(නිමන්ති රණසිංහ)
තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි රහස් පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
රහස් පොලිසිය එලෙස දැනුම් දුන්නේ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
සැකකාර සම්පත් මුණසිංහට ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා දැනුම් දුන්නේ සම්පත් මුණසිංහ, කරන්නාගොඩ ඇතුළු සියලු සැකකරුවන්ට මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම යෝජනා කරනවා මීට පස්සේ යුද්ධයක් අාවොත් C.I.D. එකේ අයව යුද්ධයට යවන්න කියලා...
එදා දරුණු යුද්ධයක් තිබුණු වෙලාවක්. හරිම අහිංසකයෝ විදියට තමයි පොට්ටුඅම්මාන්ගේ චරපුරුෂයෝ කොළඹ හැංගිලා ඉඳන් ගිනිජලාවල් කරන්න වෙලාවල් ලැබෙන කන් හිටියේ. ඔය මිනි මරල කප්පන් හොයා හොයා ඉන්නවට වඩා කරන්නාගොඩ මහත්මයට එදා කොච්චර දේවල් කරන්න සිද්ධවෙලා තිබුනද? කලාද? කොටින්ගේ මුහුදු බලය, පාවෙන අවි ගබඩ සහමුලින්ම විනාස කරන්න නායකත්වය සහ සැලසුම් කලේ එතුමා . ප්‍රභාකරන්ට පනින්න බැරි වෙන්නත් පිටින් සතුරන්ට රටට එන්න බැරි වෙන්නත් මුහුද වටේ දාපු ආරක්ෂක වළල්ල තමයි අපේ මුළු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රියාව. ඉතිහාසයේ ඔබ අහල තියෙනවද කිසිම රජෙකුට එහෙම කරගන්න සෙන්පතියෙක් හිටිය කියල? නීතිපතිට මෙහෙම දේවල් කරන්න කවුද අවසර දෙන්නේ? මෙතුමාව වැරදි කාරයෙක් කලොත් දෙමල ජනයට එරෙහි යුධ අපරාද වුනා කියන තර්කය ජය ගන්නවා. එතකොට වෙනම ස්වාධින රාජ්‍යයක් ගන්න බොහොම ලේසි වේවි.
මේ කොමෙන්ටුු දිහා බලපුවාම මට සමහර මිනිසුන් ගැන ඇතිවෙන්නේ මහ ලැජ්ජාවක් . නීතියෙයි අවනිතියෙයි වෙනස අඳුරන්නැති මිනිස්සු.
සිංහල යාට සියල්ල මතක තිබෙන්නේ දින 10 බව ප්‍රභාකරන් කිව්ෙවි නිකම්ම ෙනාවන බව ඉතාම පැහැදිලි යි.
එදා ඉඳපු දේශපාලන නායකයෝ කරපු දේවල් දිහා බැලුවම හමුදාවේ අයත් ඒ අඩිපාරේම ගිහින් කියලා තමයි කියන්න වෙන්නේ..
හොඳට මතක තියාගන්න මේ කරන්නේ ක්‍රීඩාවක්. එදා යුද්ධය දරුණු ලෙස පැවතුණු කාලයේ සිංහල කොටි කොච්චර හිටියද? ඒ වේලාවේ ආරක්ෂක අංශ යම් තීන්දු තීරණ ගත්තේ රටේ බහුතරයක් වෙනුවෙන් ඒවා සියල්ල නිවැරිදි ඒවා නෙමෙයි ..නමුත් අද ඒවා පලිහක් කරගෙන මේ කරන්නේ සුළු ජාතික ජන්ද කඩා ගැනීමේ දේශපාලන ක්‍රීඩාවක්
ආණ්ඩුව අහක යන බෝලෙකට ගහලා අවුට් වෙන්නයි යන්නේ. ඒවගේ වැඩ වලට උල්පන්දන් දෙන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා කියලා තේරුම් ගත්තොත් හොඳයි.
මෙහි කොමෙන්ට්ස් දාපු අයගේ දෙන ගැනීමටයි...මේ සිදුවීම වුනේ යුද්ධය නිම වූ පසුවයි. එ්ක නිසා, කොටි ප්‍රශ්නය මේකට ගාවන්න එපා. මේක අර රජ්ජුරුවෝ ගිය පාරේම යන්න ගිහින් වෙච්ච දෙයක්...
ඇත්ත කතාව මෙකී සාර්ථක මෙහෙයුම් කරලා රට බේරා ගත්ත එක හරි... එවුන්ට රටේ ස්වෛරී පුරවැසියන් අතුරුදහන් කරන්න කාටවත් අයිතියක් තියෙනවාද?
අන්තිමට බස් බෝම්බ තියපු, කිරිදරුවො කැතිගාපු කොටි සැපට ඉන්නවා. යුද්ධය කරපු රණවිරුවන් හිරේට දක්කනවා. මෙහෙමත් කෙලෙහි ගුණ නොදත් මිනිස්සු.. කොලඹ බෝම්බ පුපුරද්දී ඇඳන් අයට රිංගලා අනේ මොනවා හරි කරලා අපිව බේරගන්න කියලා දෙවියන්ට කියකිය හිටපු අය හමුදාවේ රණවිරුවන් දහස් ගාණක් ජීවිත දීලා යුද්ධය දින්නට පස්සේ ඒ මිනිස්සු යුද්ධය කරපු විධියෙ හරි වැරදි හොයන්න එනවා.
මේ විදියට අපටම තලාගෙන අර මානව හිමිකම් කාරයෝ සතුටු කලොත් ඒ ප්‍රශ්නේ ඉවර කරගන්න පුළුවන් වෙයි කියල හිතනවද? එහෙමත් කරලා තවත් ඒ රටවල් කොටි නටවන්න පටන් ගත්තොත් මොකද කරන්නේ? මේ මානව හිමිකම් කොමිසම කරන්නේ අපට කියවල අපේ සියලු දේ ඔවුනට අවශ්‍ය විදියට වෙනස් කරවන එක. කරුමෙට මේ වගේ වැඩ වලට දෙකට නැමෙන ආණ්ඩුවක් වෙනස් කරලා වෙනත් ආණ්ඩුවක් ගෙනෙන්න තියෙන ඉඩකඩත් ඇහිරිලා තියෙන්නේ. කාට ඡන්දෙ දුන්නත් එන්නේ උන්මයි. දැක්කේ නැතිද අපි මරා ගත්තට අයවැයෙන් පස්සේ කට්ටිය ජෝඩු දාල ඉන්න හැටි.
මිනිසෙක් මැරුණා නම් මරණ සහතිකය පවුලේ අයට ලබා දෙන්න. මොකද ඒක නැතුව කිසි දෙයක් කරන්න බැහැ. මරණකරුගේ බැංකු , දේපල , අධ්‍යාපන , රැකියා , විශ්‍රාම කිසි දෙයක් ගැන ගනුදෙනු කරන්න බැහැ. නමුත් ලංකාවේ නීතියේ හැටියට මරණ සහතිකේ නිකුත් කරන්න නම් මරණ පරීක්ෂක වාර්තාව ඕන. ඔන්න ඔය සදහා අතුරුදහන් වුවන්ගේ පවුල්වල අයට මානව හිමිකමක් වගේම නිත්‍යානුකුල අයිතියක් තියනවා හඬ නගන්න, ඊට විරුද්ද වෙන ඔබලා මිනිස්සුද ???
මේකට යුද්ධය හෝ රණවිරුවන් අදාල නැත. නඩු නිමිත්ත කියවා බලන්න "තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම..."
කට්ටිය අහිංසකයින් මැරුව ගානේ හරියට ඇහෙන් දැක්කා වගේ... යුද්ධය නැති රටේ සැපට ඉන්න ගමන් යුද්දෙ කරපු අයව හිරේ දානකොට හුරේ දානවා. ආත්මාර්ථකාමී නිවටයින්...
දකුණේ ඡන්ද නොලැබෙන බව දන්න හින්දා උතුරේ ඡන්ද වලට කෑදරකමේ රණවිරුවන් බිල්ලට දෙනවා.. 2009ට කලින් කෝමා තත්වේ ඉඳපු සමහරු ඒවට හුරේදානවා.
පාට කන්නාඩි දාන අයට මේවා තේරෙන්නේ නැ.
මේක හරිම අසාධාරණයි.