
(නිමල් ජයරත්න)
සිය ස්වාමියා විසින් පිටුපසට ගනිමින් සිටි ලොරියට යට වීමෙන් වැලිකන්ද මහසෙන්පුර ප්රදේශයේ තිදරු මවක මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ වැලිකන්ද මහසෙන්පුර ප්රදේශයේ 44 වියති තිදරු මවක බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ස්වාමියා ලොරිය පිටිපසට ගන්නා විට බිරිඳ නිවස ඉදිරිපිට තිබූ මල් පෝච්චි ඉවත් කරන අවස්ථාවේදී ලොරියටත්, බිත්තියටත් සිර වි මෙම අනතුර සිදුව ඇති බවත් බවද පොලිසිය පවසයි.
තිදරු මව වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති, අතර සිද්ධිය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කියයි,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd