(ගයාන් සූරිය ආරච්චි)
කෑගල්ල ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුගේ සහෝදරයකු පෑනක් හැඩති විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශය පවසයි.
මෙම ගිනි අවිය මිලිමීටර් 0.22 ක උන්ඩ දැමිය හැකි ගිනි අවියක් බවට පොලිසිය හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පල්ලෙවෙල මැදගම ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි හිටපු යුද හමුදා ලුතිනන් වරයෙකි .
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd