(නලක සංජීව දහනායක)
අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරන්නේනම් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ඔවුන් සමඟ පවත්වන සාකච්ඡාවලින් වහාම ඉවත්විය යුතුයැයි එකාබද්ධ විපක්‍ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂ විරෝධී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා තමන් සමඟ සාකච්ඡා පවත්වන අතරතුර එ.ජා.ප ආණ්ඩුව ආරක්‍ෂාකිරීමට කටයුතු කරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් කිසිඳු ඵලක් නොවන බව තරුණ මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ මොහොතේදී ආවේගශීලී නොවී ඉවසීමෙන් දේශපාලනය කළ යුතු බව තරුණ මන්ත‍්‍රී කණ්ඩායමට පෙන්වාදී ඇති විපක්‍ෂනායකවරයා රජයට එරෙහි සියලූම දේශපාලන කණ්ඩායම් එකතු කරගනිමින් පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතිදී රජය විවේචනය කර කෙසේ හෝ මැතිවරණයක් ලබාගැනීමට ක‍්‍රියාකළ යුතු යැයි පවසා ඇති බව වාර්තාවේ.
පසුගිය සදුදා දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එක්බද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විපක්‍ෂනායකවරයා දැනුවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටොම් පචයා සහ චින් චින් නෝනා සමග ගෙවන දවල් මිගෙල්, රෑ දනියෙල් හාදකම නවත්වයිද?
ඉස්සර සිරිගේ ශ්‍රී ලනිපය දවල්ට යූන්පී එකත් එක්ක බුදියගෙන රෑට හොරෙන් හොරෙන් පොහොට්ටුවේ අයත් එක්ක බුදියගත්තා. දැන් දවල්ට පොහොට්ටුව එක්ක බුදියගෙන රෑට අායෙත් හොරෙන් හොරෙන් යූන්පී එකත් එක්ක බුදියනවා...! සමහර විට අර පරණම ජොබ් එක කරන අයගෙන් පැවත එන අය වෙන්න ඇති..!
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දොස් කියන්න නැතුව, ඔයාලාගේ ඩලස්ට දොස් කියන්න. ඩලස්නේ කිව්වේ අයවැය පරද්දන්න බැහැ කියලා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඔය සාකච්ඡා පවත්වන්නේ සිරිසේන මහත්තයාට ජනාධිපති අපේක්ෂත්වය දෙන්න හිතාගෙන නොවෙන බව ඕනෑම කෙනෙක් දන්නවානේ. දැන් තමන්ගේ පුරවැසිභාවය අවලංගු කර ගැනීම සඳහා ඇමෙරිකාවට ගිහින් ඉන්න අයිය මලෝ දෙන්නා එම වැඩේ සාර්ථක කරගෙන ආපසු එන දවසේ පටන් රණ බෙර, මල්වෙඩි, පෙරහැර පටන්ගෙන අපේක්ෂකයා කවුද කියනඑක රටටම හෙළිකරාවි. ඒ ගොල්ලෝ ඒ වැඩේට කොහොමත් අති දක්ෂයෝනේ. වැඩේ සරුව පිත්තල වුනාට දඹ රත්තරන් හැටියට උකහා පෙන්වන්න දැන් ඕනෑවටත් වැඩිය මාධ්‍ය සමාගම් සැදී පැහැදී ඉන්නවනේ. එ්කාබද්ධයේ සමහරක් දෙනා සහ පොහොට්ටුවේ සියල්ලන්ගේම ඒකායන අරමුණ කෙලෙසින් හෝ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික ලබා ගැනීමට අවශ්‍ය පාර කපා ගන්න එකනේ. කවුද එ්ක නොදන්නේ? දැන් ඔය විල්පත්තුවක් අල්ලාගෙන ගෙනයන සෙප්පඩ විජ්ජාවත් අලුතෙන් ඡන්දය හිමිකරගෙන ඇති රටේ තරුණ තරුණයින් හැකිතරම් දෙනා තමන්ගේ පැත්තට හරවා ගැනීම සඳහා යොදාගන්නා පොහොට්ටුවේ සූක්ෂ්ම වැඩ පිළිවෙලක් කියලයි ඒක මෙහෙයවන කට්ටිය දැක්කහම අපට නම් හිතෙන්නේ. අන්තර්ජාලය තමා මේ සියල්ලගේම රණබිම කරගෙන තියෙන්නේ...
එපා වාහෙට හොදි බෙදනවා වගේද? පල නොකියා පලා බෙදනවාවත්ද? කොහොම උනත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනලු. පොහොට්ටුවට ඕන උනේ ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ගලවන්න. අන්තිමේදී මෛත්‍රීට අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඔය සාකච්ඡා පවත්වන්නේ සිරිසේන මහත්තයාට ජනාධිපති අපේක්ෂත්වය දෙන්න හිතාගෙන නොවෙන බව ඕනෑම කෙනෙක් දන්නවානේ. දැන් තමන්ගේ පුරවැසිභාවය අවලංගු කර ගැනීම සඳහා ඇමෙරිකාවට ගිහින් ඉන්න අයිය මලෝ දෙන්නා එම වැඩේ සාර්ථක කරගෙන ආපසු එන දවසේ පටන් රණ බෙර, මල්වෙඩි, පෙරහැර පටන්ගෙන අපේක්ෂකයා කවුද කියනඑක රටටම හෙළිකරාවි. ඒගොල්ලෝ ඒ වැඩේට කොහොමත් අති දක්ෂයෝ නේ. වැඩේ සරුව පිත්තල උනාට දඹ රත්තරන් හැටියට උකහා පෙන්වන්න සැදී පැහැදී ඉන්නවානේ. එකා බද්ධයේ සමහරක් දෙනා සහ පොහොට්ටුවේ සියල්ලගේම ඒකායන අරමුණ කෙලෙසින් හෝ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික ලබා ගැනීමට අවශ්‍ය පාර කපා ගන්න එකනේ. කවුද එක නොදන්නේ? දැන් ඔය විල්පත්තුවක් අල්ලාගෙන ගෙන යන සෙප්පඩ විජ්ජාවත් අලුතෙන් ඡන්දය හිමිකරගෙන ඇති රටේ තරුණ තරුණයින් හැකිතරම් දෙනා තමන්ගේ පැත්තට හරවා ගැනීම සඳහා යොදාගන්නා පොහොට්ටුවේ සුක්ෂ්ම වැඩ පිළිවෙලක් කියලයි ඒක මෙහෙයවන කට්ටිය දැක්කහම අපටනම් හිතෙන්නේ. අන්තර් ජාලය තමා මේ සියල්ලගේම රණබිම කරගෙන තියෙන්නේ. තරුණ තරුණියන් දස ලක්ෂයක් එකතු කරගන්න එකලු අධිෂ්ඨානය.