සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුන් තිදෙනා ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඝාතනයේ සැකකාර සිසුන් තිදෙනා ජුලි 3 වැනි දා තෙක් රජයේ ළමා නිවාසයක රඳවා තැබිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් අද ( 12) නියෝග කළේය. 26 June 2018
මහින්ද උදයංගට එන්න කියයි මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි. 26 June 2018
මාතර පොලිස් වීරයාගේ දරුවන්ගේ අනාගතය ව්‍යාපාරිකයෝ බාරගනිති මාතර නගරයේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ බිරිඳ හා දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 20 මුදලක් මාතර ව්‍යාපාරික ප්‍රජාව විසින් ලබා දීමට ඉදිරිපත්වී ඇති බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 25 June 2018
අඩි 100 පාරේ දේපොළ අහිමි වූවෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වදිති සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන්ට වන්දි මුදල් ලබාදීමට තවමත් නොහැකි වීම නිසා දේපල අහිමිවූවන් අද (25) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාර්යාලය අසල රැඳී සිටිති. 25 June 2018
ගෝඨා එෆ්සීඅයිඩියට ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 25 June 2018
කොස්ගොඩ තාරකත් සඟයාත් රෝහලෙන් බන්ධනාගාරයට මාතර ස්වර්ණාභරණ වෙළඳසල කොල්ලයේ සහ පොලිස් නිලධාරියකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොස්ගොඩ තාරක නොහොත් ධර්මකීර්ති තාරක පෙරේරා හා අතුල කිත්සිරි 24 June 2018
සිසුන්ගෙන් පහර කෑ ප්‍රධාන සිසු නායකයා මරුට අමානුෂික මැර ප්‍රහාරයකට ලක් වූ හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලේ දි අද (23) අලුයම මිය ගියේය. 23 June 2018
ගලගොඩඅත්තේ හිමිට ඇප මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි හෝමාගම මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා අද (22) නියෝග කළේය. 22 June 2018
කොල්ලය වරදී-පොලිස් නිලධාරියෙක් මරුට:4ක් රෝහලේ මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 22 June 2018
හික්කඩුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට හික්කඩුව පොලිස් වසමේ නාරිගම හෝටලයක් අසලදී ඉනාසි චමින්ද කුමාර (31) නමැති පුද්ගලයකු අද (22) වෙඩි තබා ඝාතනය කර තිබෙන බව හික්කඩුව පොලිසිය පවසයි. 22 June 2018
මුදල් ගෙවීමේ වාර්තාවක් ඉල්ලා තවත් ඇලෝසියස් කෙනෙකුට අධිකරණයට එන්න කියයි පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් බාහිර තැනැත්තන් සහ සමාගම් වෙත ලබාදෙන ලද මුදල් සම්බන්ධයෙන් වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලබා නොදීම සම්බන්ධයෙන් පී.ටී.එල් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ජුලි 5 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය. 21 June 2018
ස්වාමිනාදන්ගේ යෝජනාව සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි - ඇමැති රාජිත මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යන කොටස ඉවත් කර යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 June 2018
‘බන්ධනාගාර නීතීය කාටත් පොදුයි‘ අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවකදී සිර භාරයට පත්වන ඔනැම කෙනෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන් වී ඇතැයිද ඒ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ක්‍රියා කළ යුත්තේ බන්ධනාගාර පනතට අනුකුලව යැයිද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මහාචාර්ය කොට්ටපිටියේ රාහුල කොට්ටේ ශ්‍රී කල්‍යාණි සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නාහිමියන්ට ලිපියකින් දන්වා ඇත. 20 June 2018
ඇමැති ස්වාමිනාදන්ගේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවයි එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (19) අත්හිටවනු ලැබීය. 19 June 2018
’බන්ධනාගාරයේ ජම්පරය අදින භික්ෂුන් 15 ක් ඉන්නවා’ - නීති සංගමයේ සභාපති බන්ධනාගාර ගතව ජම්පරය අඳින භික්ෂූන් වහන්සේලා 15 නමක් හා අන්‍යාගමික පූජකවරුන් තිදෙනෙකු සිටින්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 19 June 2018
රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක් නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින් මාස තුනකට අධික කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවා සිටින රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කළේය. 19 June 2018
එමිල්- නියෝමාල් යළි රිමාන්ඩ් වැලිකඩ රැඳවියන් ඝාතනය විමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 12 දෙනෙකුගේ දුරකථන විස්තර ලබා ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. 19 June 2018
හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ - විගණකාධිපති මුදල් රෙගුලාසි කඩ කිරීමේ චොදනාව ට සිරදඬුවම් නියම වූ ලලිත් වීරතුංග මහතාට ඒ දඬුවම ලැබුණු අයුරින්ම නිසි විගණනයන් සිදු කළහොත් රාජ්‍ය නිලධාරීන්ගෙන් භාගයක්ම අද සිටිය යුත්තේ හිරේ යැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (18) පැවසීය. 18 June 2018
ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ ‘ වෛරසය රට පුරාම දකුණු පළාතේ පැතිර යමින් ඇති ඉන්ෆ්ලුවෙන්සා ’’ ඒ ’’රෝගය පසුගිය මාස කිහිපයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පැතිර ගොස් ඇතිබවට තොරතුරු වාර්තාවි ඇතිබව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්යක්ෂ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය. 18 June 2018
පර්පචුවල් ට්‍රෙෂරීස් වෙතින් විවිධ පුද්ගලයන්ට අවස්ථා 45,000 කදී ලක්ෂ ගණන් ගෙවීම් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට අවස්ථාවන් 45,000 කදී පමණ රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි මේ පිළිබඳව විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ. 17 June 2018
සමෘද්ධි සමීක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක් සමෘද්ධිලාභී ලැයිස්තු යාවත්කාලීන කිරීමේ අරමුණෙන් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍යාංශය මගින් 2017 වසරේ ආරම්භ කළ සමීක්ෂණය අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදලක් නාස්ති වී ඇතැයි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 17 June 2018
කොබවක හිමිට වෙඩි තැබූ කපුවා ඇතුළු දෙදෙනා අල්ලයි කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ බව කියන මහසෙන් දේවාලයේ හිටපු කපුවා ඇතුළු තවත් සැකකරුවන් තිදෙනකු මීට සුළු මොහොතකට පෙර පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 16 June 2018
වෛද්‍යපීඨ ආචාර්යවරු කොතලාවල ඉගැන්වීම් නතර කරති වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර සිටිති. 15 June 2018
සැකකරුවන්ට වෙඩි නොතැබුවේ ඇයි දැයි සොයයි කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේදී උන්වහන්සේට ආරක්ෂාව සලසමින් පොලිස් නිලධාරියකු හා සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇතැත් ඒ නිලධාරීන් වෙඩි තබා පලායමින් සිටි පුද්ගලයින්ට වෙඩි නොතැබුවේ ඇයිදැයි පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 June 2018
පාසලේදී අසනීප වූ දැරිය අටමස් ගැබිණියක් පාසලේදී හදිසියේ අසනීප වූ දහතුන් හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය වූ බව තංගල්ල මූලික රෝහල් ආරංචිමාර්ග කියයි. 15 June 2018
දරුවා අපයෝජනය කළ කොස්තාපල් පෙරෙට්ටුවේදී හඳුනාගනි වැලිඔය පොලිසියේ අත්අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකු වැලිඔය පොලිස් ස්ථානය තුළදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීමට අපයෝජනයට ලක් වූ දරුවා සමත් විය. 14 June 2018
‘කිරිවෙහෙර විහාරාධිපතිගේ වියදම් රජයෙන් දරනවා’ - ඇමැති ගාමිණි වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතුවල සියලු වියදම් රජය මගින් දරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 14 June 2018
ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය. 14 June 2018
ඥාණසාර හිමියෝ උසාවියට හෝමාගම අධිකරණයේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මීට සුළු වේලාවකට පෙර උසාවියට පැමිණියහ. 14 June 2018
ගලගොඩඅත්තේ හිමියන්ගේ නඩු තීන්දුව හෙට හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කොට ඇති බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම හෙට (14) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරේ. 13 June 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026