(මනෝප‍්‍රිය ගුණසේකර)
පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාව සහ ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.
තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවත් ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් බැංකු අයිරාවක් හා ණය වශ්‍යයෙන් ලබාගත් මුදල් නොගෙවුවහොත් ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
පෑන් ඒෂියා බැංකුවෙන් අවස්ථා කිහිපයකදී බැංකු අයිරා හා ණය වශ්‍යයෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) මුදල් හා ඊට අදාළ පොළී මුදල් උපයා ගැනීම සඳහා පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගමට සහ නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානයේ පදිංචි බන්ධුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩව පවරා තිබිණි.
අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම විසින් අවස්ථා හතරකදී පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනයෙන් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) ණය මුදල් ලබාගෙන එම ණය මුදල් හෝ ඊට අයවිය යුතු පොළී මුදල් නොගෙවා පැහැර හැරීම නිසා එම ණය මුදල හා පොළී මුදල් අයකර ගැනීම ස`දහා මෙම නඩුව පවරා තිබිණි.
දෙවැනි විත්තිකාර බන්ධුල ගුණවර්ධන මහතා අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනයෙන් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක බැංකු අයිරා සහ ණය මුදල් ලබාගැනීමේදී නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානය ඇපයක් වශ්‍යයෙන් ඉදිරිපත් කොට තිබු බව පැමිණිලිකාර බැංකුව අධිකරණයට දැනුම් දී තිබිණි.
අදාළ ණය මුදල් හෝ ඊට අදාළ පොළී මුදල් නොගෙවීම මත එම මුදල් අයකර ගැනීම ස`දහා නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරණ ස්ථානයේ පිහිටි දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණීම ස`දහා මෙම නඩුව පවරනු ලැබිණි.
එහිදී බැංකුව වෙනුවෙන් එහි බැංකු නිලධාරීන්, නීතී නිලධාරීන් ඇතුළු පිරිසක් සාක්කි දුන් අතර විත්තිකාර පාර්ශවය වෙනුවෙන් බන්ධුල ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්කි දෙමින් තමා බැංකුවේදී ඇපකරයක් වශ්‍යයෙන් යම් ලේඛණයකට අත්සන් කළ මුත් උකස්කරයකට අත්සන් නොකළ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විමසීම අවසානයේදී සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දෙවැනි විත්තිකාර බන්ධුල ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්කි දෙමින් තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බව පැවසුවත් ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන යම් ලේඛණයකට අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දුවේ සඳහන් කොට ඇත.
ගුණවර්ධන මහතා අත්සන් කරන්නේ උකස්කරයකට බව හොදින්ම දැන ඔහු අදාළ ලේඛණ වලට අත්සන් කොට ඇති බව පැහැදිලිව පෙනී යන බව සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළ විනිසුරුවරයා පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාව හා ණය මුදල් නොගෙවුවහොත් ඒ වෙනුවෙන් ඇපයට තබා ඇති හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් අංක 28 දරණ දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙසද නියම කළේය.
පැමිණිලිකාර පෑන් ඒෂියා බැංකුව වෙනුවෙන් නීතීඥ වරුණි එගොඩගේ මහත්මියගේ උපදෙස් මත නීතීඥ ඉර්ෆාන් බාචා මහතා සමඟ නීතීඥ වරුණ සේනාධිර මහතා පෙනී සිටියේය.
විත්තිකාර හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතා වෙනුවෙන් නීතීඥ ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතීඥ නුවන් රූපසිංහ මහතා සමඟ ජනාධිපති නීතීඥ පාලිත කුමාරසිංහ මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි
කයිවාරු ගැහුවට කිසි දෙයක් නොදන්න කෙනෙක්
අපි බැංකුවට ගියාම නම් ඇඳගෙන ඉන්න ඇඳුම හරි ඉල්ලනවා ඇපයට තියන්න, මෙයාලගෙන් ඇප මොකුත් නැතුව ණය දෙනවද?
රටේ ආර්ථික හදන්න කතා කරන මනුස්සයා බලන් ගියහම ණයකාරයෙක්. මේ වගේ චරිත එක්ක රටක් විනාශ වෙනවා මිසක් ගොඩ යනවා කියන්නෙම විහිලුවක්.
රුපියල් 2500/- කට කාලා බීලා ඉන්න පුළුවන් එකේ මොකටද කෝටි ගණන් ණය වෙන්නේ.
"තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවත්" වෙන අදහස් ඕන නැහැ නේද?
ඒ කියන්නේ, අපේ රටේ ආර්ථික ප්‍රවිනයෙක්ගේ ආර්ථිකයත් අවුල් වගේ. බැංකු ණය ගැන කිසිවක් නොදන්නා මොහු මෙතෙක් කල් හිතාගෙන ඉඳලා තියෙන්නේ, බැංකු මුදල් ණයට දෙන්නේ තෑග්ගක් ලෙස කියලයි.
පව් එකතු කරලවත් දෙමුද?
ඔය තියෙන්නේ කෙරුවාවේ තරම. ඉතුරු හරිය අපිට හිතාගන්න පුළුවන්.
මට නම් මේවාට හිනා වෙලා පණ යනවා. අපහාසයක් නෙවෙයි පිටකොටුවේ නාට්ටාමි මහතෙකුට වැදගත් ලියවිල්ලකට අත්සන් කරන්න කිව්වොත් මීට වැඩිය වගකීමක් ඇතිව ඒ වැඩේ කරාවි. එත් මෙහෙම දෙයක් වගකිව යුතු රජයේ හිටපු ඇමති කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද .
ලංකාව වැනි රටක මුදල් ඇමතිකම දිය යුත්තෙම, තමන් අත්සන් කරන්නේ මොන ලියවිල්ලකට යන බව වත් නොදන්නා මෙවැනි ප්‍රවීණයන් හට බවට තවත් මොන කතාද? ඇයි, තව මුදල් ඇමති කෙනෙක් කිව්වනේ එයත් දන්නේ නෑ නෝනා තමයි දන්නේ දස ලක්ෂෙක කුලියට ගෙයක් ලැබුන හැටි කියල.
පව්...
මම දන්නේ නැහැ කියන එක හැම තිස්සෙම හරියන්නේ නැහැ වගේ .
ඕක තමයි මෙයා හැම වෙලේම මහින්දව ආයෙත් ගෙන්න ගන්ට බලන්නේ.
හොරකම් කරලා නැති බව නම් මේකෙන් පේනවා.
මොනවා උනත් දේශපාලනයෙන් හොරා නොකා ණය වුන මනුස්සයෙක්
අපරාදේ ලංකා බැංකුවෙන් ණය ගන්න තිබුනේ
ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු මෙන්ම හිටපු මුදල් ඇමැතිවරයකු වගේම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු තමා අත්සන් කරන්නේ අහවල් ලේඛනයේද කියා නොදන්නා තරමට බංකොලොත් අධ්‍යාපන ක්‍රමයක් තියෙන ලෝකයේම එකම රට ,ශ්‍රීලංකාද්වීපයයි…
වගකීමෙන් යුතුව බොරුවකින් තොරව උපකාර පන්ති කරපු එකට අදටත් අවංකවම ගරුකරනවා. එත් දේශපාලනයට ආවට පස්සේ දැක්කේ බොරුවයි, වගකීමෙන් තොරව කරන කතා පමණයි. එදා ප්‍රතාපවත් උතුම් මිනිසෙකු ලෙස ජීවිතය ගතකල ඔබ අද වෙනකොට කොතනකද?
ඔය අමතක වීමේ රෝගය කොහොමත් ලංකාවේ මුදල් ඇමතිවරුන්ට හැදෙනවා, මෙයා දන්නේ නැහැ මොකටද කියලා අත්සන් කරන්නේ? අරයා දන්නේ නැහැ ඉන්න ගෙදර කාටද අයිති කියලා, බලාගෙන යනකොට ඔක්කොම හොරු , පක්ෂ පාට කුමක් වුනත් මේවගේ වංචාකාරයන්ට මුදල් ඇමතිකම් , මහබැංකු අධිපතිකම් දෙන නිසා අපේ රට හැමදාම දුප්පත්
මෙතුමා පසුගිය රාජකාරි සමයේ අත්සන් කල සියලුම ලිපි ලේඛන නැවත පරික්ෂා කර බලන එක ඇඟට ගුණයි. ඔය කියන හැටියට තමන්ගේ පුද්ගලික දේපලත් නොදන්නා කමට කාට හරි ලියවිලා තිබෙන්න පුළුවන් නේද .
ඔය මුදල, බන්දුලට සුළු මුදලක්. වැඩේ තියෙන්නේ ඔහුට තමා අත්සන් කරන්නේ මොන ලේඛනයටද කියන එක නොදැනීමයි.
මොවුන් සිතාන සිටින්නේ තමන් හැර අන් සියලු දෙනාම රැවටිය හැකි මුලා කල හැකි මෝඩයන් ලෙසය. ගෝත්‍රවාදි අවස්තාවාදී ඡන්දදායකයා බත්මුලෙන්,මත්පැන් වීදුරුවෙන් රවටන්නා සේම ගරු අධිකරණයද රැවටීමට ගත් අසාර්ථක උත්සාහයක්. 2500 වගේම ආචාර්‍ය උපාධියත් බාල්දු කලා ජනතාවනි මොවුන් හොදින් හදුනාගන්න.
ඔය වගේ නොදැන තව කීයකට නම් අත්සන් කරන්න ඇත්ද? හිටපු මුදල් අමාත්‍යතුමා නොදැන අත්සන්කරලා. ඔන්න ඕකයි මහත්තයෝ අපි ඔබතුමාලගේ ආණ්ඩුව පෙරලුවේ.
කෝ මෙතුමාගේ ආර්ථික විද්‍යා පන්තියට ගොස් සමත් වුන උදවිය අත උස්සන්න බලන්න. ප්‍රතිපල නැවත පරික්ශා කර බැලිය යුතුමයි.
සම්පත් පතිරණ මෙතුමන් හොරකම් කලේ නැති හින්දා නෙවේ යම් හෙයකින් ඒ මුදල කලු සල්ලි වලින් ගෙව්වොත් කොහොමද එපමණ මුදලක් හෙව්වෙ කියන එක ඔප්පු කරන්න බැරි වෙනවා. ඒකයි හේතුව
අපරාදේ සර් ටියුෂන් කරගෙන හිටියනම් ඔහොම වෙන්නේ නැහැ.
මහින්දගේ දින 58 ආණ්ඩුව දිගටම ගියානං, මෙයා ගොඩ
බාල්දු වැඩක් වෙලා තියෙන්නේ
ගෙවන්නේ කොහොමද කියල හිතන්නේ, කල්පනා කරන්නේ නැතුව මේ වගේ විශාල මුදලක් ණය වශයෙන් ලබාගැනීම මහාචාර්ය කමට නින්දාවක්. රටට, ජාතියට කරන ලද වංචාවක් ..!
මුදල් ඇමතිකමත් කලානේ. මේ අයගේ හිතේ අහිංසක ජනතාව රවට්ටනවා වගේ නඩුකාරයොත් මෝඩයට අන්දන්න පුළුවන් කියා. කොහෙද රටකින් උපාධියකුත් හම්බ උනා නේද ?
ගුරු වෘත්තියටත් නිගාවක් මේ වගේ මිනිස්සු
මම මේ ඉන්නේ බමුණු අදහස් දානකම්
අඩුපාඩු තිබෙන්න පුළුවන් ඒත්, එක දෙයක් පැහැදිලියි. මෙතුමා මහජන මුදල් මංකොල්ල කාලා නැහැ.
මෙයා ගැන දන්නා නිසාද කොහෙද මෙයාට මුදල් ඇමතිකම එකපාරක් වත් නොදුන්නේ. දැන්වත් ජනතාව මේ අයව හදුනාගනිද.
මම මෙයා හරි කියන්නේ නැහැ. මේ වගේ නඩු මහා බැංකුවේ මහා දවල් කොල්ලකාපු අයට නැත්තේ මොකද කියලයි අපිට ප්‍රශ්නය.
ඕකට අපි දගලන්න ඕනේ නැහැ. ඕක එක චෙක් එකෙන් ගෙවයි
හැමදාම අනුන්ට ඇගිල්ල දික් කර කර හිටියා
මෙයාගෙන් ඉගෙනගත්ත අය අසමත් නේද ? බැංකු ණය තෑගී ලෙසට සලකන බොරු ආර්ථික ප්‍රවිණයෙක් .
කොහෙද රටකින් උපාධියකුත් හම්බ වුනා නේද ?
මේ අර පාර්ලිමේන්තුවේ බන්දුල ගුණවර්ධන හිටපු ඇමති තුමාද?
බමුණු මත දරන වහල් පිරිසට නොතේරෙන, මහා දේශීය හොරුන්ගේ හොර එලියට එන්නේ දැන්. මෙවැනි අය පාර්ලිමේන්තුවට යවනකන් ලංකාව දියුණු වීම සිහිනයක් පමණි. දැන් තේරෙනවානේ ආණ්ඩු බලයට මෙච්චර කෑදර මොකටද කියල!
පහුගිය රෙජීමය කාලේ මේගොල්ලෝ හොරා කාපු ප්‍රකෝටි ගනම් සල්ලි බැලුවම මේ ණය මේගොල්ලන්ට සිල්ලර සල්ලි. මේ මුළු රටම ණය උගුලක හිරකරලා මහජන මුදල් එක්ක බඩ පිලුම් ගැහුවා. මෙවැනි අය පාර්ලිමේන්තුවට යවනකන් මේ රටට කිසිම අනාගතයක් නැහැ. දැන් පහුගිය රෙජීමය තිබුණානම් ඔය රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාව බොල් ණය වගේ කපල දායි.
අර අපේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ ඉන්නෙ එයාට කියලා පින්ඩපාතේ යමු. මේ මෙතිතුමන්ලා රටට කරලා කරලා, සතේ අතේ නැතුව ඉන්නෙ,
මට හිතෙනවා මෙය ආදර්ශයට ගෙන තව තවත් මෙවැනි නඩු දකින්නට ලැබෙයි කියා. මේ විනිසුරුවරයාගේ තීන්දුවට මගේ ප්‍රනාමය.
මොනවා වුනත් රට ජාතිය වෙනුවෙන් හඬක් නගන ඇමතිවරයෙක්. හරි නම් මෙම මුදල රජය විසින් ගෙවා දැමිය යුතුය
රුපියල් 2500 යට කන්න පුළුවන් කියූ එක්කෙනා ගම කාලා. චෝර වාදයද ? තේර වාදයද ?
අනේ පව් බබා මිනිස්ටර් කෙනෙක්..... උනේ කොහොමද දන්නේ නැතුව අත්සන් කළා කිව්වම.... මුකුත් දන්නේ නැහැ.............