(තරිඳු ජයවර්ධන)
පොලිස් ස්ථානාධිපතිවරුන් 72ට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරු යළිත් අවලංගු කර තිබේ.
ස්ථාන මාරු පොලිස් පණිවුඩයේ සඳහන් කර තිබුනේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරු කරන බවයි.
කෙසේ වෙතත් එම ස්ථාන මාරු නියෝගයෙන් පැය 48ක් යන්නට මත්තෙන් පොලිස්පතිවරයා තවත් පොලිස් පණිවුඩයක් නිකුත් කරමින් ස්ථාන මාරු අවලංගු කර තිබේ.
ස්ථාන මාරු අවලංගු කිරීමේ නියෝගයේ සඳහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්ගේ සහ පොලිස් කොමිසමේ උපදෙස් පරිදි ස්ථාන මාරු අවලංගු කරන බවයි.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආරක්ෂක ලේකම් උපදෙස් මත පොලිස් මාරු 72 ක් අවලංගු කරයි
Mahee Sunday, 06 January 2019 08:13 AM
අනේ මෙහෙමත් ජෝකර්ලා. කී වතාවක් නම් ඔහොම වුණාද?
ජයන්ත මිලානෝ Sunday, 06 January 2019 10:30 AM
ජෝකර්ලාගෙන් පිරුණු රටක්...
පෙරුමාල්Sunday, 06 January 2019 04:32 PM
ඉතින් පිස්සු කිව්වේ බොරුවටද?
රවින් Sunday, 06 January 2019 11:20 AM
පොලිස් කොමිසම කියන්නේ නිදහස් කොමිසමක්ද? ආරක්ෂක ලේකම්, ඇමති නිදහස් කොමිසමට වඩා ඉහළින්ද ඉන්නේ? පොදුජන හිත සුව පිණිස පැහැදිලි කරන්නකෝ? පිළිතුර ව්‍යවස්ථා කොමිසමෙන් විමසා බලා පළකළොත් වඩාත් සුදුසුවේ.
ගලබොඩ අත්තේ චමින්ද Sunday, 06 January 2019 12:45 PM
මෙය ජනපතිගේ නීතිවිරෝධී ක්‍රියාවක්... ඒ වගේම සදාචාර විරෝධී දෙයක්. එජාපය ඇතුලේ ගහගන්නේ නැතුව මේ දේවල් සඳහා ඉදිරියට පැමිණිය යුතුයි. කාටවත් නීතිය නවන්න ඉඩ දිය යුතු නැහැ. ජනපති රජයෙන් පිලිගැනීමක් මේ කරන්නේ...
NishanMonday, 07 January 2019 07:33 AM
යහපාලනයක් ගේනවා කියලා ජනාධිපති කලේ රට මුලා කිරීමක් කියලා දැන් පැහැදිලියි නේද? එයා විසින්ම යහපාලනයේ මූලධර්ම අමුඅමුවේ වනසනවා.
iron Sunday, 06 January 2019 12:51 PM
පොලිස්පතිතුමාගේ වැඩ අවුල් කරන්න... ඒ වගේම රටේ සාමය අවුල් කරන්න ගෙනයන වැඩපිළිවලක් ලෙස මම මෙය දකිනවා. ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරපු රටක මෙවැනි දේවල් විශ්මයක් නොවේ. මේ සියල්ලටම ඡන්දෙන් මහජනයා පිළිතුරු දේවි...
ගල්කටස් Sunday, 06 January 2019 02:14 PM
ඔය ඔක්කොම කොමිසම් එකයි.. අර සංස්ථාවල සභාපතිවරු පත්කරනවා වගේ ඕවටත් සාමාජිකයින් පත් කරන්නේ අපේ මංත්‍රීලම තමයි.. එ් නිසා ඕවයින් ඔය කියන ස්වාධීන බවක් ලබාගන්න බැහැ.. බලය තියෙන කණඩායමට එ් අයගේ සහයෝගය ලැබෙනවා. නැත්නම් සාමාජිකත්වය අහොසි කරනවානේ. ඕවත් නිකන් ජනතාව රවටන්න හදපු එවා පමණයි. පෙරට වඩා වැඩියෙන් දැන් කඩේයාමක් තමයි වෙන්නේ...
canada dissa Tuesday, 08 January 2019 12:22 AM
කවුද මේවා සාධාරණීය කරණය කරන්නේ ..?