(ඩයනා උදයංගනී)
ආණ්ඩු පක්ෂය සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් බැවින් එක්සත් ජාතික පෙරමුණු රජය ඔවුන් සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් සැදීම සදාචාරාත්මක නැති බව ද මහලේකම්වරයා කීවේය.
ජාතික ආණ්ඩුවක් සැදීමට ඔවුන් උත්සාහ කරන්නේ පක්ෂය තුළ ඇති අර්බුද විසඳාගැනීමට මිස රටට සේවයක් කිරීමට නොවන බව ද හෙතෙම සඳහන් කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආණ්ඩුවක් හදන්න ගියොත් විනය පරීක්ෂණ. මහින්දගේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත 30 දෙනාට උසස්වීම් ද ? පාක්ෂිකයා අවදියෙන්
ජාතික ආණ්ඩුවක් හදලා රට දියුණු කලොත් මහා ලේඛම්ගෙන් විනය පරික්ෂණ ඇයි මහින්දට විරුද්ධ පක්ෂේ නායකකම නොලැබෙන නිසා නේද. දැන් ඕකත් දුවන්නේ මහින්දට ඕන විදියට ද ?
ශ්‍රී. ල.නි.ප. සභාපති ජනපති මෛත්‍රී. දැනටත් මේක ජාතික ආණ්ඩුවක්.
පොහොට්ටුවට ජයවේවා
පොහොට්ටුවට බයයි. එයාලා එක්ක සන්ධාන හදන්න පස්සෙන් යනවා වැඳ වැඳ.
ඔබේ නායකයා පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා හැරීම උසාවියේ නඩු තීන්දුවකින් ස්ථීර කර තිබියදීත් ඔහු තවමත් ජනාධිපති ධුරයේ රැඳී සිටීම සදාචාරාත්මකද? ඉස්සරවෙලා ඔබතුමාගේ පක්ෂයේ වැරදි හදාගත්තොත් හොඳයි නේද දයාසිරි මහත්තයෝ..?
ඔබේ නායකයා ආණ්ඩුවේ නායකයාව සිටියදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අරගෙන ලෝකෙවටේ යනඑක සදාචාරාත්මකද? සමහරවිට ඔබත් ඒ සමග ගිය නිසා එක සදාචාරාත්මක වෙන්න ඇති නේද මහත්තයෝ?