ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට විනිසුරුවරුන් 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද, ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැනුම් දී නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන විවාදයේදී ය.
සේවා කාලයට අදාළව උසස්වීම් ලබා නොදෙනවා නම් එලෙස නොදීමට හේතුව එම විනිසුරුවරුන් දැන ගත යුතු බව ද ජනාධිපතිවරයා කීවේය. තමා කතා කරන්නේ දැනට පත් කර සිටින විනිසුරුවරුන් නොවන බවත්, තමා කතා කරන්නේ පත් නොකළ හරින ලද පිරිස ගැන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
‘‘ඒ විනිශ්චයකාරවරුන්ට ව්‍යවස්ථා සභාවවත්, අගවිනිසුරුවත් කාවවත් අහම්බෙන්න බෑ. එයාලට හම්බෙන්න පුලුවන් මාව විතරයි. ඔවුන් කියනවා මම තමයි නම් කපන්නේ කියලා. මුලින් එහෙම හැඟීමක් තිබ්බා. විනිශ්චකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් තමාගේ සේවා කාලයට අදාලව උසස්වීම ලබා නොදෙන්නේ ඇයි කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. විනිශ්චකාරවරයෙක් කිය්නනේ පොඩි කෙනෙක් නෙමෙයි. අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද කියා විනිසුරුවරුන් ප්‍රශ්න කරනවා‘‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
‘‘අද චෝදනාවක් තියෙනවා ව්‍යවස්ථා සභාව දේශපාලනී කරණය වෙලා කියලා. වැටත් නියරත් ගොයන් කා නම් කාටද කියමිත ඒ කතාව කියා කතාවක් තිබෙනවා.‘‘යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ඇත්තද? ඒක එහෙම නම්, සොරි අර කතාවක් තියනවනේ " බැරි සිල් නොගනින් අබරෝ" කියල.
මෙතුමාගේ බොහෝ කතාවලට මගේ එකඟතාවයක් නැති උවත් මෙහි යම් සත්‍යයක් ඇති බව පෙනෙනවා. මොකද මමත් වැඩ කරන්නේ අර්ධ රාජ්‍ය සේවයක. ඒවයෙත් උසස්වීම් සහ අනෙකුත් දීමනා දෙන්නේ ප්‍රධානියාට හිතවත්නම් පමණයි.
ඔය කියන ව්‍යවස්ථා සභාවේ කිසිම පක්ෂෙක වැඩි බලයක් නැහැ කියනවානේ ඉතින් ඕක දේශපාලනිකරණය වෙන්නේ කොහොමද. වෙන මොකදෝ අව්ලක් මෙතන තියෙනවා වගෙයි පෙන්නේ.
කෙනෙක් යම් රැකියාවක දීර්ගතම කාලයක් නියතුව සිටියාද යන්නට වඩා, කෙනෙකුගේ දක්ෂකම උසස් වීම් සඳහා සැලකිය යුතු බවයි මගේ හැගීම. කෙසේ වෙතත්, විනිසුරුකරුවන්ගේ නම් හේතු රහිතව ප්‍රතික්ෂේප කිරීම වලංගු කරුණක් නොවේ. ව්‍යවස්ථා සභාවට එවැනි වගකීමක් දැරිය නොහැකි නම් එම සභාව අවලංගු කර දැමීමට කාලය පැමිණ ඇත.
කතාව නියමයි
ජනාධිපතිතුමා ජාතියේ මුර දේවතාව
ඒක එහෙම තමයි. කමිටුවක් කියන්නේ තීරණ ගැනීමේ බලයත් එක්කයි 19 යේ ප්‍රතිපල
අනිවාර්ය විශ්‍රාම ගන්නවට වඩා එක හොඳයිනේ.
මාධ්‍ය තුලින් හෙළිකිරීමට, විවෘතව කතා කිරීමට නොහැකි, සදාචාරාත්මක නොවන අසාධාරණ තීන්දු , තීරණ , ගනුදෙනු හා හැසිරීම් රටා ගැන සලකා බැලුවා විය හැකියි. අතීතයට එබී බැලුවොත් ජනාධිපතිතුමන්ට මේවා නොපෙනෙනවා විය නොහැකියි. කෙනෙකු නොගැලපේ නම්, අසමත් නම්, කන් කෙඳිරි ගෑමකට පත් නොවන්නට සිතා කටයුතු කිරීම යෙහෙකි. එත් එක පැහැදිලි යටි අරමුණක් ඇති බව පෙනේ. ඒ අනුව , කෙනෙකුව යම් අධිකරණයකින් වැරදිකරු බවට තීන්දු වී දඬුවම් නියම වුවාට පසු අභියාචනයක් මගින් වෙනත් අධිකරණයකින් ගොඩ යාමට මැනවින් කටයුතු සැකසෙන වගකි.
සුදු ඇදගත් කපටි ඒකාධිපති පක්ෂග්‍රාහී කතානායකයා වගකිව යුතුයි.
කවුරු හරි " අඬන්නා වලපෙන්නා සහ නලාව " කියල කියන එකනම් සාධාරණ නැහැ ඔන්න.
ඔබ තුමා අතිගරු ජනාධිපතිතුමාය. මේවා නිවැරදි කිරීමට ඔබට බලය සහ අවස්ථාව ඇත.
කකුළුවා නටන්නේ මුට්ටිය රත්වෙනකම් විතරයි.
හිටපු අගවිනුසරුවරිය එලියට දාපු ක්‍රමයට වඩා හොදයි නේද දැන් තියෙන විදිය
ඕකම මම කිව්වා මා ගැන. මාව විශ්‍රාම ඇරියේ ඇයි කියලා දැනගන්න මට අයිතියක් තියෙන බව. කෝ ජනපති තුමා ඒකට ගත් උත්තර දුන්නෙ නැහැ. මේ කාගෙත් හිත උනු වෙන්නෙ ලොකු. මිනිස්සු ගැන ව්තරයි.
අගමැති, කතානායක විතරක් නෙවෙයි විපක්ෂ නායක පවා එකම පැත්තක ඉදිද්දි පත්කරපු මේ සභාව ඉල්ලාඅස්වෙලා අලුතින් පත්කරන එක තමා සදාචාරය .
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනාධිපති වරයෙක් තවදුරත් තබාගෙන ඉන්න රටක් මේක.
ව්‍යවස්ථා සභාවට පරණ රෙජිමයට කත් ඇදපු අය යෝජනා කිරීම තමයි මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මොකද පරණ රෙජීමය කාලෙ ව්‍යවස්ථා සභාත් නැහැ, ඔය පත්වීම් ඔක්කොටම ආවේ ඒ අයගේ ගැත්තෝ. ඔය ඉස්සරහට එන නඩු වහගන්න තමයි මේ දැන් දගලන්නේ.
ඉල්ලා අස්වෙලා ගෙදර යන්නකෝ අදෝනාවක් නොවී. ඉස්සරත් අරක කරන්න දුන්නේ නෑ මේක කරන්න දුන්නේ නෑ කිය කිය හිටියා දැනුත් එහෙමයි.
එක්තරා ආගමික කල්ලියකට ඕනා විධියටයි වැඩ වෙන්නේ, ලංකාවේ අධිකරණ, දේශපාලන, ආර්ථික, ක්‍රිකට් අංශත් මේ භුවල්ලන්ට යටත්.
එක තනතුරක් සඳහා නම් හතරක් එව්වාම තුනක් ප්‍රතික්ෂේප වෙනවා. තනතුරු කිහිපයකට නම් දුසිමක් විතර යැව්වත් අවශ්‍ය ප්‍රමාණය තෝරාගෙන ඉතුරු නම් ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරපු පුද්ගලයින්ගේ 'අඩුපාඩු' ප්‍රසිද්ධ කිරීමෙන් ඔවුනට යහපතක් වෙන්නේ නැහැ. මෙයා සෞඛ්‍ය ඇමති කාලෙත්, ජනපති කාලෙත් අනුන්ගේ වැරදි ගැන කියා කියා හිටියා මිසක් කරපු දෙයක් නැහැ
ව්‍යවස්ථා සභාවට එරෙහිව කරනු ලබන සියලුම ප්‍රකාශ, චෝදනා, අපවාද කවුරුන් විසින්, කුමක් අරභයා කලද , දේශපාලන භේදයෙන් තොරව සියලුම මහජනතාව විසින් පිළිකුලෙන් යුතුව බැහැර කොට, හෙලා දැකිය යුතුය. විවිධ අපචාරයන්, දේශපාලන අතකොලු සහ පිළිකුල් ක්‍රියාවන්ට මුල්වූ සමහර විනිසුුරු විනිසුරුවරියන් සම්භාන්දහව ව්‍යවස්ථා සභාව විසින් ගෙන ඇති සියලුම තීන්දු, තීරණ නිවැරදිය. එහි ජනාධිපතිගේද, අගමැතිගේද, විපක්ෂයේද, මහින්දගේද, සිවිල් සංවිධාන වලටද අයත් සියලු නියෝජිතයන් ඇති බැවින් මෙය ජන්ධිපත් විසින් හිතේ අමාරුවට කියන කතා ලෙස බැහැර කල යුතුය. ඒ මක් නිසාද යත්, ව්‍යවස්ථා සභාව අද මෙන් හෙටද රකින්නේ ඡන්දය දුන්, රජය පත් කල ජනතාව බැවිනි. එය ජනාධිපති ගේ අතකොළුවක් නොවේ.
ඉතාමත් අසාධාරණ විධියට අග විනිසුරුවරිය එලියට දාපු අය දැන්....
මම හිතන විදියට මීට වඩා උගත් සහ බුද්ධිමත් කෙනෙක් අපේ ජනාධිපති හැටියට පත්කර ගත යුතුයි....
ප්‍රදානම කරුණ තමයි යම් තනතුරකට පත්කරන හෝ පත්වෙන පුද්ගලයට එම තනතුර කරගෙනයාමට දැනුම හා බුද්ධිය තිබිය යුතුයි.මිට දසක කීපයකට පෙර මා පුවත්පත් වලින් දුටුවා එදා පත්වුන පොලිස්පතිවරයා කොස්තාපල්වරයෙකු ලෙස මුල් පත්වීම ලබාගත් නිලධාරියෙක් කියා ඔහුගේ දක්ෂතාවයට හෝ වාසනාවට පොලිස්පතිවුනට සෑම පොලිස් කොස්තාපල්වරයෙකුටම පොලිස්පතිවෙන්න පුලුවන්ද? කියමනක් තියනවා නේද මෙනි අ කෝල් ෆෙව් අ සිලෙක්ටෙඩ් කියා.
ඔබනේ ව්‍යවස්ථාවත් විනාස කරේ ?
දයාන් - හිතන්න දෙයක් නැහැ. අප කලයුත්තේ එයමයි. නමුත් රටට ආදරය කරන බුද්ධිමතුන් තරග කරයිද? ඉල්ලනවානම් ස්වාධීනව ඉල්ලන්නත් ඕනේ. එකට ඉන්න අය ඉඩ දෙයිද?
මං මේ ඇත්තමයි කියන්නෙ මේ රට හදන්න පුළුවන් එකම ජනාධිපති අපේ සිරිසේන ජනාධිපති. ඊලග පාරත් මෙයාව අපි කොහොම හරි පත්කරමු.
ළමයිනේ කියන්න බලන්න චුරු චුරු ජනාධිපති කව්ද කියලා.... වෙන කවුරුද අපේ වත්මන් ජනාධිපති මිසක්.
ප්‍රතික්ෂේප මිනිස්සු බලයේ ඉන්නකොට ඔහොම තමා.
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ ජනාධිපති කෙනෙකුයි මේ කතා කරන්නේ... කොහෙන්ද හිනා වෙන්න ඕනෑ?
මේ අර්බුදයෙන් රටේ නීතියට ප්‍රජාවට වෙන හානිය ගැන නොහිතා පාට කන්නාඩි දාගෙන එහාටයි, මෙහාටයි... චෝදනා කරකර ඉන්න ජනතාවක් හා දේශපාලකයන් ඉන්න රටක මොන නීතිය හා සදාචාරයද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යනු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම සඳහා පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක් යැයිද එය විවේචනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැත්තේ කාටදැයි ඉතා පැහැදිලිව පෙනෙන්නේයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණමඩුවේදී අද (22) පැවැසීය. ව්‍යවස්ථාදායක සභාව කරන පත්වීම් හෝ ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් නොකරන්නේ 1947 වසරේ සිට පැවතෙන අතීත සම්ප්‍රදාය අනුව බව කී අග්‍රාමාත්‍යවරයා මෙරට අධිකරණ සේවා කොමිසම මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ පත්වීම් දෙනවිට හෝ ප්‍රතික්ෂේප කරන විට 1947 වසරේ සිට කිසිඳු හේතුවක් ඉදිරිපත් නොකළ බවද කීය. මේ තත්ත්වය වෙනස් කරන්නට ගියොත් අධිකරණ සේවා කොමිසම දෙන සෑම තීරණයකටම හේතු දෙන්නට වනු ඇතැයිද එවිට විවිධ වාද විවාද ඇතිවීම වැළැක්විය නොහැකි යැයිද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මේ කාටත් ජුවල් ගිහින් තියෙන්නේ චූටි නංගියාගේ නම අනුමත නොවෙච්ච එක ගැන. ජනාධිපතිතුමා දැන් වැඩ කරන්නේ මහින්දගේ පියන් හැටියට වගෙයි..!
මේකේ කතාව වෙනස්... මෙයා මේ අඬන්නේ මෙයාගේ කට්ටිය පත් කරගන්න බැරි වෙච්ච හින්දා. මෙයාට කැමති විදිහට ව්‍යවස්ථාව කඩන්න බැරි වුණු එකේ දුක....
යුක්තිය සාධාරණය අපේක්ෂා කල හැටදෙලක්ෂයක් දෙනා බලා සිටින චූදිතයින් හට දඬුවම් නියමවූ විට අභියාචනයකින් ඔවුන් නිදොස්කොට නිදහස්කරගැනීමට යොදාගැනීමේ ගැලවුම්කාර චූටි නංගි පත්කරගැනීමට නොහැකි වීම මෙසේ අඬන්නට ප්‍රධාන හේතුව නේද? ඇය සහ අයගේ ඇතැම් කෙරුවාවන් ගැන කියැවෙන, මේ රටේ අති බහුතරයක් දෙනා දන්නා නොයෙකුත් කතා හා සාක්ෂි අතිගරු උතුමාණන් නොදන්නා සේ ඇයව නම් කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේද? කිසියම් කාර්යයකට ප්‍රතිඋපකාර වශයෙන්, ඇයගේ දියණියගේ විවාහ මංගල්‍ය අරබයා රුපියල් දසලක්ෂයක් හා මර්සිඩීස් බෙන්ස් කාර් එකක් මහින්ද පිරිනමා ඇති බව ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල දක්වා තිබුණලු නේද? ව්‍යවස්ථාදායක සභාවේ අසුන්ගන්නේ අඳ, ගොළු, බිහිරන් හෝ නූගතුන් හෝ එහෙයියන් හෝ නොවෙයි නේද?