(නිමන්ති රණසිංහ සහ කේ.ටී.ජී කපිල)
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නම් සැකකරු ද ලංකාවට එවනු ලැබ රහස් පොලිසිය බාරයේ සිටින බව පොලිස් ආරංචි කියයි.
කටුනායක ගුවන් තොටුපොළ රහස් පොලිස් ඒකකයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවත්, ඉදිරියේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
ඔහු සමඟ එරටින් පිටුවහල් කළ තවත් තිදෙනෙකුද ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ද රහස් පොලීසියබාරයට ගෙන ඇත.
ඔහු අද උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .
ඩුබායි පොලීසිය විසින් ඔහු පිටුවහල් කිරීමෙන් පසු මාල දිවයින බලා යෑමට පැමිණෙන බවට කල් ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබී ඇත . මෙරට ආරක්ෂක අංශ ඒ පිළිබඳව අවධානයෙන් සිට තිබේ.
ඔහු පැමිණි පසු ගුවන් තොටුපළ ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාර දී ඇති අතර අනතුරුව ඔවුන් විසින් රදවා තබා ගනිමින් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අය එල්ලලා මරන්න ඕනේ. මේ අය සමාජයට ලොකු පිළිලයක් වෙලා ඉවරයි. මේ වගේ අය නිසා තමයි අපේ ජාතියටත් නිගහ වෙන්නේ.
එහෙනම් කංජිපානීට කැඳ වතුර හම්බවෙයි..
අපි ජාත්‍යන්තරය දිනාගෙන තියෙන ප්‍රමාණය කොච්චරද කියනවනම් මේ තරම් ලංකාවට අවශ්‍යයි කියලා දන්වලා තියෙන මැරයෝ , තමන්ගේ රටෙන් පිටුවහල් කරා කියලවත් අපේ බලදාරීන්ට දැනුම් දෙන්න ඩුබායි බලදාරීන්ට උවමනාවක් නැහැ . එහෙව් එකේ එහෙ ගිණුම් වල තියෙන බිලියන ගණන් සල්ලි ලංකාවට ගේන්න තමයි කතාව.
ලතීෆ් සහ ශානි මහත්වරුනි, අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නේ එක ලොක්කෙකුගේ හරි නමක් අපටත් දැනගන්න ලැබෙයිද කියලා. අපට පේනවා ඉතිහාසගත වන අයුරින් ඔබ දෙපල වැඩකරගෙන යන බව. අර නමක් දැනගන්න ලැබුනොත් අපටත් කියන්න. අපි දන්නා අයත් ඉන්නවද කියල බලන්න. ජය වේවා.!
මේ ලබා ඇති කාලය නම්, කුඩු කාරයන්ට හා පාතාලයන්ට ඉතාමත්ම නරක කාලයක්. දිට්ඨ ධම්ම කර්මය ඵල දෙනවා වගෙයි පෙන්නේ. ලතීෆ් මහතා ඇතුළු එස් ටී එෆ් බලකායත්, පොලීසිය හා රහස් පොලීසියත්, මේ වැටලීම් වලට උරදෙන සියලු දෙනාටත් අපගේත්, රටේත් ප්‍රණාමය. ඒත්, ඔබ සියලු දෙනාගේ විශේෂ ආරක්ෂාව ගැනද සැලකිලිමත්වීම ඉතාමත්ම වැදගත්. මොකද මේ විෂඝෝර සර්පයන් කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබීමට නොහැකිය. ලතීෆ් මහතා අන් ආගමිකයෙකු වුවද එතුමාවද සියලු දෙවියෝ රැක දෙත්වා !!! ජනපතිතුමන් සමග අපගේ සමහර එකඟතාවන් නැතත්, මේ ප්‍රශ්නයේදී එතුමන් ගන්නා දැඩි අවධානම් සහගත එඩිතර නායකත්වය වෙනුවෙන් එතුමාවද සියලු දෙවියන් රකිත්වා ! මේ විෂ ඝෝර සර්පයන්ගෙන් මේ රට බේරා ගැනීමට උර දෙන සෑම සියලු දෙනාද සියලු දෙවියෝ රකිත්වා !!!
නිදහස් කරන්න නම් එපා…...
ලංකාවට එනවය කියන්නෙ ඉතින්…. ඕනෑම අපරාධකාරයකුට නිදහස ලැබුනා වගේ තමයි… සල්ලි තියෙනවනං. අපේ රටේ ඇතුලෙ හිටියත් පිටත හිටියත් වෙනසක් නැහැ… ඔය 225ක් ම ගජරාමෙට ඉන්නෙ ! ?
දැන් පැහැදිලියි මේ මෙහෙයුමට ලංකාවෙ පොලිසිය එස් ටි ඇෆ් එක තියා කිසිම රාජතන්ත්‍රික මැදිහත්වීමක් වෙලා නැති බවට. මේ මෙහෙයුම තනිකරම ඩුබායි පොලිසියේ වැඩක්. සාදයක මත්ද්‍රව්‍ය භාවිතවෙනවා කියලා ලැබුන ඔත්තුවකට තමයි මුන්ව අත්අඩංගුවට ගත්තේ ඒ රටේ නීතීයේ හැටියට එහෙදි පාතාල ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම් කල බවට සාක්‍ෂි නැත්නම් මධුෂ්වත් පිටුවහල් කරයි. ලංකාවට ආවාම බේරෙනවා බොරු. හෙරොයින් ම්ලිග්‍රෑම් එකහමාරක් ලඟ තිබී අසුවුණා කියල නඩු දාල දැඩි දඬුවම් දෙයි. වෙලේ සුදාට වගේ......
ගුවන්යානය ඇතුලට ඇවිත් තමයි අපරාධකරයින්ව අත්අඩංගුවට ගන්නේ , වරක් මම ඩුබායි ඉදන් අපු ගුවන්යානයක එහෙන් පිටුවහල් කල ලාංකික කෙනෙක් ආව. කටුනායකදී ගුවන්තොටුපල ආරක්ෂකයින් පොලිස් නිලධාරීන් සමග යානය ඇතුලට ඇවිත් ඔහුව අරන් එලියට ආව. නමුත් මේ සිද්දියේදී අඩුගානේ ඩුබායි වලින් ලංකාවට දන්වලවත් නැහැ මොවුන් මේකේ එන වග, ඒ තරමටම ලංකාව ගණන් අරගෙන නැහැ , මොකද අද කෝ ලක්ෂ්මන් කදිරගාමර් වගේ ලොව පිළිගත් රජ්‍යතන්ත්‍රිකයෝ,
මේ ඔයගොල්ලන්ට ඇහුනේ නැද්ද රැස්වීමකදී කවුද කිව්වා දැන් මේ පොලිසිය කුඩු කාරයන්ව මෙහෙම අල්ලගෙ යන්නේ අර ඒ ගොල්ලෝ හදාපු පොලිස් කොමිසමේ ඉන්න වයසක අය පොලිසියට දෙන ධෛර්ය නිසා තමයි කියලා. එක නම් හරිම ඇත්තක් වෙන්නැති නේද?
ගරු කන්ජිපාන ඉම්රාන් සිරිලකට සේපත් වූ වගයි.......
ඔය අය එල්ලලා මරන්න ඕනේ. මේ අය සමාජයට ලොකු පිළිලයක් වෙලා ඉවරයි. මේ වගේ අය නිසා තමයි අපේ ජාතියටත් නිගා වෙන්නේ.
පිටුවහල් කරා නම් ඩුබායි වලින්, ඔහොම එවන්නේ නෑනේ. එහෙ ආරක්ශක නිලධාරීන් තමයි එක්කන් එන්නේ. ඒට පස්සේ ඔවුන් පිටුවහල් කරපු පුද්ගලයා අපේ ආරක්ශක අංශ වලට භාරදෙන්නේ. අනික දැනුවත් කරලාත් නෑ නේ. කිව්වේ නම් මෙහේ අයගේ මෙහෙයුමක් කියලා ඒත් පැහැදිලිව මේක ඩුබායි මෙහෙයුමක් කියලා දැන් පේනවා !
දැන් අපේ මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා යයි ඉතින් .. එයාගේ දුක සැප බලන්න..
කන්ද්ජි ගේ අයියද අබ්දුල් ?
නැහැ සරත් ලොක්ක අපේ දේශපාලකයින්ට ගොඩක් උදව් කරන මෙයාලට ගරු කියන වචනේ දාන එක වැරදීද?
ජය ශ්‍රී එල්ලුම්ගහ .
දැන් තමයි හරිම තැනට වැටුනේ. කිසිම ගින්නක් නැහැ, සල්ලි විසික්කලා නඩුත් නැහැ බඩුත් නැහැ, තව සතියකින් දෙකකින් මතකත් නැහැ
සියලු තොරතුරු අරගෙන මෙයාව හංගපු කුඩු, ආයුධ පෙන්නන්න අරන් යන්න. නඩු කතාකරන්නේක බොරු වැඩ.
මෙවන් අපරාද කරුවන්ගෙන් කුමටද ප්‍රශ්න කරන්නේ.? දෙනෝදාහක් මැද එලි පිට එල්ලා මැරිය යුතුයි.
ඔව් ඔව් පොලිස් බාරයට අරන් .. ඔහුගේ ආරක්ෂාව තහාහුරු කරාට පස්සේ කොළොඹට ආරක්ෂාවෙන් එක්කන් ඇවිල්ලා. රෙස්ට් එකක් හෙහෙම දීලා. නීතියෙන්ම ඇප දීල ගෙදර යවන්න ඕනේ. නැත්නම් එයාට කරන අගෞරවයක්.
දැන් ඉතින් ඇප අරන් එලියට ඇවිල්ලා පරණ පුරුදු රස්සාවම කරන්ට පුළුවන්.
මේ අනිත් අයගේ කමෙන්ට් එක්ක එකඟ වෙනවා. ඩුබායි පොලිසිය සහ නිති අංශ සමග කිසිම ගනුදෙනුවක් වෙලා නැති බව මෙයින් පේනවා. එහෙම වෙන්න නම් අපේ නීති අංශ මදුෂ්ට, කන්ජිපානි ඉම්රාන් වගේ යට විරුද්ධව මෙහෙ තියෙන සාක්ෂි සහිත පිළිගත හැකි නඩු, නීති වාර්තා පෙන්වන්න ඕනේ. එත් මේ තාක් කරලා තියෙන්නේ මාධ්‍ය සංදර්ශන මිසක්, නිතිය මගින් කමකට ඇති වැඩ නෙමේ. ඉතින් ඒ මිනිස්සු අපිව ගණන් ගනීද? ඔන්න අපේ රටේ පොලිසියට සහ අධිකරණයට ලෝකෙන් ඇති සැලකිල්ල. හැබැයි අපෙ කතාව නම් ලෝකෙටම ගහන්න.
දැන් ජනාධිපතිතුමා මේකෙනුත් ලකුණු දාගන්න බලයි. අනුන්ගේ ඒවගෙනුත් ලකුණු දාගෙන ගෙදර ගිය හැකි. කඩේ යන අයටත් කියන්න තියෙන්නේ ඔය ටික තමයි.
වෙන මොනවා කොරන්නද ඡන්දෙට වැඩ කොරන්නත් තියෙනවා සල්ලි තමා ඕන වෙනවා ඔක්කොමලට පුළුවන් කාලේ හම්බ කොරන්න හැම ආගමකම ඉගැන්වීම.
බලමු අපේ සල්ලි වලින් තමා උන්නැහේලා දේශපාලනේ කෙරුවේ
ඕන නැහැ ඇතුලේ ඉඳන්ම ආරක්ෂාව ඇතුවම අපේ වැඩ කරගෙන යන්න පුළුවන්