IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කෝටි 700 දියමන්තිය අසුවෙයි

පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඊයේ (4) රාත්‍රී 9.00 ට පමණ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කැලණිය විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම දියමන්තිය අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම නිල් දියමන්තිය ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින මාකඳුරේ මධුෂ් ගේ සැලසුමකට අනුව ඔහුගේ ගෝලයන් පිරිසක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී මෙම නිල් දියමන්තිය සහ තවත් මැණික් ගල් කිහිපයක් පැහැරගෙන ගොස් තිබිණි.

අත්අඩංගුවට ගන්නා ලද නිල් දියමන්තිය මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු ද දියමන්තිය සමග පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන අපරාධ විමර්ශන ඒකකය මීට පෙර මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් හෙලිකරගත් තොරතුරු මත මෙම නිල් දියමන්තිය සොයාගෙන තිබිණි.

සොයාගන්නා ලද මෙම නිල් දියමන්තිය මීට පෙර මැණික් ව්‍යාපාරිකයාගෙන් පැහැරගන්නා ලද නිල් දියමන්තියම ද යන්න තහවුරු කරගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (11)

කෝටි 700 දියමන්තිය අසුවෙයි

Nissanka Tuesday, 05 March 2019 04:29 AM

දේශපාලන බලපෑම් නැතිනම් අපේ පොලිසියට ඕනෑම හොරකමක් අපරාධයක් අල්ලන්න පුළුවන්. අපේ පොලිසිය ඇත්තටම දක්ෂයි. එත් රත්ගම වගේ සිද්ධි ශ්‍රී ලංකා පොලිසියේ අභිමානයට කැළලක්.

:       1       876

Bandara Tuesday, 05 March 2019 05:58 AM

එතකොට ඩුබායි ගෙනිච්චා කිව්වේ

:       75       109

MohanTuesday, 05 March 2019 08:03 AM

දුබි ඉඳන් ආපහු එවල

:       0       58

BamunuarachchiTuesday, 05 March 2019 01:27 PM

මේ කියවෙන එව්වා හිතේ සටහන් කර ගැනීම සඳහා පමණයි විස්වාසය සඳහා නොවෙයි.

:       0       4

පිටිගල මිලානෝ Tuesday, 05 March 2019 08:01 AM

ඒ කාලේ නම් මේ දියමන්තිය අර ගොල්ලෝ උස්සලා.

:       5242       4086

sumith Tuesday, 05 March 2019 08:16 AM

පිටිගල මිලානෝ එහම කියන්න එපා , එයාලගේ ආච්චිලාට නිකන් මැණික් මලු හමුවෙන කොට අනුන්ගේ දියමන්ති මක්කටද?

:       504       714

mohan Tuesday, 05 March 2019 08:26 AM

පිටිගල මසුරන් කතාව සහෝදරයා.

:       525       657

මිරිස්ගල නාපොලි Tuesday, 05 March 2019 08:26 AM

දවසේ කතාව. මෙන්න මගෙන් 5ක්

:       357       422

ලේක්කෝ ගලබඩ Tuesday, 05 March 2019 11:50 AM

පිටිගල.....අයියෝ සල්ලි........!

:       0       113

chandima Tuesday, 05 March 2019 01:18 PM

ලංකාවේ පොළොවේ දියමන්ති නැහැ කියනවා නේද? එතකොට මේක රටින් ගෙනාපු එකක්ද?

:       2       4

chandima Tuesday, 05 March 2019 04:58 PM

ඒ කලේ මේකාලේ කියල වෙනසක් නැහැ. තව ටික කාලෙකින් බලන්නකෝ

:       56       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 263 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1607 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site