(ටී.කේ.ජී.කපිල )
ප්‍රංශයට අයත් යටත් විජිතයක් වන " රියුනියන් දූපතට " නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (14) දින සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබුණි.
මෙම රියුනියන් දූපත, අප්‍රිකානු මහාද්වීපයේ, මැඩගස්කර් දූපත ආසන්නයේ පිහිටා තිබේ.
මෙම පිරිස මුහුදු මගින් එම දූපත වෙත ගොස්, එරටට ඇතුළු වී සිටියදී, ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙසේ පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා තිබුණි.
මෙම පිරිස ප්‍රංශයට අයත් බෝයිං - 737 - 800 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද (14) දින පස්වරු 2.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මෙම පිරිස අතර පුරුෂයන් 54 ක්, කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක් ද සිටින අතර ඔවුහු යාපනය, මීගමුව සහ හලාවත ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම පිරිස සමග මෙම ගුවන් යානය තුළ ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් 70 දෙනෙකු ද පැමිණ තිබූ අතර, මෙම ගුවන් යානය පස්වරු 4.30 ට පමණ ආපසු පිටත්ව ගොස් තිබුණි.
මෙසේ පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒම ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ අතර, කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පළමුව භාර දී තිබේ .
ඉන්පසු වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි.
ප්‍රංශ දුපතකට කෙසේ වෙතත් ප්‍රංශයට ගියත් කිසිම වගතුවක් වෙන්නේ නැහැ. හම්බකරන්න අමාරුයි. පෙන්නේ නැද්ද ප්‍රන්සෙ ඉඳලා කලාතුරකින් ලංකාවට එන අය. කයිවාරුව විතරයි අතේ සතේ නැහැ.
ඒ මිනිස්සු හරියට නීතිය ක්‍රියාත්මක කරනවා වගේ. ඉතාලිය කොහොමද? හම්බ කරන්න පුලුවන්ද?
ඉස්සර නම් ඉතාලියේ ඉඳලා ලංකාවට එන කොට අතේ හොඳට සල්ලි තිබුණා. ඒත් දැන් එන අය අතේ සතේ නැහැ කියලනේ කියන්නේ. පිටිගල මිලානෝලා පය තියන තැනට වගතුවක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ...
දැන් ඇයි ඉතින් ආයෙත් රහස් ඔත්තු සොයන්නේ මේ ටික ගෙවල් වලට යන්න අරිනවා මිසක්? කට්ටිය කොහොම හරි ප්‍රන්සේට ගියානම් අයෙත් එන දවසට ලංකාවට සංචාරකයෝ වැඩි වැඩියෙන් එනවා, විදේශ විනිමය වැඩි වැඩියෙන් ලැබෙනවා, කියල ඉහලින් පිළිගනියි. ඒ මදිවට ඉස්සරහට ලැබෙන අදායම ගණන් හදල තීරුබදු රහිත වාහනත් ගෙන්න ගනියි. මේ සකලසිරින්පිරි සිරිලංකාවේ අර හරක් 225 එකතුවෙලා තව කල් යන්න කලින් මුළු රටම බංකොලොත් කරනවා. අනාගතය ගැන බලල වැඩකරන්න. අපි නුඹලා වගේම එංගලන්තේ සහ යුරෝපයේ ආණ්ඩුවලින් තැලී මිරිකී උන්නු උන් දිවි පරදුවට තියල මුහුදු තරණය කරලා ගිහින් තමයි ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නේ. රුපියල් තුනකින් තෙල් මිල අඩුකරලා මහා සංවර්ධනයක් කලා වගේ පෙන්නන අය එක්කල ඉඳල කවදාවත් පොඩිඋන්ට ගෙයක් දොරක් හදාගන්න ලැබෙන්නේ නැහැ.
ප්‍රංශයේ ඉතාලියේ නෙවෙයි කොහේ සිට ආවත් ලංකාවේ ඉන්න නෑදෑයන්ගේ කන්කෙන්දිරිල්ලේ කෙළවරක් නැහැ. සමහරු අතේ තියන සල්ලි නිස්කාරනේ බොරු සෝබනේට වියදම් කරලා පිටරට ඉන්න අපිට ටෙලිෆෝන් කරනවා අතේ සතේ නැහැ කියලා. අපේ නෑදෑයන් බලන් ඉන්නවා අපි මැරෙනකන් ලංකාවේ දේපල වලට වග කියන්න. මගේ යාලුවෙකුට ලංකාවේ ඉන්න එයාගේ නංගි කියනවාලු දුවගේ දැවද්දට ඉඩමක් ගන්න සල්ලි එවන්න කියලා මාමාගෙන් මගුල් තෑග්ගක් විදියට. තව කෙනෙකු වයසක තාත්තට බෙහෙත් ගන්න එවපු සල්ලි අක්කගේ මනුස්සයා යටිමඩි ගහගෙන. රට යනවා වගේ නෙවෙයි. එහෙදි එල්ලිලා මැරෙන්න මිනිස්සුන්ට හිතෙන්නේ ලංකාවේ කුණු ප්‍රශ්න වලට !
ඔක්කොම එකතුවෙල පාර්ලිමේන්තුවෙ ඉන්න ඕලෙවල්වත් පාස් නැති කට්ටිය වෙනස් කරන්න... එතකොට කොහෙවත් බෝට්ටුවෙන් යන්න ඔනි නෑ..
ඔය කොයි රටකටත් වඩා හොදයි ඇමරිකාව .
සමන්ත, ඇමරිකාවේ ස්ටේටන් අයිලන්ඩ්වල චාටර් ලාංකිකයෝ දැක්කම මටම දුක හිතුණා. හැබැයි බේබදුකම නම් ජයටම තියනවා.
අනන්ත දුක් විඳගෙන ජීවිතය පරදුවට තබා මුහුදෙන් ගිහින්, සුව පහසු අන්දමට කෑමබීම සහිතව ආපසු ගුවනින් මව්බිමට ලඟා උන මේ පිරිස ඇත්තෙන්ම පින් කරලා තිබේ ! දැන් ඔවුන් කියාවි "අපි පොඩි නිවාඩුවකට" ප්‍රාන්ස් ගිහින් ආවා කියලා...! මේ "සංචාරකයන්" ආපසු ශ්‍රී ලංකාවට ගෙන ඒමට චාටර් කරගත් "එයා ෆ්‍රාන්ස්" ගුවන් යානයේ පිරිවැය ගෙවන්න වෙන්නෙත් රටේ අසරණ බදු ගෙවන්නන්ට නේද?
බය වෙන්න එපා නන්දලාල්. පිටුවහල් කලේ අපේ රටේ ආණ්ඩුවෙන් නෙමෙයි. ඒ රටේ ආණ්ඩුවෙන්. ඒ පිරිවැය ගෙවන්නේ එරටේ අසරණ බදු ගෙවන්නෝ මිසක් අපේ රටේ අසරණ බදු ගෙවන්නෝ නෙමෙයි. ඒ නිසා දුක් නොවී ඉන්න. ගුවන් යානයෙන් යද්දී ගුවන් තොටුපොලේදී අහු උනොත් තමයි රැගෙන ගිය ගුවන්සේවය ඔවුන් ආපසු ගෙනෙන්න පිරිවැය දරන්න වෙන්නේ. ඒ නිසා පනින්න හිතාගෙන යනවනම් අපේ ගුවන් සේවයෙන් නම් යන්න එපා. එතකොට ඒ ආපසු එවන පිරිවැය වැටෙන්නේ අපටමයි. එක නිසා වීකල්ප ක්‍රමයක් යොදාගෙන පනින්න පුළුවන් නම් පනින්න. ඒ ගිහින් හම්බ කරන මුදලින් කියක් හරි අපේ ලංකාවටත් එවන්න තමන්ගේ නෑ හිතවතුන්ටත් සතුටින් ඉන්න, ඒ වගේම රටටත් සෙතක් වෙන්න.
රියුනියන් යන්න ඇත්තේ දෙමළ අය තමයි. මොකද රියුනියන් වල වැඩි හරියක් ඉන්නේ දෙමළ අය.. නමින් විතරක් දෙමළ.. නමුත් දෙමළ බස කතා කරන්න දන්නේ නෑ.. ප්‍රංශ විතරයි කතා කරන්න දන්නේ.. අප්‍රිකානු මහද්වීපයට අයත් වුනත් ප්‍රංශයේ ප්‍රාන්තයක් විදිහට තමයි පාලනය වෙන්නේ.. ගිය අය හිතන්න ඇති. රියුනියන් ගිහිල්ලා ප්‍රංශ ගුවන් බලපත්‍රය ගන්න.. මොකද රට රියුනියන් වුණත් ඔවුන් ප්‍රංශ ජාතිකයන්... හැටියට තමයි හඳුන්වන්නේ..