ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස ඩුබායි හි අල් රෆා පොලිසියට ගෙනැවිත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග කියයි
එම පිරිසේ රුධිර සාම්පල ගෙන විමර්ශනයට යොමු කර ඇතැයි ද, එම වාර්තා මෙතෙක් ලැබී නැතැයි ද දැනගන්නට ඇත.
රුධිර වර්තාවල තහනම් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වුවහොත් එරට නීතිය අනුව කටයුතු කරනු ඇතැයි පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.
අඩුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ද දැනගන්නට තිබේ.
(36698)

(මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිස් සිර මැදිරියක රඳවා සිටින අයුරු යැයි පැවසෙන ඡායාරූපයකි.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දැනගන්න ඕන මේ පාතාලයින්ව එල්ලා මරණ දවස පමණයි.
රියලිටි වැඩසටහන් වල දුප්පත් ගම් වලින් ආපු තරග කරුවන්ව අලි උජාරුවෙන් පාගල දාන තාත්තගේ සීයාගේ සින්දු කියල ජනප්‍රිය උනු ගායකයෝ කියාගන්නා අයටත් බබා පාර්ට් වලට හරියන්න නීතිය ඉටුවේවි.
එරට නිතිය අනුව කටයුතු කරන එක ගොඩක් හොදයි මොකද ලංකාවෙ නිතියක් ක්‍රියාත්මක නොවන නිසා
සුලෝචනා ඇයි මෙච්චර හදිස්සි
අපි බලාගෙන ඉන්නේ මේ රට සහ තරුණ පරපුර විනාස කරපු අය එල්ලා මරනකම්...සැනසුම් සුසුම් හෙලන්න........ ජනාධිපති තුමා අවංකවම උත්සහ කරන බව පේනවා.......
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාගේ නමින් සමාජ ජලාවල පලවී ඇති සටහනක ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින මාකඳුරේ මදූෂ් නිදහස් වීමට හොඳටම ඉඩ ඇති බව දක්වා තිබෙනවා. එම සටහනේ දක්වා ඇත්තේ "ඩුබායි පොලිසිය මඟින් සිදුකළ රුධිර පරීක්ෂණයෙන් පසුව මාකඳුරේ මදුෂ් මත්පැන් පානය කර ඇති බවත් කිසිදු මත් ද්‍රව්‍යයක් භාවිතා කර නැති බවත් අනාවරණය වී තිබෙන බවද ඒ නිසා ඩුබායිහි අපරාධයක් සදහා ඔහු චෝදනා ලබා නැති බැවින් මදූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් නිදහස් වීමේ අවදානමක් මතුව තිබෙන" බවය. එමෙන්ම එම සටහනේ තවදුරටත් දක්වා ඇත්තේ එම සාදයට සහභාගීවූ ඉම්රාන් නැමැත්තා කිසිම දෙයක් භාවිතා කර නොමැති අතර සමහර දෙනා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බව පරීක්ෂණවලින් තහවුරු වූ බවය. මෙම සටහනේ සාවධ්‍ය භාවය පිළිබඳව කිසිවෙකුටත් සහතික විය හැකි නොවන බවද කිව යුතුය.
මොවුන්ට කිසිවක් සිදු නොවේ.
හොඳ ප්‍රවෘත්තියක්. මොකක් වුනත් ඉක්මනින්ම වෙනවනම් බොහොම හොඳයි.
එල්ලන්න නැත්නම් ගල් ගසන දඬුවමත් හොඳයි..!
රටට වින කරන කුඩු බෙදාහරින්නන් එල්ලා මැරිය යුතුමය
මොවුන් අත්අඩංගුවට පත් වුණු අවස්ථාවේ මත්කුඩු තොගයකුත් අත්අඩංගුවට ගත්ත යයි වාර්තා කර තුබුණ නේද? මත්කුඩු භාවිතා නොකර, ළඟ තබා ගැනීමේ වරදක් නැද්ද?
මුන්ට එහෙදි හෝ මෙහෙදී හෝ දඩුවම් දෙන්න බැරි නම් පාලකයන්ගෙන් අපිට කිසිම වැඩක් නැත. එසේනම් කල යුතු දෙය නම් මේ තුන්දෙනාට ලබන ඡන්දෙදි දඩුවම් දීම . මොකද මම මගේ රටට ගොඩක් ආදරේ නිසා. (අපිට මදුෂ්ට දඩුවම් කිරීමට විදියක් නැත)
මදුෂ්ට එහෙත් හොඳ හොඳ හිතවත්කම් නැ කියලා හිතන්න අමරුයි, ඩුබායිවල ඉන්නෙත් මිනිස්සු , සල්ලි වලට කොහෙත් මිනිස්සු ඉන්නවා, ඩුබායි කියන්නේ දිව්‍ය ලෝකයවත්, අපායවත් නෙමෙයි, මදුෂ් ඇල්ලුවා ,දැන් කුඩු ඉවරයි කියලා හිතන්නත් බැහැ, කලින් වෙලේ සුදා අල්ලපු වෙලාවෙත් අපි හිතුවේ එහෙමනේ
මෙයාලව එහේ තියාගෙනම දඩුවම් දුන්නොත්නම් හොදයි එහෙම නැතුව ලංකාවට ගෙන්නුවොත්නම් අපේ දේශපාලකයෝ මෙයාලාව කොහොමහරි බේරාගන්නවා.
අපි නම් බලාපොරොත්තු වන්නෙ මෙවැනි අය වරදින් මුදවා යහමගට ගැනීමයි. අද අපරාධ වැඩිවෙන්න අපරාධකරුවන් වැඩිවීම නිසා නොවෙයි. අපරාධකරන්නවුන් ඉන් මුදවා ගත හැකි කාරුණික සේම නුවණැති මිනිසුන් අඩු වීම නිසාය. බුදුරජාණන් වහන්සේ අදටත් වැඩ සිටියානම් අපට අංගුලිමාල පිරිත වගේ තවත් පිරිත් එකතුවෙන්න තිබුණා.
මත් ද්‍රව්‍ය විකුණන අය මත් ද්‍රව්‍ය පාවිච්චි නොකරනවා යයි කියන කතාව මොකක්ද ඇත්තටම .
අපට හැගෙන්නේ ඩුබායි රට ලෝකයේ සිටින විවිධ අපරාධකරුවන්ට රැකවරණය දෙන රටක් ලෙසය. මෙතෙක් කල් මාකදුරේ මධූෂ් ඇතුලු දරුණු අපරාධකරුවන් එරට සිටිමින් තම අපරාධ ක්‍රියාත්මක කරවීම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවීම, දරුණු අපරාධකාරී ගෝලයන් සහ හිතවතුන්ට රැකවරණය සලසා දීම, යන කාරණා දෙස බැලීමේදී ඩුබායි රට අපරාධකරුවන් හොද වාස භූමියකි. හොද තිත් පොලකි. මෙම මෙහෙයුම ද මෙරට ලංකාවේ ආරක්ෂක අංශ බුද්ධි තොරතුරු මෙහෙයුම් මත ක්‍රියා කර ඩුබායි පොලිසිය ක්‍රියාත්මක වූවා මිස ඩුබායි පොලිසියේ සම්පූර්ණ වුවමනාවට ක්‍රියාත්මක වූවා නොවේ. ඩුබායි පොලිසියට අපරාධ කරුවන් මැඩලීමට වුවමනාවක් තිබේ නම් මෙතෙක් කල් මෙම අපරාධකරුවන් නිදැල්ලේ තම ජාවාරම් කර ගෙන ගියේ කෙසේද? එරට සැගවී සිටින වෙනත් රටවල අපරාධකරුවන් ගැන අප දන්නේ නැත. මේ සිදුවීම් දෙස බලන විට අප සිතෙන්නේ විවිධ රටවල අපරාධකරුවන්ගේ නවාතැන් පොලක් බවය. තවමත් කොටසක් එළියේ එරට ක්‍රියාකාරිකයි. ඩුබායි රට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුම් ,සහ අපරාධකරුවන්ට රැකවරණය සලසන තිත් පොලක් නොවන්නේ ද?
තත්වය පරික්ෂා කර බලා කිසියම් දෙයක් සියල්ලන්ටම කරන්න.
ඔතන හිටපු අනික් අයගේ නම් කියන්නේ නෑ.... රාජ්‍යතාන්ත්‍රික ගමන්බලපත්‍රය තිබ්බේ කාටද කියලා. ඒයාගේ නම දන්නේ නෑ. අනික් ඔක්කොම දන්නවා. දේශපාලනයට යටවෙලා ඉන්නේ..
දුකයි නේ ?