( නිමන්ති රණසිංහ)
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එම නඩුවෙන් නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අප්‍රේල් 09 වැනිදා නිකුත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.
එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. සැකකාර නාලකද සිල්වා අද අසනීපයෙන් සිටින බැවින් අධිකරණයේ පෙනී නොසිටින බව බන්ධනාගාරය මගින් ලිඛිතව මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ෂුවර් ජනාධිපතිතුමාගේ නාටකය ඉවර කරන්න ලඟයි දැන් එතුමා යුටර්න් එක ගහනවා..... ආයෙත් පාරක් සිරාවටම.මෙහෙවි නායකයන් තව තවත් අපෙ රටට අවශ්‍යයි. එන්න එන්න රට කන්න අප හා සමගි වන්න
දැන් නඩුත් අහලා පරීක්ෂණ. කරලත් ඉවරයි දඩුවම් පසුවටද අඩ බෙර ගහපු විදියට හිතුනේ කට්ටියම ඉවරයි කියලා , බලනකොට නිදහස්
මොකක්ද මේ කුණුහරුපේ ආයුබෝවන්...? මෙච්චර චෝදනා කරලා රිමාන්ඩ් කරලා කටහඬ පරීක්ෂණ රිපෝට් ඉදිරිපත් කරලා ඉවරවෙලා...
මෛත්‍රී, නාමල් කුමාරගේ තවත් කොටසක් අසාර්ථකයි. මේ දවස්වල නාමල් කුමාරගේ මාධ්‍ය සංදර්ශනත් පේන්න නැහැ.
මුදාහැරීමට අදහසක් තිබෙන්නේ මොහු නිර්දෝෂී නිසා වෙන්නට බැරිද ? නොඑසේ නම් ජනපති ඝාතනයකට වෙර දැරුවේ නම් නිදහස් කිරීමට සිතීමට හා පුලුවන්ද ? මොහු නිර්දෝශී පුද්ගලයෙකු වුවහොත්, ඔහුට සිදුවූ අසාධාරණයට විරුද්ධව පියවර ගතයුතුයි නේද ?
නාලකට නැවත හිමි තනතුරු දෙනු, මූලික අතිවාසිකම් කඩ කලාට / ඔහුගේ මුළු ජීවිතයම විනාශ කලාට මිලියන 1000 වත් වන්දි ගෙවීම වටී. නාටකයේ පිටපත් රචකයින් හා නිෂ්පාදකයින් මෙම මුදල ගෙවිය යුතු අතර ඉතිරිය රජය මගින් දැරිය යුතුය.
රටට සේවය කරන කෙනෙකුට ලැබුන තෑග්ග - හිරගේදෙර මොහුගේ කාලය කා දැමුවට සහ වෙච්ච අසදාරණයට ජනපති සහ ඔහුගේ ආණ්ඩුව වග කිවයුතුය නිකම්ම නිකන් නිකමෙක් කියූ පලියට දේවල් විශ්වාස කර දඩුවන් ලබාදෙන අය නැවත මේ රටට එපා.