(හර්ෂණ තුෂාර සිල්වා)
පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කර තිබේ.
ඒ අනුව රුපියල් 125 ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123ක් දක්වාත්, රුපියල් 149 ක් තිබූ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් දක්වාත් අඩු වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 සිට රුපියල් 99ක් රුපියල් දෙකකින් අඩු වන බව එම අමාත්‍යාංශය කියයි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 118ක් දක්වා රුපියල් තුනකින් අඩු කිරීමට ද රජය තීරණය කර ඇත.
ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් හා ඩීසල් මිල සංශෝධන සිදු කෙරුණු බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
|
ඉන්ධන වර්ගය |
පවත්නා මිල ලීටරයක් රු. |
සංශෝධිත මිල ලීටරයක් රු. |
ලීටරයක අඩු වූ මිල රු. |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
125/= |
123/= |
2/= |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
149/= |
147/= |
2/= |
|
ඔටෝ ඩීසල් |
101/= |
99/= |
2/= |
|
සුපිරි ඩීසල් |
121/= |
118/= |
3/= |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකානු ඩොලර් සත එකකින් අඩු කර ඇති බව සතුටින් දැනුම් දෙමි.
මිනිස්සු මෝඩයින් කියලා හිතන්න එපා.. ඔයගොල්ලෝ හැරෙනකොට අපි දන්නවා ඉදිරියේ තිබෙන ඔබලාගේ පරමාර්ථය මොකක්ද කියලා... ඉදිරියේදී මහජනතාව ඔයගොල්ලන්ට නියම උත්තරය දෙයි.
දැන්නම් මිලසූත්‍රය විද්‍යාත්මක බව තේරෙනවා. මේ වගේ අනිත් දේවල්වලිනුත් මහජනතාවට තවත් සහන දුන්නොත් ගොඩක් හොඳයි.