IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බැදුම්කර නඩුව ගණනය කරන්න වෝහාරික විගණනයක්

(අජන්ත කුමාර අගලකඩ)

මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව වෝහාරික විගණනය කිරීම සඳහා විශේෂඥයින් පත් කිරීමටත් ඊට අවශ්‍ය මුදල් වෙන් කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාය මගින් ඉන් සැලසෙන ඇත.

බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩු ගණනය කිරීම සඳහා 2007 වසරේ සිටම වෝහාරික විගණනයක් කළ යුතු බව මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබිණි.

 

 



අදහස් (8)

බැදුම්කර නඩුව ගණනය කරන්න වෝහාරික විගණනයක්

කල්ලාතු බන්ඩාර Wednesday, 06 March 2019 05:11 PM

අැයි මේ සල්ලි නාස්ති කරන්නේ අනවශ්‍ය වැඩවලට? බැදුම්කර ගනුදෙනුෙවන් පාඩුවක් වෙලා නැහැ. එ්කෙන් රටට ලාබයක් වුනේ. මෙම අයවැයින් සහන දුන්නේ ඒ වූ ලාභාංශ වලින් තමයි. යු.අඑන්.පී. තනි ආන්ඩුවකට ජයවේවා..!!!

:       672       290

nali Wednesday, 06 March 2019 06:56 PM

ඔය ගාන හදා ගන්න අවුරුදු 4 ක් ගියාද? වෝහාරික විගණනයක් තියා සාමාන්‍ය විගණනයක් කරන්නත් අවුරුදු හතරක් ගියානම් ඔය වෝහාරිකේ කරන්න කොච්චර කල් යයිද? මේවා ඡන්දෙ ලං වෙනකොට එලියට බහින රැවටිලි. පිටු දහස් ගණනක වාර්තාවක් අච්චු ගහලා පිට කරාපු කාලේ ඔය වොහාරිකේ මතක් වුනේ නැතිද ?

:       0       9

Bandara Wednesday, 06 March 2019 07:26 PM

පාඩුව අඩුවෙන් තක්සේරු කොට එය සුළු වැරදි ගණයට දමා හෝ වැරද්දක් නොවන බව පවසා නිදොස් කොට නිදහස් කරන්න.

:       11       4

thrindu Wednesday, 06 March 2019 07:37 PM

බැඳුම්කර පිළිබඳව 2005 සිට වෝහාරික විගණනයක් කල යුතුමයි. පක්ෂ, පාට, හිතවත්කම්, නෑකම් එපා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න මේවා මහජන මුදල් මහජනයා අවදියෙන් ...!!!.

:       1       2

පිටිගල මිලානෝ Wednesday, 06 March 2019 09:26 PM

කාවද මේ රවටන්නේ? අපිව රවටන්න නම් එන්න එපා හොඳේ.

:       0       1

Sapumal. Thursday, 07 March 2019 02:31 AM

බැඳුම්කරේ වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කල යුතුයි. ඒත් ඒ වෙනුවෙන් මුදල් හා දේපල තහනම් කොට තිබුනා නේද? එජාපයේ පමණක් නොවෙයි පොහොට්ටුවෙත්, ශ්‍රීලනිපයෙත් හොරකම් වැරදි වලට කොමිසම් දමා ඒවාටත් දඬුවම් දෙන්න. දේශපාලන වාසි තකා එසේ නොකලත්, මේ රටේ ජනතාව රවටන්න බැහැ. ඔවුන් සත්‍යය දන්නවා.

:       0       5

BamunuarachchiWednesday, 13 March 2019 02:36 AM

ඉතින් ඇයි මේ ආණ්ඩුව පොහොට්ටුවෙත්, ශ්‍රීලනිපයෙත් හොරකම් වැරදි වලට කොමිසම් දමා ඒවාටත් දඬුවම් නොදෙන්න. අනික පොහොට්ටුවේ වැරදි හොයන්න පොහොට්ටුව රට ආණ්ඩුකලාය. මොන විකාර කතාද? පොහොට්ටුව පක්ෂයක් හැටියට ෆිටෙවුවා විතරයි.

:       0       0

Bamunuarachchi Wednesday, 13 March 2019 02:32 AM

"බැඳුම්කර පිළිබඳව 2005 සිට වෝහාරික විගණනයක් කල යුතුමයි." මේ කැලෑ පත්තර කියවන්නෙක්. බැදුම්කර හොරකමට අසුඋන හොරුවත් කියන්නේ නැහැ 2005 සිට බැඳුම්කර පිළිබඳව 2005 සිට වෝහාරික විගණනයක් කල යුතුමයි. කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site