(උපාලි ආනන්ද)
ඇන්ටොනොව් 32 ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර 37 දෙනකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි එල්ටීටීඊයේ මිසයිල බලඟනයේ සාමාජිකයන් දෙදෙනකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා වසර 185 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ප‍්‍රාහාරයක් එල්ල කර අැතැයි නඩුවේදී කියැවිණි. මිසයිල ප්‍රහාරය එල්ල කර ගුවන් යානය බිම හෙළන අවස්ථාවේ ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් සහ යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු 37 දෙනෙකු සිට ඇත.
මෙම සැකකරුවන්ට නීතිපතිවරයා වෙන් වෙන්ව අධිචෝදනා 37 බැගින් ගොනු කර තිබුණු අතර එම සියලුම චෝදනාවලට සැකකරුවන් දෙදෙනා වරද පිළිගත්හ.
එක් චෝදනාවකට වසර පහ බැගින් මෙසේ වසර 185 බැගින් වෙන් වෙන්ව බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කැරිණි. විත්තිකරුවන්ට වෙන් වෙන්ව නියම කෙරුනු මෙම වසර 185 බැගින් වූ සිර දඩුවම් කාලය වසර පහකින් එකවර ගෙවී යන ලෙසට ක‍්‍රියාත්මක කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
විල්පත්තුව ජාතික වන උයනේ සිට මිසයිල ප‍්‍රාහාරයක් එල්ල කර එම ගුවන් යානය විනාශ කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු සාමාජිකයෙකු වන ඉරාෂතුරෙයි ජෙගන් නැමැති විත්තිකරු ත‍්‍රස්ත විමර්ශන කොටිඨාසයට ලබාදී තිබූ පාපොචිචාරණය නිත්‍යානූකුලද, නැද්ද යන්න පිළිබදව තීරණය කිරීම සඳහා අනුරාධපුර මහාධිකරණයේදී මීට පෙර දීර්ඝ නඩු විභාගයක් පැවතිණි.
එහි තීන්දුව මීට පෙර ලබා දෙමින් මහාධිකරණය තීරණය කළේ ත‍්‍රස්ත විමර්ශන කොටිඨාසයට මෙම විත්තිකරු මීට පෙර ලබාදි ඇති පාපොචිචාරණය නිත්‍යානූකූල බවටයි.
මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස අධිචෝදනා ලබා සිටි මිසයිල බලඝනයේ හිටපු සාමාජික නල්ලාමි ශිව ලිංගම් යන අයද මෙම ප‍්‍රාහාරය එල්ල කර ගුවන් යානය විනාශ කළේ තමන් බවට පිළිගනිමින් මීට වසර කිහිපයකට පෙර ත‍්‍රස්ත විමර්ශන කොටිඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ලබාදී ඇති පාපොචිචාරණයද අනුරාධපුර මහාධිකරණයේ හිටපු විනිසුරු හා ගම්පහ පළාත්බද වත්මන් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය මීට පෙර තීරණය කළාය.
2000 වසරේ මාර්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක මෙම අපරාධය සිදු කර තිබිණි.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇන්ටොනොව් 32 බිම හෙලූ දෙදෙනාට වසර 185ක සිරදඬුවම්
pkaya Thursday, 10 January 2019 11:38 AM
දැන් එතකොට වසර 5 න් නිදහස් වෙනවද ?
d.upul Thursday, 10 January 2019 12:17 PM
විහිළු තීන්දු. දඬුවම අවුරුදු 185යි. නමුත් වසර පහකින් එළියේ.
ගල්කටස් Thursday, 10 January 2019 01:36 PM
මරු තීන්දුව... නීතිය නමනවා වගේ පෙන්නේ මට විතරද? අර ගලබොඩහාමුදුරුවන්ට දීපු තීන්දුවයි, මෙතනයි බලපුවාම වසර 185ක දඬුවම වසර 5කින් ගෙවීයන්න දීපුවාම 37ක් ඝාතනය කරලත් දැන් ඒ අය එළියට එනවා. හාමුදුරුවෝ අවුරුදු 06 ක් හිරේ.. අන්තෝ ජඨා බහී ජඨා...
මංගල Thursday, 10 January 2019 04:35 PM
37ක් මරපු කොටි දෙන්නට වසර පහකින් ගෙදර යන්න පුලුවන්. රට බේරගන්න යුද්දෙට ගිහින් ගැමි වෙස් ගත්ත කොටි 3ක් මරපු රණවිරැවන් එල්ලුම් ගස් සදාකල් හිරේ.
Ranga Friday, 11 January 2019 02:48 AM
වසර 185 ක සිර දඬුවම වසර 5 කින් ගෙවී යනවා... මීට පස්සෙ වැඩක් දෙනකොට තුවක්කු, පිහි, පොලු පාව්ච්චි කරන්න එපා... එතකොට සෙට් වෙන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්... දෙන එක දෙන්න ඕන මිසයිල වලින්... එතකොට සමහරවිට නිදහස් වෙන්නත් පුළුවන්..
gamage Friday, 11 January 2019 03:50 AM
37 මරණයට පත්කළාට අවුරුදු 5ක්...!
kesha Friday, 11 January 2019 04:41 AM
මිනිසෙකුගේ පරමායුෂ 120ක් පවතින යුගයක 185 වසරට ආයුෂ දික්කර නීතිය හදන්නේ කුමන පදනමකින්ද? නීතිය හාස්‍යයට ලක් වීමක් නේද? මෙම නීති හැදුවේ කවුද?
BamunuarachchiSaturday, 12 January 2019 01:30 PM
මේ 185 6 න් බෙදලා තවත් 4 දෙනෙකුට දෙමුනේද. ලොතරැයි වගේ එක්කෙනුටම ඔක්කොම දෙන්න එපා. සම්පූර්ණ කාලය මේගොල්ලන්ට භුක්ති විඳින්න බැහැනේ.
jayath Friday, 11 January 2019 05:35 AM
වසර 185 ක් ? ඉබ්බෝ වත් ඔච්චර කල් ඉන්න වද ? මේ විහිළු නවත්තල හරියට චෝදනා ඔප්පු වෙලානම් එක්කෝ වෙඩි තියල හරි එල්ලලා හරි දමන්න ඕන සෞදියේ වගේ මොකද ජීවිත 37 ක් කියන්නේ මැස්සෝ වත් මදුරුවා වත් නෙමි මිනිස් ජීවිත
RangaFriday, 11 January 2019 11:48 AM
මුළු දඩුවම් කාලයම වසර 5කින් ගෙවිල යනවා...
Bamunuarachchi Saturday, 12 January 2019 01:37 PM
හිරේ දැම්මට වඩා හොඳයි නොදැම්මා නම්. ප්‍රහාරයෙන් මියගිය අයට බලවත් අසාධාරණයක් ඒ වගේම සිංහල අපිව රැවටීමක්. ඔන්න වෙනස.
BamunuarachchiSaturday, 12 January 2019 05:59 PM
නඩුතීන්දුව දිහා බලනකොට රන්ජන් රාමනායක හරි කියා සිතෙනවා.