IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මධූෂ් ඇතුළු පිරිස අල් රෆා පොලිසියට

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස ඩුබායි හි අල් රෆා පොලිසියට ගෙනැවිත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග කියයි

එම පිරිසේ රුධිර සාම්පල ගෙන විමර්ශනයට යොමු කර ඇතැයි ද, එම වාර්තා මෙතෙක් ලැබී නැතැයි ද දැනගන්නට ඇත.

රුධිර වර්තාවල තහනම් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වුවහොත් එරට නීතිය අනුව කටයුතු කරනු ඇතැයි පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

අඩුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ද දැනගන්නට තිබේ.

(36698)

(මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිස් සිර මැදිරියක රඳවා සිටින අයුරු යැයි පැවසෙන ඡායාරූපයකි.)  



අදහස් (24)

මධූෂ් ඇතුළු පිරිස අල් රෆා පොලිසියට

සුලෝචන Thursday, 07 February 2019 08:15 AM

අපිට දැනගන්න ඕන මේ පාතාලයින්ව එල්ලා මරණ දවස පමණයි.

:       67       732

Nuwan Thursday, 07 February 2019 08:56 AM

රියලිටි වැඩසටහන් වල දුප්පත් ගම් වලින් ආපු තරග කරුවන්ව අලි උජාරුවෙන් පාගල දාන තාත්තගේ සීයාගේ සින්දු කියල ජනප්‍රිය උනු ගායකයෝ කියාගන්නා අයටත් බබා පාර්ට් වලට හරියන්න නීතිය ඉටුවේවි.

:       5       440

මංජුල බිරැට් Thursday, 07 February 2019 08:59 AM

එරට නිතිය අනුව කටයුතු කරන එක ගොඩක් හොදයි මොකද ලංකාවෙ නිතියක් ක්‍රියාත්මක නොවන නිසා

:       1       350

RANA Thursday, 07 February 2019 09:03 AM

සුලෝචනා ඇයි මෙච්චර හදිස්සි

:       246       41

yaha Thursday, 07 February 2019 09:31 AM

අපි බලාගෙන ඉන්නේ මේ රට සහ තරුණ පරපුර විනාස කරපු අය එල්ලා මරනකම්...සැනසුම් සුසුම් හෙලන්න........ ජනාධිපති තුමා අවංකවම උත්සහ කරන බව පේනවා.......

:       56       589

sirimal Thursday, 07 February 2019 09:44 AM

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාගේ නමින් සමාජ ජලාවල පලවී ඇති සටහනක ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින මාකඳුරේ මදූෂ් නිදහස් වීමට හොඳටම ඉඩ ඇති බව දක්වා තිබෙනවා. එම සටහනේ දක්වා ඇත්තේ "ඩුබායි පොලිසිය මඟින් සිදුකළ රුධිර පරීක්ෂණයෙන් පසුව මාකඳුරේ මදුෂ් මත්පැන් පානය කර ඇති බවත් කිසිදු මත් ද්‍රව්‍යයක් භාවිතා කර නැති බවත් අනාවරණය වී තිබෙන බවද ඒ නිසා ඩුබායිහි අපරාධයක් සදහා ඔහු චෝදනා ලබා නැති බැවින් මදූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් නිදහස් වීමේ අවදානමක් මතුව තිබෙන" බවය. එමෙන්ම එම සටහනේ තවදුරටත් දක්වා ඇත්තේ එම සාදයට සහභාගීවූ ඉම්රාන් නැමැත්තා කිසිම දෙයක් භාවිතා කර නොමැති අතර සමහර දෙනා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බව පරීක්ෂණවලින් තහවුරු වූ බවය. මෙම සටහනේ සාවධ්‍ය භාවය පිළිබඳව කිසිවෙකුටත් සහතික විය හැකි නොවන බවද කිව යුතුය.

:       2       99

sampath pathiranaThursday, 07 February 2019 10:48 AM

දැන් එතකොට මදුෂ් ලග ව්‍යාජ පාස් පොර්ට් තිබුන එක ඒ රටේ හැටියට වරදක් නෙමයි ද ?

:       0       223

kumaraThursday, 07 February 2019 06:15 PM

නොදන්නා දේවල් කියන්න එපා සිරිමල්. පාටි එක සංවිධානය කලේ මදුෂ් නම් එයා කුඩු ගැහුවේ නෑ කියලා බේරෙන්න පුලුවන්ද.. අනික හැමෝම ගියේ ඔහුව අත්අඩංගුවට ගන්නයි. ලග තියන කුඩු අල්ලන්නයි, එතකොට මේ පාටියට කුඩු ආවේ අහසින්ද. මදුෂ් තමයි මෙතන ප්‍රධානියා .

:       0       57

Asoka Australiya Thursday, 07 February 2019 10:06 AM

මොවුන්ට කිසිවක් සිදු නොවේ.

:       1       28

smn Thursday, 07 February 2019 10:12 AM

හොඳ ප්‍රවෘත්තියක්. මොකක් වුනත් ඉක්මනින්ම වෙනවනම් බොහොම හොඳයි.

:       0       101

පිටිගල මිලානෝ Thursday, 07 February 2019 10:23 AM

එල්ලන්න නැත්නම් ගල් ගසන දඬුවමත් හොඳයි..!

:       8       300

ලේක්කෝ ගලබඩ Thursday, 07 February 2019 10:40 AM

රටට වින කරන කුඩු බෙදාහරින්නන් එල්ලා මැරිය යුතුමය

:       0       117

saman Thursday, 07 February 2019 10:56 AM

මොවුන් අත්අඩංගුවට පත් වුණු අවස්ථාවේ මත්කුඩු තොගයකුත් අත්අඩංගුවට ගත්ත යයි වාර්තා කර තුබුණ නේද? මත්කුඩු භාවිතා නොකර, ළඟ තබා ගැනීමේ වරදක් නැද්ද?

:       0       158

de Thursday, 07 February 2019 11:03 AM

මුන්ට එහෙදි හෝ මෙහෙදී හෝ දඩුවම් දෙන්න බැරි නම් පාලකයන්ගෙන් අපිට කිසිම වැඩක් නැත. එසේනම් කල යුතු දෙය නම් මේ තුන්දෙනාට ලබන ඡන්දෙදි දඩුවම් දීම . මොකද මම මගේ රටට ගොඩක් ආදරේ නිසා. (අපිට මදුෂ්ට දඩුවම් කිරීමට විදියක් නැත)

:       0       2

sam Thursday, 07 February 2019 12:46 PM

මදුෂ්ට එහෙත් හොඳ හොඳ හිතවත්කම් නැ කියලා හිතන්න අමරුයි, ඩුබායිවල ඉන්නෙත් මිනිස්සු , සල්ලි වලට කොහෙත් මිනිස්සු ඉන්නවා, ඩුබායි කියන්නේ දිව්‍ය ලෝකයවත්, අපායවත් නෙමෙයි, මදුෂ් ඇල්ලුවා ,දැන් කුඩු ඉවරයි කියලා හිතන්නත් බැහැ, කලින් වෙලේ සුදා අල්ලපු වෙලාවෙත් අපි හිතුවේ එහෙමනේ

:       0       59

wije Thursday, 07 February 2019 04:34 PM

මෙයාලව එහේ තියාගෙනම දඩුවම් දුන්නොත්නම් හොදයි එහෙම නැතුව ලංකාවට ගෙන්නුවොත්නම් අපේ දේශපාලකයෝ මෙයාලාව කොහොමහරි බේරාගන්නවා.

:       0       50

රාහුල හිමි Thursday, 07 February 2019 05:34 PM

අපි නම් බලාපොරොත්තු වන්නෙ මෙවැනි අය වරදින් මුදවා යහමගට ගැනීමයි. අද අපරාධ වැඩිවෙන්න අපරාධකරුවන් වැඩිවීම නිසා නොවෙයි. අපරාධකරන්නවුන් ඉන් මුදවා ගත හැකි කාරුණික සේම නුවණැති මිනිසුන් අඩු වීම නිසාය. බුදුරජාණන් වහන්සේ අදටත් වැඩ සිටියානම් අපට අංගුලිමාල පිරිත වගේ තවත් පිරිත් එකතුවෙන්න තිබුණා.

:       231       107

දිනුකFriday, 08 February 2019 06:30 AM

බුදුහාමුදුරුවන්ට උනත් හැමෝම යහමගට ගන්න බැරි උනානේ. හොඳම උදාහරණය තමයි දෙව්දත්. ඒක හින්දා ඔබ වහන්සේ බොරුවට අපරාධකාරයන්ගේ පැත්තට කතා නොකර ප්‍රායෝගිකව හිතුවොත් හොඳයි නේද?

:       3       3

hesa Thursday, 07 February 2019 09:15 PM

මත් ද්‍රව්‍ය විකුණන අය මත් ද්‍රව්‍ය පාවිච්චි නොකරනවා යයි කියන කතාව මොකක්ද ඇත්තටම .

:       0       3

Ariyathilakam Friday, 08 February 2019 06:20 AM

අපට හැගෙන්නේ ඩුබායි රට ලෝකයේ සිටින විවිධ අපරාධකරුවන්ට රැකවරණය දෙන රටක් ලෙසය. මෙතෙක් කල් මාකදුරේ මධූෂ් ඇතුලු දරුණු අපරාධකරුවන් එරට සිටිමින් තම අපරාධ ක්‍රියාත්මක කරවීම, මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවීම, දරුණු අපරාධකාරී ගෝලයන් සහ හිතවතුන්ට රැකවරණය සලසා දීම, යන කාරණා දෙස බැලීමේදී ඩුබායි රට අපරාධකරුවන් හොද වාස භූමියකි. හොද තිත් පොලකි. මෙම මෙහෙයුම ද මෙරට ලංකාවේ ආරක්ෂක අංශ බුද්ධි තොරතුරු මෙහෙයුම් මත ක්‍රියා කර ඩුබායි පොලිසිය ක්‍රියාත්මක වූවා මිස ඩුබායි පොලිසියේ සම්පූර්ණ වුවමනාවට ක්‍රියාත්මක වූවා නොවේ. ඩුබායි පොලිසියට අපරාධ කරුවන් මැඩලීමට වුවමනාවක් තිබේ නම් මෙතෙක් කල් මෙම අපරාධකරුවන් නිදැල්ලේ තම ජාවාරම් කර ගෙන ගියේ කෙසේද? එරට සැගවී සිටින වෙනත් රටවල අපරාධකරුවන් ගැන අප දන්නේ නැත. මේ සිදුවීම් දෙස බලන විට අප සිතෙන්නේ විවිධ රටවල අපරාධකරුවන්ගේ නවාතැන් පොලක් බවය. තවමත් කොටසක් එළියේ එරට ක්‍රියාකාරිකයි. ඩුබායි රට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුම් ,සහ අපරාධකරුවන්ට රැකවරණය සලසන තිත් පොලක් නොවන්නේ ද?

:       0       6

DhammikaFriday, 08 February 2019 07:46 AM

මමත් අවුරුදු 15ක් විතර ඩුබායි ඉන්නේ, මෙහෙ නිත්‍යානුකුලව ඕන කෙනෙකුට එන්න පුළුවන් ඉන්න පුළුවන් ඔබ ඔබේ රටේ කවුරු වුනත් බ්ලැක් ලිස්ට් වෙලා බෑන් වෙලා නැත්නම් එන්න පුළුවන් , හැබැයි ඔය ලංකාවේ වගේ එළිපිට හන්දි ගානේ බෝක්කු ත්‍රිරෝද රථ ඇතුලේ මත කුඩු පාවිච්චිකරන අය මෙහෙ නැහැ .ඕනෑම හොරකමක් අල්ලන්න පැය 48ක් යන්නේ නැහැ මොකද විසා තියන හැමෝගෙම ජිවදත්ත ඔවුන් සතු නිසා. සල්ලි තියනවනම් ඔබට මෙහෙ ආයෝජනය කරන්න පුලුවන්නම් ඔබේ රටේ ඔබ කවුරු වුනත් ඔවුන්ට වැඩක් නැහැ. එකට තමයි ලංකාවේ නීති පද්ධතියක් තියෙන්නේ කලින්ම මොවුන්ව , ජාත්‍යන්තර අපරාධ කාරයෙක් ලෙස නම් කලානම් මෙහෙදී අල්ලන්නේ මීටත් කලින්....

:       0       1

nimesh Friday, 08 February 2019 08:52 AM

තත්වය පරික්ෂා කර බලා කිසියම් දෙයක් සියල්ලන්ටම කරන්න.

:       0       0

අහෝ අපේ මාධ්‍ය Saturday, 09 February 2019 06:41 AM

ඔතන හිටපු අනික් අයගේ නම් කියන්නේ නෑ.... රාජ්‍යතාන්ත්‍රික ගමන්බලපත්‍රය තිබ්බේ කාටද කියලා. ඒයාගේ නම දන්නේ නෑ. අනික් ඔක්කොම දන්නවා. ‌දේශපාලනයට යටවෙලා ඉන්නේ..

:       0       0

dasa Sunday, 10 February 2019 03:26 AM

දුකයි නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 478 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1367 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 379 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1401 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 538 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 799 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1024 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site