IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අයවැයට ශ්‍රීලනිපය විරුද්ධ නොවන්නේ නම් ඒකාබද්ධය සාකච්ඡාවලින් ඉවත් වෙනවාලු

(නලක සංජීව දහනායක)

අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරන්නේනම් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ඔවුන් සමඟ පවත්වන සාකච්ඡාවලින් වහාම ඉවත්විය යුතුයැයි එකාබද්ධ විපක්‍ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂ විරෝධී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා තමන් සමඟ සාකච්ඡා පවත්වන අතරතුර එ.ජා.ප ආණ්ඩුව ආරක්‍ෂාකිරීමට කටයුතු කරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් කිසිඳු ඵලක් නොවන බව තරුණ මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ මොහොතේදී ආවේගශීලී නොවී ඉවසීමෙන් දේශපාලනය කළ යුතු බව තරුණ මන්ත‍්‍රී කණ්ඩායමට පෙන්වාදී ඇති විපක්‍ෂනායකවරයා රජයට එරෙහි සියලූම දේශපාලන කණ්ඩායම් එකතු කරගනිමින් පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතිදී රජය විවේචනය කර කෙසේ හෝ මැතිවරණයක් ලබාගැනීමට ක‍්‍රියාකළ යුතු යැයි පවසා ඇති බව වාර්තාවේ.

පසුගිය සදුදා දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එක්බද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විපක්‍ෂනායකවරයා දැනුවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 



අදහස් (7)

අයවැයට ශ්‍රීලනිපය විරුද්ධ නොවන්නේ නම් ඒකාබද්ධය සාකච්ඡාවලින් ඉවත් වෙනවාලු

kule Wednesday, 03 April 2019 02:17 PM

ටොම් පචයා සහ චින් චින් නෝනා සමග ගෙවන දවල් මිගෙල්, රෑ දනියෙල් හාදකම නවත්වයිද?

:       37       141

Amila Wednesday, 03 April 2019 02:35 PM

ඉස්සර සිරිගේ ශ්‍රී ලනිපය දවල්ට යූන්පී එකත් එක්ක බුදියගෙන රෑට හොරෙන් හොරෙන් පොහොට්ටුවේ අයත් එක්ක බුදියගත්තා. දැන් දවල්ට පොහොට්ටුව එක්ක බුදියගෙන රෑට අායෙත් හොරෙන් හොරෙන් යූන්පී එකත් එක්ක බුදියනවා...! සමහර විට අර පරණම ජොබ් එක කරන අයගෙන් පැවත එන අය වෙන්න ඇති..!

:       0       243

SuddaThursday, 04 April 2019 01:07 AM

මෛත්‍රී ජනාධිපතිතුමා පත්තර බලනවා කියන නිසා මේ දවසේ කියමන දැකලා තමන්ගේ තත්ත්වය ගැන රටවැසියන්ගෙන් සමහරෙක්වත් හිතන හැටි තේරුම් ගනීවි කියල හිතනවා. ඇත්තම කියනවනම් මේ හැසිරීම් පරණම ජොබ් එකටත් ලැජ්ජාවක්. මේ කරන්නේ තුන්වෙනි සිල්පදය කැඩීමක්.

:       0       42

Hafeel Wednesday, 03 April 2019 03:07 PM

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දොස් කියන්න නැතුව, ඔයාලාගේ ඩලස්ට දොස් කියන්න. ඩලස්නේ කිව්වේ අයවැය පරද්දන්න බැහැ කියලා...

:       0       110

sirimal Wednesday, 03 April 2019 04:43 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඔය සාකච්ඡා පවත්වන්නේ සිරිසේන මහත්තයාට ජනාධිපති අපේක්ෂත්වය දෙන්න හිතාගෙන නොවෙන බව ඕනෑම කෙනෙක් දන්නවානේ. දැන් තමන්ගේ පුරවැසිභාවය අවලංගු කර ගැනීම සඳහා ඇමෙරිකාවට ගිහින් ඉන්න අයිය මලෝ දෙන්නා එම වැඩේ සාර්ථක කරගෙන ආපසු එන දවසේ පටන් රණ බෙර, මල්වෙඩි, පෙරහැර පටන්ගෙන අපේක්ෂකයා කවුද කියනඑක රටටම හෙළිකරාවි. ඒ ගොල්ලෝ ඒ වැඩේට කොහොමත් අති දක්ෂයෝනේ. වැඩේ සරුව පිත්තල වුනාට දඹ රත්තරන් හැටියට උකහා පෙන්වන්න දැන් ඕනෑවටත් වැඩිය මාධ්‍ය සමාගම් සැදී පැහැදී ඉන්නවනේ. එ්කාබද්ධයේ සමහරක් දෙනා සහ පොහොට්ටුවේ සියල්ලන්ගේම ඒකායන අරමුණ කෙලෙසින් හෝ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික ලබා ගැනීමට අවශ්‍ය පාර කපා ගන්න එකනේ. කවුද එ්ක නොදන්නේ? දැන් ඔය විල්පත්තුවක් අල්ලාගෙන ගෙනයන සෙප්පඩ විජ්ජාවත් අලුතෙන් ඡන්දය හිමිකරගෙන ඇති රටේ තරුණ තරුණයින් හැකිතරම් දෙනා තමන්ගේ පැත්තට හරවා ගැනීම සඳහා යොදාගන්නා පොහොට්ටුවේ සූක්ෂ්ම වැඩ පිළිවෙලක් කියලයි ඒක මෙහෙයවන කට්ටිය දැක්කහම අපට නම් හිතෙන්නේ. අන්තර්ජාලය තමා මේ සියල්ලගේම රණබිම කරගෙන තියෙන්නේ...

:       0       94

Nissanka Thursday, 04 April 2019 03:16 AM

එපා වාහෙට හොදි බෙදනවා වගේද? පල නොකියා පලා බෙදනවාවත්ද? කොහොම උනත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනලු. පොහොට්ටුවට ඕන උනේ ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ගලවන්න. අන්තිමේදී මෛත්‍රීට අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ.

:       0       104

sirimal Thursday, 04 April 2019 08:31 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඔය සාකච්ඡා පවත්වන්නේ සිරිසේන මහත්තයාට ජනාධිපති අපේක්ෂත්වය දෙන්න හිතාගෙන නොවෙන බව ඕනෑම කෙනෙක් දන්නවානේ. දැන් තමන්ගේ පුරවැසිභාවය අවලංගු කර ගැනීම සඳහා ඇමෙරිකාවට ගිහින් ඉන්න අයිය මලෝ දෙන්නා එම වැඩේ සාර්ථක කරගෙන ආපසු එන දවසේ පටන් රණ බෙර, මල්වෙඩි, පෙරහැර පටන්ගෙන අපේක්ෂකයා කවුද කියනඑක රටටම හෙළිකරාවි. ඒගොල්ලෝ ඒ වැඩේට කොහොමත් අති දක්ෂයෝ නේ. වැඩේ සරුව පිත්තල උනාට දඹ රත්තරන් හැටියට උකහා පෙන්වන්න සැදී පැහැදී ඉන්නවානේ. එකා බද්ධයේ සමහරක් දෙනා සහ පොහොට්ටුවේ සියල්ලගේම ඒකායන අරමුණ කෙලෙසින් හෝ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික ලබා ගැනීමට අවශ්‍ය පාර කපා ගන්න එකනේ. කවුද එක නොදන්නේ? දැන් ඔය විල්පත්තුවක් අල්ලාගෙන ගෙන යන සෙප්පඩ විජ්ජාවත් අලුතෙන් ඡන්දය හිමිකරගෙන ඇති රටේ තරුණ තරුණයින් හැකිතරම් දෙනා තමන්ගේ පැත්තට හරවා ගැනීම සඳහා යොදාගන්නා පොහොට්ටුවේ සුක්ෂ්ම වැඩ පිළිවෙලක් කියලයි ඒක මෙහෙයවන කට්ටිය දැක්කහම අපටනම් හිතෙන්නේ. අන්තර් ජාලය තමා මේ සියල්ලගේම රණබිම කරගෙන තියෙන්නේ. තරුණ තරුණියන් දස ලක්ෂයක් එකතු කරගන්න එකලු අධිෂ්ඨානය.

:       1161       114

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 368 0

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 494 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 277 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 516 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 2982 5

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 8065 8

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1011 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 248 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site