මැති ඇමැතිවරුන් 20ක් විදේශ සංචාරවල මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 30 August 2018
ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අවුරුදු 6 ක බරපතල සිර දඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරහිමිගේ ශල්‍ය කර්මයෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් අද (30) බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂක පවසයි. 30 August 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගන්න යයි සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අද ((29) අධිකරණයට දැනුම් දුන්නේය. 29 August 2018
ගෝඨා විශේෂ ජනපති කොමිසමට ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදු වු බව කියන දුෂණ වංචා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. 29 August 2018
ඉන්දීය ධීවරයෝ බත්තලංගුඩුව බදු ගනිති කල්පිටිය බත්තලංගුන්ඩුව දූපතට නුදුරු ශ්‍රී ලාංකීය මුහුදේ ඉන්දීයා ධීවර යාත්‍රා 50 ක් පමණ අද (28 ) සන්ධ්‍යාවේ ධීවර මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි බවත්,එම නිසා කෙන්දන් පන්නයන් සදහා මුහුදු ගිය බත්තලංගුන්ඩුව ධීවරයන් පෙරළා ගොඩ බිමට පැමිණි බවත් බත්තලංගුන්ඩුව ධීවර සමිතියේ සභාපති ඩබ්ලිව් ඒබට් ප්‍රනාන්දු මහතා පැවසීය. 28 August 2018
දරුවකු මිය යාමෙන් ගලහ රෝහල අසල කැළඹෙයි උණ රෝගය සෑදී ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවකු අද (28) රෝහල් වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් මිය යාම සම්බන්ධයෙන් උරණ වූ පිරිස් ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කර රෝහල ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹුහ. 28 August 2018
මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් සිංහල ජනතාව පදිංචි කරනවා යැයි විරෝධතා මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන අද (28) මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ. 28 August 2018
මන්නාරම සමූහ මිනීවලේ තොරතුරු වගකීමක් ඇති මාධ්‍යවලට මන්නාරම් සමූහ මිනීවලේ කැණීම් කටයුතු පිළිබඳ මාධ්‍යට ආවරණය කිරීම සඳහා උදෑසන සහ සවස් කාලයේ දී පැය බාගය බැගින් වූ කාලය වෙන් කර ඇති බවට කැණීම් කටයුතු සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා කියා සිටියේය. 28 August 2018
දුම්රිය වැඩ වර්ජනය අතහරී දුමරිය නියාමක, රියදුරු , ස්ථානාධිපති සහ පාලකවරුන් අනිද්දා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය අතිහිටුවීමට දුම්රිය වෘත්තීය සමිති අද (27) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පැවසීය. 27 August 2018
ජනපති වැටුප් සමාලෝචන කොමිසමේ නිර්දේශ ඔක්තෝබර් 30 ට පෙර ඉල්ලයි රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කර සිටින රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශ ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) එම කොමිසමට දැනුම් දුන්නේය. 27 August 2018
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සිතාසි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සැප්තැම්බර් 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කළේය. 27 August 2018
රථ ගාලේ පෝස්ටරයකින් ගාල්ල රෝහල කැළඹෙයි යම්කිසි පිරිසක් විසින් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ වාහන ගාල් කරන ස්ථානයේ අලවනු ලැබ ඇති පෝස්ටරයක් නිසා වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය හා රෝගීන් නොසන්සුන්තාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. 26 August 2018
පාකිස්තානයේ ජනපති - අගමැති ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු රජයේ නිලධාරීන් ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් තහනම් කිරීමට පකිස්ථාන නව ආණ්ඩුව තීරණය කර තිබේ. 26 August 2018
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද දිනය තුළ වාහන ලක්ෂය පනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ (25) අද පෙරවරුවේ සිට දැඩි රථවාහන තද බදයක් පවතින අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය.සති අන්ත නිවාඩුවත් පාසල් නිවාඩු කාලයත් නිසා දිනපතාම ධක්ෂින අධිවේගී මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා වාහන ප්‍රමාණය බොහෝ සෙයින් ඉහල ගොස් ඇති බව ඒ මහතා පැවසීය. 25 August 2018
කොළඹ නගර සභාවේ මන්ත්‍රී දීමනාව 20,000 කින් ඉහළට කොළඹ මහනගර සභාවේ අද (24) පැවැති මාසික රැස්වීමේදී ගාලගෝට්ටි හා බාධා කිරීම් මැද මන්ත්‍රී දීමනාව රුපියල් 20,000 න් ඉහළ නැංවීමේ යෝජනාව සම්මත කෙරිණි. 24 August 2018
සීමා නිර්ණය වාර්තාව වැඩි ඡන්ද 139කින් පරදී පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය. 24 August 2018
ගෝඨාට එරෙහිව නඩු පවරයි වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරන ලදී. 24 August 2018
ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදෙනු ලැබීය. 24 August 2018
ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනා අධිකරණයට ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව්දෙනා එරෙහි පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට මීට සුළු වේලාවකට පෙර ඔවුහු අධිකරණයට පැමිණියහ. 24 August 2018
රන් මිශ්‍ර පස් කන්ටේනර් 51ක් රට යවලා රන් කැබලි මිශ්‍ර පස් අපනයන කිරීමේ සිද්ධියට අදාලව රේගුවේ රඳවාගත් කන්ටේනර් 15ට අමතරව මීට පෙරාතුව කන්ටේනර් (බහලුම්) 51ක් පිටරට යවා ඇතැයි ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. 23 August 2018
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට රතු වරෙන්තුවේ පිටපතක් ඉල්ලයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද දැනුම් දුන්නාය. 23 August 2018
නිශාන්ත - කපිල දෙදෙනාගෙන් පැය 8ක් ප්‍රශ්න කරති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීහු අද (23) පැය 08 කට ආසන්න කාලයක් පුරා ප්‍රකාශ ලබාගත්හ. 23 August 2018
ඌව සබේ කැලඹේ ඌව පළාත් සභා මාසික රැස්වීම අද (23) ආරම්භ වීමත් සමඟ එහි මුලසුන හෙඹවූ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා සභා ශාලාවෙන් පිටව ගියහ. 23 August 2018
නිශාන්ත වික්‍රමසිංහ - කපිල චන්ද්‍රසේන ජනාධිපති කොමිසම හමුවේ ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ මේ වන විට පෙනී සිටින එම ආයතනයහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට සිය ප්‍රකාශ ලබා දෙමින් සිටී. 23 August 2018
ගාමිණී සෙනරත්ගේ ලිට්රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප්‍රථම නඩුව හෙට (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය. 22 August 2018
අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පැනවු කුලී ගමන් තහනම අත්හිටුවයි අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 August 2018
ගෝඨා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 21 August 2018
පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග 300 ක් ශ්‍රී ලංකාවේ වස විස දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙස කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය ජනතාවගෙන් ඉල්ලා සිටී. 21 August 2018
අන්තරේ පාගමනට පොලිසියෙන් දෙවැනි වරටත් කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ -පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත. 21 August 2018
පොලිස් පරීක්ෂක-කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු 8 ක් අත්අඩංගුවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 21 August 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026