( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජවර්ධනය මහතා අද (28) ඉවත් වූයේය.
මෙම පෙත්සම අද අගවිනිසුරු නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සම මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී ප‍්‍රියන්ත ජවර්ධන විනිසුරුවරයා පෞද්ගලික හේතූන් මත තමන් එම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.
පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බවයි අධිකරණයට දන්වා සිටියේය.
මෙහිදී අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටියේ පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප‍්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න පිළිබඳව.
ඊට ප‍්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප‍්‍රතිඥාවක් ලබාදීම අපහසු බවයි.
ඒ හේතුවෙන් පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මාර්තු 07 වැනිදා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
කෝට්ටේ බැද්දගාන අංක 99 /3 දරණ ස්ථානයේ පදිංචි අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ ඇත.
නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වේ.
නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයෙකු ඇතුළු පිරිසක් විසින් තරුණයින් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප‍්‍රදානියාට උපදෙස් ලබා දුන්නේය.
තත්ත්වය මෙසේ තිබියදී. 2010 සැප්තැම්බර් 13 වන දින ලූතිනන් කොමාන්ඩර් වෙළගෙදර නැමැති නිලධාරියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.
මෙම ප‍්‍රකාශය අනුව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රකාශයක් ලබා දුන්නේය.
මේ අතර හිටපු රියර් අද්මිරාල්වරයෙකු වන ට‍්‍රැවිස් සින්නයියා මහතා විසින්ද පෙත්සම්කරුට එරෙහිව ව්‍යාජ තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී.
මෙම ප‍්‍රකාශයන් සාවද්‍ය බවට පෙත්සම්කරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙන ලදී.
පෙත්සම්කරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.
මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , වග උත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාගේ නඩුවේ අයට හඳුනාගන්න බැරි ලෙඩේද දන්නේ නෑ...
යුද්දෙට අණදීපු රණ විරුවො එක එකා ඇතුලට දානව.....තොප්පිගල කැලයක් කියල,ඕනෙ ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියල මිලේනියම්සිටි පාව දීල එදා ඉඳල යුද්ධයට බකට් එක දාපු අය අතේනෙ රට තියෙන්නෙ.............
පෙත්සම්කරු හිටපු පාලකයන්ගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.
එතුමා හරි. තමා සම්බන්ධ කරුණකදී තමා විනිශ්චයකරු නොවිය යුතුය. එහෙමයි ස්වාභාවික නීතියේ මුලධර්මය.
රස්සාවෙන්ම අයින් වෙනවද? අනේ! අපොයි! අපේ රටේ නීතිය, මේකද? පොඩි මිනිසුන්ගේ නඩු විතරද අහන්නේ? ලොකු මිනිසුන්ගේ නඩු අහන්න බයද? මෙහෙමත් රැකියා තිබිය යුතුද?
මිනි මරුවන්ට මංකොල්ල කාරයන්ට මෙයාලා කොයි තරම් බයද?
පාර්ලිමේන්තුවේ වැඩි බලය තියන කණ්ඩායම තමන් කැමති විනිසුරුවන් විතරක් පත්කර ගන්නේ ඇයි කියලා දැන් තේරෙනවනේ? අගමැති පට්ටම බේරගත්තේ අනූනවයෙන්. හැබැයි රණවිරු දඩයම තාම නවත්තලා නෑ..
රණවිරුවකු වුවත් මිනීමරුවකු නම් ගැලවීමක් නොමැත. පමා වී හෝ රට හරි පැත්තට යන බව පෙනෙන්නට තිබේ.
රටේ අපරාධ මර්දනය කිරීමට අවශ්‍ය නව නීති පාර්ලිමේන්තුවෙන් සම්පාදනය නොකර, තම වරිගය රකින දේශපාලකයින් රට කැදවීම හැලියක් බවට පත්කරමින් ගෞරවනීය පුද්ගලයන් මර්දනය කරමින් සිටියි. අපේ රටේ අනාගතය කොහෙද? බුද්ධිමතුන් දැන්වත් තම වගකීම රට බේරා ගැනීමට කැපවිය යුතුය. සෑම දියුණු රටකම බුද්ධිමතුන් රට දියුණු කරන්න කැප වී ඇත. අපි රට භාර දී ඇත්තේ නූගතුන් වෙතයි.
ඇත්තටම මෙතුමා අපේ රට නිදහස් කරගන්න නාවික හමුදාවට අති විශිෂ්ට නායකත්වයක් දුන්නටද මේ තරම් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ? මටනම් අපේ ජාතිය ගැන දැන් තියෙන්නේ මහා ලැජ්ජාවක්. තිස් වසරක සාපය නැති කරපු අපේ රණවිරුවෝ ටික මේ ඊළම් වාදී එක එක ද්‍රෝහීන්ට ඕනි කරන විදියට පහත් කරලා ඉතිහාසයෙන් මකන්න හදනවා.
මිනී මරන්න අනුබල දුන්නා නම් එයට මුහුණ දියයුතුයි. රණවිරුකමට නිගාදෙන වැඩ කරලා සුදනන් වන්න හදන එක පාපයකි. මේ අය අහිංසක කොල්ලෝ 11ක් මරලා බේරෙන්න හදනවා. කිසිම ඉඩක් දියයුතු නැහැ...
දුක් නොවන්න ..දැන් ඔක්කොම වැරදි කර අැත්තේ හමුදාවයි.
ඇත්තටම එතුමා යුද වීරයෙක් වෙන්න පුලුවන්..... විරත්වයට මුවාවෙලා දැනුවත් වෙන්න කවුරු හරි අහිංසක දරුවන් බිල්ලට ගන්න එක යුතුද ?එසේ වූ අය ආරක්ෂා කරන එක හරිද? ඔබෙන් මගෙත් දරුවන් නොවන නිසා වීරත්වයෙ නාමයෙන් එතුමන්ලාට සුදුහුණු ගාන එක යුතුද?
කෙලෙහිගුණ නොදන්න, එසේම රට ජාතිය අගම අනාගතේ රට බාර ගෙනීමට සිටින ජාතියේ දරුවන් ගැන කිසිම හැගීමක් නැති, ප්‍රතිපත්තියක් නැති පාලන කාලයකි
කොළඹ 07 අය සේවය කරන්නේ අමෙරිකාවටනේ...