(36698)

 



අදහස් (11)

නීතී විරෝධීව රටින් පනින්න ගිය 22 ක් අත්අඩංගුවට

mohan Thursday, 14 February 2019 09:59 AM

මේ රටෙන් යන්න පුළුවන් අයට යන්න දෙන්න, තව ඉස්සරහට අපිත් බෝට්ටුවෙන් යන්න වෙන්නේ. මේ රට අපායක් වෙලා ඉවරනේ දැන්.

:       0       342

asanka Thursday, 14 February 2019 10:15 AM

රටේ දේශපාලකයෝ රට උලා කාලා ඉවර නිසා, කරුණාකර රටින් පිටවෙන්ට ඉන්න අයට හැකිතාක් ඉක්මනින් රටින් පිටවන්නට ඉඩ දෙන්න.

:       0       262

amila Thursday, 14 February 2019 11:05 AM

පුළුවන් අයට උමගක් හාරගෙන හරි යන්න දෙන්න. මේ රට ඉවරයි.

:       0       21

mahesh Thursday, 14 February 2019 11:10 AM

මෙහෙම යන අයට පුලුවන් නම් උදව් කරන්න. රටින් පිට වෙන්න බොරුවට ඒ අහිංසක මිනිස්සු අල්ලලා මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතුව.. රටේ පාලකයින් හොඳ නම් මිනිස්සු රටෙන් යන්න හදන්නේ නැහැ...!!!

:       0       106

Amila Thursday, 14 February 2019 11:15 AM

මේ වගේ රටවල් දාලා යන තරමටම හොඳයි. ලස්සන සම්පත් තියෙන රටක් අපේ අමන පාලකයෝ 70වසරක් තිස්සේ විනාශ කළා...

:       0       119

kule Thursday, 14 February 2019 11:48 AM

නීතිවිරෝධීව පිටරට යන්න හිටපු අයගේ නෑදෑයෝ හිතවත්තු ඒ රටවල ඉන්න පුළුවන් එකයි, මේ අය මෙවැනි අන්තරාදායක ගමනකට විශාල ලෙස මුදල්ගෙවා හරි යන්නේ.... කෙසේ හෝ ඒ රටවල් වලට ඇතුළු වුණාට පස්සේ ඒ රටවල්වල ආණ්ඩුවලින් පසුකාලීනව රැකියා කිරීම සඳහා නැවතී සිටීමේ සහතිකයද නිකුත්කරනවා. නමුත් එයට මුදලක්ද රැකියාව කරනකොට බද්දක්ද අයකරනවා. ඒ රටවල් වලත් තියෙන ආර්ථික ප්‍රශ්න නිසා අප්‍රිකාවෙන් මුහුදු මාර්ගයෙන් ඉතාලිය හරහා යුරෝපයට ආපු එක්කෙනෙක්වත් නැවත ආපසු හරවා ඇරියේ නෑ... මේ ගෝලීය, ආර්ථික ප්‍රශ්න හමුවේ අසරණ වූ ලෝක ජනතාවගේ එක පැත්තක් පමණයි..

:       0       4

Nihal Thursday, 14 February 2019 05:00 PM

මට නම් අපේ ලංකාව ජීවත් වෙන්න සුදුසු රටක්. එකම ප්‍රශ්නේ අපිරිසිදුකම. රේල් පාර දෙපැත්ත අපායක්, කුණු ගොඩවල් නිමක් නැත. මුහදු වෙරල මෙලොව අපාය ගොඩ බිම ඛාදනය වෙනවට දාලා තියෙන විශාල ගල් තුල බෝතල්, ප්ලාස්ටික් බෝතල් පොලිතින් ගල් උඩ මල පහ පුදුමාකාර දුගදක්. තිරිසන් සතෙක් වන බළලෙක් දිහා ගැනවත් හිතල හැදෙන්නේ නැති නිසා සැලකිය යුතු නීති පැනවිය යුතුයි .ජපානය ,සිංගප්පුරුව හදා ගත්තේ එහෙමයි

:       0       5

sandy123Friday, 15 February 2019 03:37 AM

කොහොමද මහත්තයෝ නීති පනවලා ක්‍රියාත්මක කරන්නේ. අපේ මහා උන්දැම නීති කඩනකොට? නීති පිළිපදින්න කෙසේ වෙතත් කඩන්න නම් ආදර්ශමත් වෙලා ඉන්නේ.

:       0       0

BamunuarachchiTuesday, 19 February 2019 06:56 PM

රට පිරිසිදුවට තිබිලා වැඩක් තිබෙනවාද මිනිසුන්ට ජීවත් වීමට තරම් ආදායමක් නොමැතිනම්, බෙහෙත් ටික ගන්න මුදල් නැතිනම්. ජීවිත කාලයටම එකම බෙහෙත ගත යුතු මිනිසුන් ෆාමසියට ඇවිත් බෙහෙත් ගන්නේ දින කීපයකට. බොහෝ අය කන්නේ දවසට වේල් දෙකයි. එහෙව් රටක මිනිසුන් ඉන්න කැමති නැත. රැකියා අවස්ථා නැහැ ඔවායි මිනිසුන්ට තිබෙන ජීවත් වීමේ ප්‍රශ්න. ඔබට මෙරට ජීවත් වීමට සුදුසු උනාට සමහර රටවලින් සංචාරය සඳහාවත් මෙරටට එන්න කැමති නැත. අපිත් හැකි ඉක්මනින් දරුවන් රටින් පිට කිරීමට සූදානම් කර තිබේ. මුදල් ගෙවා අධ්‍යාපන ලබා තිබෙන නිසා මෙරටට ණය නැත.

:       0       0

Nihal Thursday, 14 February 2019 05:03 PM

රටක් පිරිසිදුවට ලස්සනට තියෙන විට කිසි කෙනෙක් රට දාලා යන්නේ නැ

:       1       2

de silva berlin Thursday, 14 February 2019 06:36 PM

මොවුන් ජීවිතය පරදුවට තබල මේ රටින් පැනල යන හේතුව ගැන කිසිම කෙනෙක් හොයන්නේ නැද්ද ?

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site