IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් පරීක්ෂක හැප්පී යැයි වාහන 2ක් - සැකකරුවෝ 8ක් අත්අඩංගුවට

(තරිදු ජයවර්ධන)

බොරැල්ල රථවාහන අංශයේ  ස්ථානාධිපතිවරයා  අනතුරට ලක් කර  පළා ගිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට  වාහන දෙකක් සහ සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
 

අත්අඩංගුවට ගත් වාහන අතර ඩිෆෙන්ඩරයක් ද වේ. පොලිස් ස්ථානාධිපතිගේ යතුරු පැදියේ ගැටී ඇත්තේ එය බවත්, අනිත් වාහනය ඩිෆෙන්ඩරය සමඟ පිටුපසින් ආ වාහනය බවත් පොලිසිය සඳහන් කරයි.
 

අපරික්ෂාරී ලෙස රිය ධාවනය,අනතුරක් සිදු වූ බව  නොදැන්වීම , අනතුර වළක්වා නොගැනීම අැතුළු චෝදනා කිහිපයක් යටතේ ඩිෆෙන්ඩරයේ රියදුරු අත්අඩංගුවට ගත් බවත්, ඔහුට මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාව ද ගොනු කරනු ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.
 
සෙසු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර දැනුම් නොදීම සම්බන්ධයෙනි.

 
 



අදහස් (4)

පොලිස් පරීක්ෂක හැප්පී යැයි වාහන 2ක් - සැකකරුවෝ 8ක් අත්අඩංගුවට

smn Monday, 25 February 2019 09:44 AM

අනතුර සිදුකර පලා යන විලාසය අපි රූපවාහිනී නාළිකාවල දුටුවා.. ඩිෆේන්ඩර් රථ හිතාමතාම යතුරු පැදියේ හප්පලා පලා යනවා වගෙයි අපිට නම් දැනුණේ… මොකක් වුණත් සිද්ධියෙන් පස්සේ පලායාම නම් සමාව දිය හැකි වරදක් නොවෙයි... මත්ද්‍රව්‍ය හා සම්බන්ධකමක් තිබුණා නම් කුජීතයි...

:       0       248

chandana Monday, 25 February 2019 10:25 AM

පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙකුගේ පුතෙක් ප්‍රධාන සැකකරු... කොහොමත් තාත්තත් විනයක් නැති පට්ට හොරෙක්...

:       1       353

පෙරුමාල් Monday, 25 February 2019 10:59 AM

මිරර් එකේ සැකකරුවන්ගේ නම් සඳහන් වුණා. මහින්දානන්දගේ පුතයි, නගර සභිකයෙකුයි වශයෙන්. මොකද බය වුනේ? මහින්දට බයයි නේද?

:       1       23

පිටිගල මිලානෝ Monday, 25 February 2019 11:01 AM

හැමෝටම ආදර්ශයක් වෙන්න හැකි උපරිම දඬුවම් ලබාදී උපරිම වන්දි මුදල්ද අයකර ගන්න. මේ අකාරයේ රජයේ දේපල අවභාවිතා කරන්න තම නැහැදිච්ච (මිනිස් ජීවිතයක් මඟ දමා පැන යාම) දරුවාට ඉඩ දුන් පියාව අත් අඩංගුවට ගන්නේ නැද්ද? එයාව පොලිසියට අමතක වෙලාද?

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site