ස්වාමිනාදන්ගේ යෝජනාව සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි - ඇමැති රාජිත
මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යන කොටස ඉවත් කර යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.