පෞද්ගලික බස් රථ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ඇරැඹීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසයි.
ස්ථානීය දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගිනිමින් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ලංකාව පුරාම මෙම බස් වර්ජනය ක්‍රියාත්මක වන බව සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ විනීත රියදුරන්ටත් දඩ ගහනවද
මාර කතාවක්නේ... බලමු කෝච්චර කල් කරයිද කියලා...
මේ පාරවත් මෙගොලන්ට නැවෙන්නේ නැතුව හරි විදිහකට විනයක් ඇතුව පාරේ යන්න උගන්වන්න . වර්ජනය උපරිම දින දෙකයි. එක මිනිස්සු කොහොම හරි ඉවසයි නමුත් අයෙත් සත්තු වගේ පාරේ යන්න ඉඩ දුන්න්නොත් හැමදාමත් පාරත් නීතියත් මේ අසංවර රියදුරන්ගේ පුද්ගලික දේපලක් වෙනවා
මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පනවන නීති කොන්දක් තියෙන රජයක් වෙනස් නොකළ යුතුය. නීති නොමැති රටක් කවදාවත් දියුණු නොවේ. මගීන් තම ආරක්ෂාවට විරුද්ධ වන්නන්ගේ බස් රථ වල ගමන් කිරීම වර්ජනය කල යුතුය. මිනිසුන් අනතුරේ හෙලීමට ඔවුනිට අයිතියක් ඉල්ලීම කෙතරම් සාධාරණ ද?
කරුණාකර බස් සේවය ලබා දීම ඒ සදහා වෘත්තිමය සුදුසුකම් ඇති බස් සමාගම් වලට ලබා දෙන්න. බස් වල ප්‍රමිතිය, සේවකයන්ගේ ප්‍රමිතිය , රාත්‍රී අනිවාර්‍ය ගමන් වාර ගනන හා මිල ගනන් ටෙන්ඩරය තුල ඇතුලත් විය යුතුය. සියලු රටවල් ප්‍රමිතිගත ප්‍රවාහන සේවා පවත්වා ගන්නෙ මෙලෙසිනි. තනි අයිති කරුවන් රේස් දුවන තෙක් අපට සිදුවන්නේ මහ මග මිය යාමටයි.
වර්ජනය කරන සියලුම බස් රථවල බලපත්‍ර අහෝසි කළ යුතුයි..
ජයවේවා!!!! අවුරුද්දට ආණ්ඩු කරන අයට කැරකිලා හතර ගාතේ දාල වැටෙන්නම දෙන්නයි යන්නේ. රටේ කෙරෙන සංවර්ධන, පඩි වැඩි කිරීම්, නොමිලයේ වෙද හෙදකම් වගේ දේවල් නෙවේ, විදුලි කප්පාදුව, රෝහල් වර්ජන, වැඩ වර්ජන වගේ දේවල් තමයි ඡන්ද දායකයින්ට සදාකාලිකවම මතක තියෙන්නේ. ඕකට කොහොමෙන්හරි දුම්රිය සහ දොස්තර වර්ජනයකුත් ඈඳා ගන්න ලැබුනොත් නියමයි. අර ඇමෙරිකාවේ නඩු දාපු එක වැරදි වැඩක් කියල වත් බැරිවෙයිද දොස්තර වරුන්ටත් වර්ජනයක් ආරම්භ කරන්න. මහ ජනතාවට හෙන ගැහුනත් තමන්ගේ අභිලාශය හරි යනවානේ.
ප්‍රයිවට් බස් කාරයෝ ඉන්නෙ මේ අය තමයි හරි කියලා. මාර්ග නීති වලට ගරු කරලා බස් එක එලවන්න එතකොට දඩ වැඩි වෙනවට කලබල වෙන්න ඕන නැහැ. රජයෙන් ඉල්ලනවා අවනීතියට බය වෙන්න එපා. වැඩි කරපු දඩය එහෙමම තියන්න.
වරදක් මත පැනවෙන දඩය වෙනස් කරන්න කියල වර්ජන කරන එකම බස් කාරයෝ ඉන්නේ ලංකාවේ. මොකද නීති නැති වුණාම සත්තු වගේ පාරේ යන්න පුළුවන්නේ. කොන්ද පණ නැති රජයක් තියෙනකොට රටක් කරන්න බැහැ. හිටපු රජයත් ඔහොම තමයි. ලංගමයට තව බස් ලක්ෂ දහයක් විතර ගෙනැල්ලා දැම්මා නම් බස් මුදලාලිලාගේ ගස් බහිනවා. නමුත් එහෙම කරාවිද? ලොකුම බස් මුදලිලා මැති මන්ත්‍රීලා වෙලා ඉන්නකොට...
ගණන් ගන්න එපා. ස්ට්‍රයික් කරන්න කියන්න. ආයේ පාරට එන්න එපායැ...
මේ දඩ වැඩිකිරීම රජය ගත්ත ඉතා හොඳ තීරණයක්.. එය වෙනස් නොකළ යුතුය.. මෙයාලා ඉල්ලන්නේ අඩු මුදලට නීතිය කැඩීමේ අවස්ථාවක්..
එහෙනම් ඉතින් මුන් කියන විදිහට රට කරමු. මුන්ගේ කිසිම විනයක් නෑ මේක වියයුතුම දෙයක්..............
ස්ට්‍රයික් කරන්න කලින් සංවර්ධනය ගැන හොඳට හොයලා බලන්න. ළිඳේ ඉන්න ගෙම්බෝ වගේනේ...
යහපාලන ආවදා ඉඳලා අඩුවක් නැතිව වර්ජන නම් අපිට ලැබුණා.. වෙන මොනවා නැති වුණත්...
කොන්ද පණ නැති ආණ්ඩුවක් තියෙන කොට විඳවන්නේ ජනතාව. මේ වගේ රට ඉපදෙන්නේ පුරුවේ පවට.
" රජය සහ අධිකරණය " පෞද්ගලික බස් සේවකයන්ගේ පක්කලියෙක් නොවිය යුතුයි !!!! මාර්ග නීති..රීති අනුගමනය නොකරන හෝ ඊට විරුද්දව (රජයට / අධිකරණයට) ක්‍රියා කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථ , වාහන මාර්ග වලින් ඉවත් කල යුතුයි ... බලන්න ඊට පස්සේ මේගොල්ලන් හැදෙන හැටි .. ස්ථීරයි !
සියලුම පුද්ගලික බස් රථ ජනසතු කල යුතුයි!!!!!!!!!!!!!!
ආණ්ඩුව දඩ වැඩි කරේ ඇත්තටම වෙන අනතුරු නිසා නෙමේනේ.... පැහදිලිවම ආණ්ඩුවට සල්ලි ඕනෑ නිසා තමයි මෙහෙම 25000 වෙනකන් වැඩි කරේ. අර කාබන් බද්දත් ගෙනාවේ සල්ලි ගසා කන්න. ඒකෙම තව සල්ලි ගසා කන දිගුවක් මේකත්. මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා මූලික ලෙසම කරන්න ඕන පොයින්ට් ක්‍රමයක් හඳුන්වා දෙන එක සහ පොලීසිය අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඉදිරිපත් කළ යුතුයි වගේ ක්‍රමයක් හදන එක... ඒ වගේම දඩ කොලය ඒ වෙලාවෙම ගෙවිය හැකි ක්‍රමයක් හදන එක... එහෙමයි දියුණු රටවල් වල වෙන්නේ... ඉන්පසු දරුණු වැරදි වලට දඩේ වැඩි කරා නම් හරි... හරි හමන් ක්‍රමයක් නැතුව මේවායෙන් වෙන්නේ පොලීසියේ සමහරුන්ට ධන උල්පතක් හදා දීම සහ හරියට වැඩ කරන පොලිසියේ අයට කොමිස් වැඩි වීමයි...
ප්‍රයිවට් බස්කොන්දලාට, රියැදුරන්ට රට බාර දෙමු.
ඕනේ නම් දවස් 2ක් කරයි. ලීස් එක හිරවෙලා කටේ වතුර එනකොට නිකම්ම වැඩට එනවා.
මේ දඩ ගහන්නේ බස් කාරයින්ටම විතරක් නෙවෙයි... හැම වාහනේටම... ඔය කාර්වල යන පණඩිත රත්නලාටත් මේක අදාලයි.. බයික්වල යන අයටත් අදාලයි... බස් ඉල්ලන්නේ හයිස්පීඩ් හා වමෙන් ඉස්සර කිරිම දඩ දෙක අයින් කරන්න විතරයි... මේක උඹලටත් අදාලයි.. මොකද පැ.කිමී 60 හෝ 70 යද්දි වැරදිලා හරි 61,62,71,72 වෙද්දී දඩේ 25000යි... එ්ක සාධාරණයිද..? නිකන් පොර ටෝක් දෙන්න එපා..
මේ පුද්ගලික බස්රථකාරයෝ කියන්නේ නීතියක් නොමැතිව ඒ අයට කටයුතු කරන්න දෙන්න කියලද? වැරදි නොකර උන්නම කිසිම දඩයක් නැහැ. ලෝකයේ ඕනෑම රටක සියලුම සම්පත් රජය සතුයි. ඒ නිසා වර්ජනය කලොත් වහාම බස්රථ රජයට පවරාගෙන ධාවනය කලයුතුයි. එසේම විරුද්දව එන අය දාන්න හිරගෙවල් සැදිය යුතුයි. හැමවෙලාවෙම නිතිය කඩන අයට ඔයිට වඩා දඩ ගැසිය යුතුයි. නීතියට දුවන්න බැරිනම් නිකන් ඉන්න කියමු.
ලංගමයට අවුරුදු
සම්පුර්ණ පෞද්ගලික බස් රථ රටෙන් ඉවත්කළයුතුය. ලංගම බස් වැඩිපුර ගෙන්වා රටේ ජනතාවට සාධාරණ මිලට ගමන් යාමට ඉඩ සලසන්න. වර්ජන ගර්ජන නැත , රටේ මහ භාණ්ඩාගරයට තවත් ආදායමකි. ලංගම බස්රථ පළාත් මට්ටමින් වැඩිකර මිට වඩා අදායම් ලබාගත හැකිය. අවශ්‍යනම් පෞද්ගලික බස් රථ රියදුරන්ම බදවා ගන්න. රටටත් ජනතාවටත් සෙතක් සැලෙසේනවාමය .
කොන්ද පන තියන නායකයෙක් නැති රටක මෙහෙම දේ වෙන එක අරුමයක් නොවේ රටක නීතියක් ක්‍රියාත්මක කරන්න හදනකොට ,විනයක් හදන්න හදනකොට එකට විරුද්දව වර්ජනය කරනවා ආණ්ඩුව දවස් දෙකක් තුනක් මිනිස්සුන්ට උපරිම දුක දීල, දන ගහනවා. මෙතන තියන සාදාරනය මොකද්ද ? මේ වගේ වෙලාවට තමයි මොන ප්‍රශ්න , චෝදනා තිබුනත් අර සමහරු නම කියන්නත් "භය " වගේ කෙනෙක් හොඳයි කියලා හිතෙන්නේ !
බස් රියදුරු බලපත්‍ර තහනම් කර බසය ආණ්ඩුවට ගන්න ඕනි .