(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැඳවීමට නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකු සිටි බවට වීරවංශ මහතා චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.
2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති වාර්තා වල නිවරද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය හෙයින් ඒ සදහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බලමින් ඊට අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලමු දේශප්‍රේමියාගේ බැංකු ගිණුමේ තරම.
ජුලි මාසයේ මේ නඩුව නොවම්බර්වලට කල්යයි. ඉන්පසු මීළඟ ආණ්ඩුව.... ඉන් පසු සියලු නඩු පුස්....
මෙහෙ බැංකු ගිණුම් පරික්ෂා කරලා වැඩක් නැහැ. ඩුබායි, ශීෂෙල්ස්, යුක්රේන්, පැනමාවල තියෙන ගිණුම් පුලුවන්නම් පරීක්ෂා කරන්න. පවුලේ අයගෙත් එක්ක.
දැන් තමයි වැඩ කරන්න පුළුවන්... මිනිසුන්ට වැඩ පෙන්වන්න පුළුවන්... නියම ප්‍රහේලිකාව, අල්ලස් ගත් සියලුම දෙනා සැහෙන්න කාලෙකට හිර ගෙදරට ගියා... මොහුගේ ගිණුම් බලන්න පැමිණිලි. පක්ෂයටත් ඉඩදෙන්න.. නැතිනම් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්... මෙයා මහින්දට ආදරේ කෙරුවේ මේ හින්දා වෙන්න ඇති... උගත්කමක් නැතිව රජයේ දේපල භුක්ති විඳින්න පුළුවන් මේ වගේ අයට, මේ දවස්වල ගෝඨාව ජනාධිපති කරන්න දඟලන්නේ සේරම හොරුනිසානේ.., මොහුගේ සියලුම දේවල් රාජසන්තක කරන්න මෙතරම් කාලයක් ගත්තේ මේ නඩුව අහන්න ලිපි ගනුදෙනු මකා ගන්න කාලේ දුන්නද?
රොහාන් සුවපතිගේ ගිණුම් එහෙම කොහොමද දන්නේ නැහැ. ඔය දියවන්නාවේ ඔක්කොම එකයි.
දැන් කොච්චර කල් මේ නඩුව කල් දැම්මද? විනිසුරුවරුන්ට වැඩ බැරි නිසාද නැත්නම් යටින් ඩීල් යනවද?
සතෙන් සතේ, රුපියලෙන් රුපියල, එකතු කරලා එකතු කරලා මේ සල්ලි ටික ඉතිරි කර ගන්න මෙතුමා මොන තරම් මහන්සියක් වෙලා ඇත්ද? මොනතරම් පච ඇද බාන්නැත්ද? මොනතරම් යටිගිරියෙන් බෙරිහන් දෙන්න ඇත්ද? පව් අප්පා, ඒවා ගැන සලකලාබලා ඉදිරි පියවර ගැනීමයි හොඳ...
කොමියුනිකේෂන් එකෙන් දවසට රු.1500/-ක් විතර අදායමක් තිබුණු කෙනා කොහොමද මෙහෙම පොහොසත් වුනේ. මගේ අසල්වැසියා. ඕනෑම කෙනෙක් එන්න හොකන්දරට පෙන්නන්න එයාගේ මාලිගාව... සමහරක්ට මෙය මහා දේශප්‍රේමියෙක්.
අපරාදේ දෝෂාරෝපණය කරන්න එපා. මාවරමණ්ඩිය හන්දියේ දාගෙන හිටපු කොමිනිකේෂන් එකෙන් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත තුට්ටු දෙක තමා ඔය ගිණුම් වල දාලා තියෙන්නේ. අනික්වා ඒ ගිනුමේම තැන්පත් කරන්න අපි අර කොන්ඩේ බැඳපු මොකුන්ද එවුන් කියලද හිතන්නේ?
අම්මට සිරි, සාමාන්‍ය දැනුමක්. තියෙන එකා මේ විදියට හම්බ කෙරුවා නම්, අයියලා මල්ලිලා කොහොම හම්බ කරන්න ඇතිද? අසරණ දුප්පත් මිනිසුන්ගේ සල්ලි දෙවියෝ අලියාගේ තරමට නෙමේ ඇහැ දුන්නේ... නැතිනම් ලොකු විනාශයක්.., මේවගේ අයට ඉගෙනීම බාගෙට දුන්නේ ඒ නිසයි. බැංකුවල උළුවහු ටිකත් විකුණන් කයි. අට පාස් කරලා හිටියා නම් අපේ රටට පොඩි විජේ වගේ රටට ජනතාවට ආදරේ කරන එඩිතර තරුණයෙක් බිහිවුණා නම් මේ දේශප්‍රේමීන්ට සුදු සරම අතේ තියන් දුවන්නයි වෙන්නේ...
මේ ඔක්කෝමලා කිව්වොත් කරනවා විතරයි. අැයි බැරිද එතුමාට එහෙම හම්බ කරගන්න?
මුන්නැහේට නම් ලෝක බැංකුවේත් එකවුන්ට් එකක් තියෙන්න පුළුවනි...
තෙවිජ්ජක මහා ප්‍රාඥ බමුණු කෙළෙඹි පුත්‍රයාණනි, ඉහත පින්තූරයේ මුහුණත් තහඩුවෙන් පෙන්නුම් කෙරෙන පිංගුත්තරතුමා ගැනත් අදහසක් ප්‍රකාශ කළොත් හොඳයි නේද?
නීතියට වෙට්ටු දමන ක්‍රම සහ විධි...
එතකොට අර මහ බැංකුව හොරා කාලා රටම හිඟමනට අැදලා දැම්ම රට කරවන ඇත්තන්ගේ බැංකු ගිණුම පරික්ෂා කරන්නේ නැද්ද?
දැන් හිතන්නේ ඔක්කොම සල්ලි ඇත්තේ එකම ගිණුමක කියලාද ? කරුණාකර නැන්දම්මා, පොඩි නෑනා, ලොකු තාත්ත, සුදු මල්ලි, හීන් මලය, උක්කුන් මල්ලි , පුංචි අම්මා , මද්දු බාප්පා , චුටි නඟා , බාල මස්සිනා , ගමේ අක්කා , සුකිරි මලයා , ආච්චි අම්ම , කිරි කෑ අත්තා ආදී හතර පේරුවේ ඥාති ගිණුම් සහ පිටරට බැංකු ගිණුම් ගැනත් සලකා බලනු මැනවි.
රට බංකොලොත් වුනේ මේ විධියට සම්පත් සොරාකාගෙන ඇති නිසයි
අනේ මන්ද මටනම් මේවා කියවල ඔලුවේ කැක්කුම, මට කියන්නේ තියෙන්නේ එකම එක දෙයක් පමණි , ඔක්කොම හොරු කියල, අපිත් හිහිල්ල මුන්ට කතිරේ ගහනවනේ