( තරිදු ජයවර්ධන සහ දිල්රුක්ෂි ග්‍රේරු )
බුඩායිහිදී අත්අඩංගුවට පත්ව සිට ශ්‍රී ලංකාවට එවන ලද ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ තවත් අංශ කිහිපයක් එක්ව ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ බවත් ගුණසේකර මහතා කීවේය.
මෙම පරීක්ෂා කිරීම්වලදී හා ප්‍රශ්න කිරීම්වලදී නදීමාල් පෙරේරා මහතා සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් අනාවරණය නොවූ බව දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරියා මුදා හැර නැති බව ද පොලිසිය කියයි. පැය හතක පමණ කාලයක් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇත.
වැඩිදුර විමර්ශන සදහා බන්ධනාගාර නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයාගේ ඩුබායිහි පැවැති සාදයකදී මාකඳුරේ මදූෂ්, ගායක අමල් පෙරේරා ,ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිසක් ඩුබායි පොලිස් බාරයට ගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදූෂ් ආවත් ඔච්චර තමයි...