IMG-LOGO

රත්ගම තරුණයන්ට සාධාරණය ඉල්ලා ගාලු-කොළඹ පාර හරස් කර විරෝධතාවක්

තරිඳු ජයවර්ධන
 
රත්ගම දී පැහැරගෙන යනු ලැබූ තරුණයන් දෙදෙනාගේ ඥාතීහු ඇතුළු පිරිසක් ගාලු-කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගමදී හරස් කරගෙන විරෝධතා ඇරැඹූහ. 
 
උදෑසන නවයට පමණ විරෝධතාව ඇරැඹි අතර තවමත් විරෝධතාකරුවෝ රැඳී සිටිති.
 
තරුණයන්ගේ අතුරුදන් කිරීමට අදාල සෙසු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු බල කර සිටිති.
 
රත්ගම දී පැහැරගත් තරුණයන් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක දී ඝාතනය කර පුලුස්සා ඇතැයි අනාවරණය කරගත් බව රහස් පොලිසිය ඊයේ පැවසීය.
 
ඡායාරූප - සුමතිපාල දියගහගේ

 

 

ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට

 



අදහස් (2)

රත්ගම තරුණයන්ට සාධාරණය ඉල්ලා ගාලු-කොළඹ පාර හරස් කර විරෝධතාවක්

රවින් Sunday, 24 February 2019 05:51 AM

ඉල්ලන්නේ සාදාරණත්වය නේද? පහුගිය දවස්වල ප්‍රවෘති අනුව නම් සාදාරණත්වය කෙරෙන හැඩයි. තව සතියක් හෝ දෙකක් පොඩ්ඩක් ඉවසන්න. සහගහන අපරාද කරලා යහතින් ඉන්න පුළුවන් ටික දවසයි. කරපු කට්ටිය ටික ටික එලියට එනවා කියලා තිබුනේ. අපි කලබල උනොත් හරියට නඩු පවරන එකක් නැහැ. එහෙම උනොත් නිතිය කණපිට හරවන උදවියට තමයි වාසි වෙන්නේ. ඒ අයත් බලාගෙන ඉන්නේ නීතියේ හිඩැස්. තියන චෝදනා පත්‍රයේ පිටපතක් අරගෙන තමයි නැවත උද්ගෝෂණ පටන්ගතයුත්තේ. තාවකාලිකව දැනට ඉවසන්න.

:       1       0

banda Sunday, 24 February 2019 09:46 AM

මේ අපරාදේ කරපු අයගේ පවුල් පිටින් විනාශ වෙලා යන්න කියලා අපි රට පුරා පොල්ගහමු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site