IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්ගම සිද්ධියේ කොස්තාපල් හා බීට්ටු නිලධරයා රිමාන්ඩ්

ඩි.ජී.සුගතපාල

 

දකුණු පළාත්  විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කළේය.

රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු වු හික්කඩුව ගුරුගේ සංජය චානක සහ වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි තුෂාර නලින්ද යන සැකකරුවන් වේ.

රත්ගම රත්නඋදාගමදි පැහැරගෙන ගොස්  අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේදි ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු පිළිස්සිම සඳහා වලස්මුල්ලේ කණුමුල්දෙණියේ රක්ෂිතයට ගෙන යාම සඳහා ආධාර අනුබලදී ඇත්තේ සැකකාර  බිට්ටු නිලධාරි තුෂාර නලින්ද  නමැත්තා විසින් බව සැකකාර කොස්තාපල්වරයා විසින් අනාවරණය කර ඇත.

 

 



අදහස් (2)

රත්ගම සිද්ධියේ කොස්තාපල් හා බීට්ටු නිලධරයා රිමාන්ඩ්

Chanak Los angeles Monday, 04 March 2019 09:07 PM

නිල ඇඳුම හා ගෞරවනීය සේවය සම්පුර්ණයෙන්ම කෙලෙසලා නේද ? සල්ලි වලට කෑදර වෙලා මෙවන් කෘරතර අපරාධ කරන්න තරම් පහත් තත්වයකට පත්වීම කෙතරම් ඛේදජනකද....

:       0       2

Chanak Los angeles Monday, 04 March 2019 09:12 PM

කුරාම්ගේ මිලේච්ච ඝාතනයෙන් පසු ඇසුණු ඒ හා සමාන අපරාධයක් මේ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site