IMG-LOGO

අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ තවත් අස්ථි කොටස්


 
අනීෂා මානගේ       

                                          
රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන තවත් අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයෙන් සොයා ගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (26) එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඉකුත් ජනවාරි 23 දින දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ පරීක්ෂණ වලදී හෙළිවී තිබිණි. 

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල මැදගම්ගොඩ සිට පිස්සුබැද්ද දක්වා වැටී ඇති මාර්ගයේ හැවැන්දෙණිය රක්ෂිතයේ තුන්මෝදර ඇළ මාර්ගයේ අතුරු ඇළ මාර්ගයක තිබී පිළිස්සුණු අස්ථි කොටස්, මාංශ කොටස් කිහිපයක් සහ දත් කොටස් කිහිපයක් ඉකුත්දා (22) සොයා ගත්හ.

ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ යැයි සැකකරන දිගින් සෙන්ටිමීටර එකත් හතරත් අතර ප්‍රමාණ වලින් යුතු අස්ථි කොටස් කිහිපයක් යළි සොයාගෙන තිබිණි. ඉකුත්දා සොයාගත් පිළිස්සුණු අස්ථි කොටස් හමුවූ ස්ථානයේ සිට මීටර 4 ක් පමණ දුරින් මෙම අස්ථි කොටස් කිහිපය තිබී සොයා ගෙන තිබේ. 

ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනා වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය තුන්මෝදර ඇළ මාර්ගයේ දමා පුළුස්සා ඇතැයි පොලිස් නිලධාරීහු සැකකරයි.  



අදහස් (1)

අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ තවත් අස්ථි කොටස්

Sumith Tuesday, 26 February 2019 12:02 PM

අහිංසකයෝ දෙන්නෙක්. ලංකාවම දුක් වෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site