IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වසර පහකට පසු සා.පෙළ උත්තරපත්‍රයක් යළි පිරික්සන්න නියෝග

(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2013 විභාගයට කොළඹ විශාකා විදුහලෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යාවකගේ ඉංග්‍රීසි උත්තරපත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නැවත ස්වාධීන කමිටුවක් මගින් ඇගයීමට ලක් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කීය.

තමාට ඉංග්‍රීසි විෂයට "බී" සාමාර්ථයක් ලැබී ඇතැත් එය පිළිගත නොහැකි බවට එම සිසුවිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබූ අතර එහි තීන්දු ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත්තේ එම ඉංග්‍රීසි උත්තරපත්‍රය නැවත අගයන ලෙසය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට ගරුකරමින් ස්වාධීන කමිටුවක් පත්කර ඉංග්‍රීසි පිළිතුරු පත්‍රය නැවත අගය ලකුණු (සාමාර්ථ) නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.



අදහස් (16)

වසර පහකට පසු සා.පෙළ උත්තරපත්‍රයක් යළි පිරික්සන්න නියෝග

chandima Friday, 18 January 2019 11:54 PM

ඔය වගේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අය ලියපු ප්‍රශ්න පත්‍රත් අයෙත් බලල සහනයක් දෙන්න බැරිද? මගේ හිතේ සියයට පනහක්වත් සාමාන්‍ය පෙළ ලියල ඇති.

:       1       90

RaveendraSaturday, 19 January 2019 02:38 AM

චන්දිමා මයා වෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. නමුත් අශ්වයන් ඉන්න තාක්කල් මේ තක්කඩි රෑනේ විස්තර සෙවීම බොරුය.

:       1       106

BamunuarachchiSaturday, 19 January 2019 02:40 AM

හරියට හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගේ අධ්‍යාපනය ගැන කියැවෙන්නේ පාසලක ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ බව පමණයි. වෘත්තිය ගායකයෙක් බවයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. හැබැයි අලෝසිය්ෂ් සමග ගනුදෙනු කළබවත් එහිම කියවෙනවා. දැන් මිනිහා සුදනා

:       157       159

BANDULASunday, 20 January 2019 12:15 AM

වඩා හොඳ ලියපු උත්තර මහජන ප්‍රදරශනය පිණිස ජන මාධ්‍යවල දාන එකයි තියෙන්නේ..

:       0       0

Nishantha Friday, 18 January 2019 11:56 PM

තව කී දෙනෙකුගේ ප්‍රතිඵල වෙනස් කරල ඇතිද. හරිනම් මේවට වග කියන්න ඔන අය හොයල ඒ අයට දඬුවම් කරන්න ඕනේ. දරුවන්ගේ අනාගතේ විනාස කරන අයට හොඳක් සිද් වෙන්න එපා.

:       4       151

RaveendraSaturday, 19 January 2019 02:43 AM

සහතික ඇත්ත... අප විශ්වාස කරනවා ඔය ආචාර්ය, මාහාචාර්ය කියන හාදයින්ගේත්, දරුවන් ගැනත් හොයලා බැලුවොත් හිතන්න බැරි දේවලුත් මෙසිරිලක සිද්ද වෙනවා කීමටත් සමහරවිට හැකිවෙයි..

:       2       167

Bamunuarachchi Saturday, 19 January 2019 02:45 AM

රජයේ සේවකයෙක් කරන එක සුළු වැරද්දක් හදා ගන්න අදාළ මිනිස්සු කොපමණ රස්තියාදු වෙන්න ඕනෙද? කාලය කොපමණ නාස්ති කරන්න ඕනෙද?, කොපමණ වියදම් කොරන්න ඕනෙද?

:       1       199

RaveendraSaturday, 19 January 2019 04:15 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදිය.

:       0       80

BamunuarachchiSaturday, 19 January 2019 06:17 AM

උප්පැන්න නිකුත්කරන කාර්යාලයට පැමිණ බලන්න නම් හදාගන්න කොපමණ මිනිස්සු එනවාද කියා... මගේ වාසගම වරද්දා තිබී එය හදා ගන්න ගියාම වාසගම හරිගැස්සුවා මගේ තාත්තාගේ නම වැරද්දුවා. ඉතින් කාටද මේවා කියන්නේ...?

:       0       12

NuwanSaturday, 19 January 2019 01:18 PM

ඕව කතාකරල හදන්න පුළුවන් වැරදි නොවේ , වැරැද්ද කළ කෙනා ගෙදර යද්දී අල්ලාගෙන කන පැලෙන්න දෙන්න , රටේම මිනිස්සු ඔහොම කළොත් බයට හැදෙයි

:       6       86

BamunuarachchiSunday, 20 January 2019 04:58 AM

නුවන් මහතා වැරදීම් කා අතිනුත් වෙනවා... නමුත් ප්‍රොඩක්ට් එක එළියට එන්න කලින් ඒවා හරිගස්සන ක්‍රමවේද තිබෙන්න ඕනේ...

:       0       0

sagara Saturday, 19 January 2019 06:04 AM

ලංකාවේ විශ්ව විද්‍යාලවලද මේ වගේ දූෂණ වෙනවා. ආචාර්යවරු ළමයි අසමත් කරනවා. තමන්ගේ අවශ්‍යතාව ඉටු නොවුනොත් අසමත්. තමන් කියවපු නෝට් එකෙන් පිට දැනුම දාලා තිබුනොත් ලකුණු නෑ. විශේෂයෙන් ශාස්ත්‍ර පීඨ වල තමා මේ ප්‍රශ්නය තියෙන්නේ. විභාග වංචා කරපු අය ළමයින්ගේ විභාග වංචා සොයන කමිටු වල සිටිනවා. බොහෝ විට ප්‍රථම වසර සිසුන් විභාග වංචාවලට හසුවෙනවා. ඒ නවක වදය නිසා. ජේෂ්ඨයන් ගේ වැරදි උපදෙස්...

:       3       163

indunil priyantha Saturday, 19 January 2019 10:33 AM

මහින්ද හා නාමල් රාජපක්ෂ නිති විභාගය සමත් වුණේ කොහොමද?

:       1       244

විජිත් Saturday, 19 January 2019 06:43 PM

මහින්ද, ජෙයරාජ්ට පින්සිදුවන්නට - නාමල්, නීති විද්‍යාලයේ ප්‍රින්සිපල්ට පින්සිදුවන්නට. ඒ කාලයේ මේවා ගැන කවුරුත් කතාකළා.. එත් දැන් ඔක්කොටම අමතකවෙලා.

:       0       1

BamunuarachchiSunday, 20 January 2019 05:01 AM

ඔබ 8 පාස් වුණු විදිහටම තමයි. ඇයි මොකක්හරි හුටපටයක් තිබෙනවද?

:       3       1

Ranjan Sunday, 20 January 2019 02:19 PM

ඒක හොඳ ආරම්භයක්... දැන් හැම කෙනෙකුටම එලෙස කළ හැකියි.

:       0       318

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 251 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site