(අජන්ත කුමාර අගලකඩ)
මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව වෝහාරික විගණනය කිරීම සඳහා විශේෂඥයින් පත් කිරීමටත් ඊට අවශ්‍ය මුදල් වෙන් කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාය මගින් ඉන් සැලසෙන ඇත.
බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩු ගණනය කිරීම සඳහා 2007 වසරේ සිටම වෝහාරික විගණනයක් කළ යුතු බව මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි මේ සල්ලි නාස්ති කරන්නේ අනවශ්‍ය වැඩවලට? බැදුම්කර ගනුදෙනුෙවන් පාඩුවක් වෙලා නැහැ. එ්කෙන් රටට ලාබයක් වුනේ. මෙම අයවැයින් සහන දුන්නේ ඒ වූ ලාභාංශ වලින් තමයි. යු.අඑන්.පී. තනි ආන්ඩුවකට ජයවේවා..!!!
ඔය ගාන හදා ගන්න අවුරුදු 4 ක් ගියාද? වෝහාරික විගණනයක් තියා සාමාන්‍ය විගණනයක් කරන්නත් අවුරුදු හතරක් ගියානම් ඔය වෝහාරිකේ කරන්න කොච්චර කල් යයිද? මේවා ඡන්දෙ ලං වෙනකොට එලියට බහින රැවටිලි. පිටු දහස් ගණනක වාර්තාවක් අච්චු ගහලා පිට කරාපු කාලේ ඔය වොහාරිකේ මතක් වුනේ නැතිද ?
පාඩුව අඩුවෙන් තක්සේරු කොට එය සුළු වැරදි ගණයට දමා හෝ වැරද්දක් නොවන බව පවසා නිදොස් කොට නිදහස් කරන්න.
බැඳුම්කර පිළිබඳව 2005 සිට වෝහාරික විගණනයක් කල යුතුමයි. පක්ෂ, පාට, හිතවත්කම්, නෑකම් එපා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න මේවා මහජන මුදල් මහජනයා අවදියෙන් ...!!!.
කාවද මේ රවටන්නේ? අපිව රවටන්න නම් එන්න එපා හොඳේ.
බැඳුම්කරේ වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කල යුතුයි. ඒත් ඒ වෙනුවෙන් මුදල් හා දේපල තහනම් කොට තිබුනා නේද? එජාපයේ පමණක් නොවෙයි පොහොට්ටුවෙත්, ශ්‍රීලනිපයෙත් හොරකම් වැරදි වලට කොමිසම් දමා ඒවාටත් දඬුවම් දෙන්න. දේශපාලන වාසි තකා එසේ නොකලත්, මේ රටේ ජනතාව රවටන්න බැහැ. ඔවුන් සත්‍යය දන්නවා.
"බැඳුම්කර පිළිබඳව 2005 සිට වෝහාරික විගණනයක් කල යුතුමයි." මේ කැලෑ පත්තර කියවන්නෙක්. බැදුම්කර හොරකමට අසුඋන හොරුවත් කියන්නේ නැහැ 2005 සිට බැඳුම්කර පිළිබඳව 2005 සිට වෝහාරික විගණනයක් කල යුතුමයි. කියලා.