(සුමතිපාල දීයගහගේ )
අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු මෝටර් රථයක දමාගෙන පැහැර ගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු සමඟ එම මෝටර් රථයද අද (15) දහවල් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොල නිලධාරින්අත්අඩංගුවට ගෙන ඇත.
අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ ඉමදුව
පොලිස් මුරපොලේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන්ට මෙම ව්‍යාපාරිකයා බේරාගැනීමට හැකි වී තිබේ.
සැක සහිත මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී මෙම ව්‍යාපාරිකයා පැහැර ගෙන යමින් සිටින බව අනාවරණයවීමෙන් පසුව සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ව්‍යාපාරිකයාද නිදහස් කර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තිදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද අනාවරණයවී ඇත.
මෙම ව්‍යාපාරිකයා පැහැර ගෙන යෑමට හේතුව හෙලිවී නොමැති අතර සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථයද වැඩිදුර පරික්ෂණ සදහා අහංගම
පොලිසිය වෙත භාරදී තිබේ.
පොලිස් පරීක්ෂක සමන්කුමාර මහතාගේ උපදෙස් පරිදි කොස්තාපල්වරුන්වන ඉදුනිල් (82024) සහ චතුරංග ( 89446) යන නිලධාරින් දෙදෙනා මෝටර් රථය පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාපාරිකයෙක් පැහැරගෙන යමින් සිටි තිදෙනෙකු දක්ෂිණ අධිවේගීයේදී අල්ලයි
පිටිගල මිලානෝ Tuesday, 15 January 2019 12:26 PM
ඉතාලියේ අපට නිවාඩුවට ලංකාවට යන්න බැරි වාතාවරණයක් තියෙන්නේ. පොලිසිය මෙයට වග කිව යුතුයි.
jayath Wednesday, 16 January 2019 02:39 AM
නිවාඩුවකට වත් එන්න එපා....... මේ සිස්ටම් එක, මේ රට ඒ තරමට දැන් "කුණු " වෙලා
rocky Wednesday, 16 January 2019 04:17 AM
මහත්තයාට ලොකු වැරුද්දක් වෙලා වගෙයි....