ශ්රී ලංකාවේ සිදුවන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කර තිබේ.
ෙඑහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂ ප්‍රතිලාභයක් ලෙස මෙම සහය පළ වී තිබේ.
සිය පිලිපීන සංචාරයේ අවසන් දිනය වන අද (19) පෙරවරුවේ පිලීපීන පොලිස් මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.
පිලිපීන රජය විසින් ගෙන යනු ලබන නිතී විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිවරයා මෙහිදී එක්විය.
එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබූවේ පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප්‍රධානි ඔස්කාර් ඩී. අල්බයැල්ඩ් මහතා සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති කැටලිනෝ එස්. කයි යන මහත්වරුන් විසිනි.
අනතුරුව පොලිස් ප්‍රධානී ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග පැවති හමුවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ නීති විරොධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විවෘත සටනක් මේ වන විට තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා තිබෙන බවයි.
භූගෝලීය පිහිටීම අනුව නිතීවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇතැයි මෙහිදී සඳහන් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන එම වැළැක්වීම වෙනුවෙන් සියලු මිත්‍ර රටවල සහය අපේක්ෂා කරන බවද පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඞ්රිගේ දුතෙර්තේ මහතා ගෙන යන ප්‍රබල සටන ඇගැයීමට ලක් කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කියා සිටියේ තම පිලිපීන සංචාරය සිදු වූයේ ද එම සේවාවට සිදුකරන ගෞරවයක් ලෙස බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට ප්‍රබල අභියෝගයක් වුව ද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයන් ද ඊට සම්බන්ධවීම හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී පවතින විශාල ගැටලුවක් බව කියා සිටියේය.

(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති තුමාගේ උත්සාහය අගය කල යුතුයි. ඒත් මේ සහයෝගය පිලිපීනයෙන් ඉල්ලීම අප වැනි රටකට තරම් නොවන බවයි පේන්නේ. පිලිපීනය කියන්නේ මෙතරම් ඉහලින් පිදිය යුතු රටක් නොවෙයි. කේරල ගංජා අබිං වැනි දේ බොහොමයක්ම එන්නේ ඉන්දියාවෙන්. පිලිපීනයට වඩා ඉන්දියාවේ සහයෝගය ගැනීමයි සිදුවිය යුත්තේ. මේවාට දේශපාලකයන් සම්බන්ද බවත් කියවුනා.
අවංකව වැඩේ කරනවානම් ලක්මවට කරනා ලොකුම සේවයක් මෙය.
පිලිපීනයේ මොකද කලේ කියල ලෝකෙම දන්නවා. ගේන අයයි, බොන අයයි ඔක්කොම මැරුවා. දැනට 20000 ක් විතර මරලා තියෙනවා. ඕකද මේ අපේ සල්ලි වියදම් කරගෙන ගිහිල්ල ගන්න යන උපදෙස? දයාන්ලාටත් කරන්න වැඩ නැතුවට කරන සෝබන වැඩ මේවා. හරියට අපේ පොලිසියට, හමුදාවට බලය දුන්නොත් ඕක මාස 6 න් ඉවර කරලා දායි. කුඩු ගේන මැති, ඇමතිවරු ටිකත් අල්ලලා හිරේ දායි. එ්ක කරන්නේ නැතුව නිකම් බයිලා කියවනවා.
මත් උවදුර ඉවරකරන්න අපේ අධිකරණයට පුළුවන්. කිසිම රටක් අවශ්‍ය නැහැ. නීතිය සැමටම එකවගේ නම්... මෙය සුළු දෙයක් ඇමතිට එකනීතියක්... ජනතාවට එක නීතියක්. ඇමතිගෙන් කුඩු අහුවුණාම එය අධිකරණයට පිළිගැනීමට ප්‍රධාන සාක්ෂි මදි කියනවා. පොඩි කුඩ්ඩෙක් අහුවුණොත් ළඟ තියන් හිටියා කියල සිර දඬුවම් දෙනවා එක මොහොතින් ලොක්කන්ට. ඇපත් සමග නිදහස පිලිපීනයෙන් එන අයට වැටුප් දෙන්නෙත් අපෙන්මද? කරුණාකර ඔය දේවල් නතර කර නිත්‍ය රජ කරවන්න. සැමටම එකසේ රැජින ආවත් වැඩක් නැහැ නීතියක් නැතිව...
දරුණු ත්‍රස්තවාදීන් මර්දනය කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට මත්ද්‍රව්‍ය මැඩලීම මහලොකු දෙයක් නෙවෙයි. දේශපාලකයන්ගේ සහයෝගය සහ පූර්ණ ආශිර්වාදය ඇතිවයි ඕවා ක්‍රියාත්මක වෙන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ මේ කරන්නේ තවත් දේශපලන නාටකයක් විතරයි.
පිලිපීනය පාවිච්චි කරන තාක්ෂණික වැඩ පිළිවෙල ලෝකෙම දන්නා රහසක්. හැබැයි ඒක තමයි ප්‍රයෝගිකව සාර්ථක වුණු එකම ක්‍රමය.
පිලිපීනයේ සහය නැතිනිසා වෙන්න ඇති මෙච්චර කල් මේ යහපාලන නායකයාට ... මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට බැරිවෙන්න ඇත්තේ ...ඇති යාන්තන් පිලිපිනේ පිහිටයි...!!
හෙට මේවා ඔක්කොම මතක නෑ කියයිද දන්නේ නෑ .
ජනාදිපති දුතර්තේ ට වඩා හොඳ නැද්ද මහින්දගෙන් උපදෙස් ගත්තනම්? පිලිපීන ජනාධිපති එරටේ ආගමික නායකයින් හිරේ දාලා, විපක්ෂය හිරේ දාලා, නීතිය අව නීතිය කරලා, ලෝකෙන් කොන්වෙලා ඉන්න කෙනෙක්. එයාට එයාගේ අපරාධ කල්ලි රෑට තියන වෙඩි හඬ අසන්න කියන්න අගනුවරින් ඈතට ගිහින්. එහෙම කෙනෙක්ගෙන් ගන්න උපදෙස් වැදී බණ වගෙයි.
පිලිපීනයේ උදව් කරනවා කියලා කවුද කිව්වේ කියලා හෙට කියයිද..?
පිලිපීනය දුප්පතුන්ගෙන් පිරි රටකි. සදාචාරාත්මක බවින් අන්තයටම පිරිහෙමින් පවතින දියුණු නොවූ රටකි. කාන්තාවන් තම පවුල් අතහැර විදේශික ධනවත් සුදු මිනිසුන් සමග එකට වසමින් රටට මහත් විදේශ විනිමයක් ලබා දුන්නද තවමත් සදාචාරාත්මකව තම ආගම දහමට ගරුකරමින් ගෞරවාන්විතව දිවි ගෙවන අයද නැත්තේ නොවේ. මත් උවදුර තවමත් ඉහළින්ම වැජඹේ. ඕනෑම කනෙකු තම වියදමින් පිලිපීනයේ සංචාරය කිරමේ වරදක් නැත. කෙටියෙන් ම කියතොත් එවැනි රටකින් ලක්මවට ගත යුතු උදව්වක් ආදර්ශයක් නැත. ලැබුනොත් ලැබෙන්නේ පිළිලයක් පමණි. ලක් මව ට ඇති ඕනෑම අභ්‍යන්තර හෝ බාහිර අසනීපයක් නිට්ටාවටම සුවකිරීමට හැකි ලක් මවම බිහි කළ දෙස් විදෙස් උසස් දැනුම ඇති සුදුසුකම්ලත් බුද්ධිමත් ලක් දරුවන් එමටය. එම දේශීය මිනිස් බලයෙන් රටේ ප්‍රශ්න විසඳීමට තරම් බුද්ධියක් සහ අවශ්‍යතාවයක් ඇති, රටේ අනාගත නායකත්වය දැරීමට සුදුසු ඇත්තෙකු බිහි කරලීමට නම් ලක්මව අසමත් වී ඇත්තේ අපේම කරුමයකටයි.
පිලිපීනය කරන්නේ කිසිම නඩු විභාගයක් නැතුව නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම කරන මිනිසුන් මරා දැමීමයි. මේ අතරේ අහිංසක මිනිසුන් හිටි වාර ගණන අප්‍රමාණයි. ලෝකයේ බොහෝ රටවල් පිලිපීන වැඩ පිළිවෙල හෙලා දකිනවා. එවැනි රටකින්ද අපි උපදෙස් ගන්න යන්නේ?
ලංකාවේ පොලීසිවල ඉන්න වැඩක් නැති අය ඉවත් කරලා නියම සුජාත මිනිසුන් පොලිසියට ගන්න. මේ ජාවාරම්වලට පොලිසියත් සම්බන්ධයි.
එහෙන් මොනවා ඉගෙන ගන්නද? ඒ ගොල්ලොත් ආදරේට ගත්තේ අපිව. අර සුදු වෑන් කාරයෝ යැව්වා නම් ඉවරයි. එහෙන් ඉගෙනගන්න තියෙන්නේ පාලකයින්ට කොඳු ඇට පෙළක් බද්ධ කරගන්න විදිය විතරයි. ආයේ ඕකේ මහා ලොකු තාක්ෂණයක් නැහැ. අනේ අර ප්‍රේමදාස, උඩුගම්පොල මහත්තය උන්නා නම්, මේ ටෙලිෆෝන් කෝල් එකටත් කොන්ද දෙකට නමාගෙන එහෙමයි සර් කියන පොලිස් ලොක්කෝ වෙනුවට?
තාක්ෂණ උපදේශන කිව්වේ ඩුවර්ටේ වගේ මිනීමරු කල්ලි දාල හෝල්සේල් මිනීමරණ එකද? දැන් 20000 මරල ඉවරයි. කුණු එකතුවෙන්නේ කුණුවලට තමා.
කරනවා නම් හොඳ වැඩක්..., විධායක ජනාධිපතිකම තිබෙන්නේ මේවගේ තීරණ අරන් වැඩ කරන්න. නමුත් ඔබතුම පටන් ගත්ත හැම වැඩේම වගේ මේකත් නිකන් අර සෝඩා බෝතලය කැඩුව වගේ එක පාරටම සද්දේ දමාගෙන පටන් ගත්තට, ටික දවසක් යනකොට නිකන්ම සැර අඩුවෙලා ඔබතුමාට අමතක වෙලා යාවිද? , උදාහරණ ලෙස ග්ලයිෆොසේට් තහනම, ඇස්බැස්ටෝස් තහනම, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට මරණ දඬුවම දීම වැනි දේවල්...
ජනාධිපති වූ සැනින් ලන්සාව ආසන සංවිධායක කරලා, පාර්ලිමේන්තුවටත් අරන් ඇමැතිකමකුත් දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම නවත්තන්න වෙන්න ඇති..
විදෙස් රටක සේවය කරන අපි අන්න තරමින් පිලිපීනයේ නව ජනපතිතුමාට ඔවුන් දක්වන්නේ ඉමහත් ගරුත්වයක්... කෙසේ හෝ අපේ ජනාධිපතිතුමා ගන්නා මේ උත්සාහයත් ඔවුන් දැඩිලෙසම අගය කරනවා. පිලිපීනය යනු ඇමෙරිකානු ආභාෂය හොඳින්ම ලද, උපයූ ධනය සම්පූර්ණයෙන් වියදම් කරන කෙළිලොල් පිරිසක්...
අර ලන්සා මහත්තයට සංවිධායකකම් දුන්නා වගේ එතුමව ඔය ව්‍යාපාරයෙත් ප්‍රධානියෙක් කරා නම් හරි. වංචා දූෂණ, බොන්ඩ් හොරකම, මත්කුඩු මර්දනය, මත්පැන් මර්දනය, එල්ලුම් ගහ, සමනල්ලු වගේ කයිවරු නම් තියෙනවා. බොන්ඩ් එක ගැන උදේ, හවස කෑ ගැහුවට කරපු දෙයක් නැත. ලංසාලාට කරපු දෙයක් නැත. බුකීකාරයන් ක්‍රිකට් විනාශ කරද්දී කරපු දෙයක් නැත. පොලිස්පතිව අයින් කරේ නෑ කියා ලොකු නාඩගමක් නැටුවේය. ඒත් එතුමා තවම එතැනය. රටේ ව්‍යාපාර කරන්න හොඳ වාතාවරණයක් හදාගන්න. රටට මුදල් එන ක්‍රම වැඩි කරගන්න. එතකොට ඉබේම රටේ රැකියාත් හැදෙනවා. එවිට ඔය වංචා, දූෂණ වගේම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඉබේම නැතිවෙනවා.
ඔය රටේ ඔය ප්‍රශ්නය විසඳුවේ කුඩුකාරයන්ව වෙඩි තබා මරා දැමීමෙන්, අපේ ජනාධිපති පෙර දවසක කීවා නොවේ. එවැනි අය මරණිය දණ්ඩනය ලබා දෙන බව, කෝ එක කරාද? පෙර දිනවල කුඩු ගෙන්වන අයව බේරා ගැනීමට ඉදිරිපත් වුනේ... අපේ ජනාධිපති නිකන් කියවනවා. මට හිතෙන්නේ මේ ලොක්කා ඒ ලොක්කා ආණ්ඩුව වගේ නේද? අනේ අපේ දේශපාලකයන්ගේ අවංකකම, මොනවටද මගේ කට?
මෙහෙ කුඩු එතනෝල් කාරයන්ට ඇමතිකම දීලා, එහෙන් ආධාර ඉල්ලනවා. දේශපාලන ඇඟිලි ගැසීම නැත්නං, අපේ පොලීසියට මේක ලොකු වැඩක් නොවේ...
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා වෙළෙන්දන් දුටු දුටු තැන මරාදමා මත්ද්‍රව්‍ය වුවදුර මැඩලීමට පිලිපීනය ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මුළු මහත් ලෝකයම අප්‍රසාදය පලකරද්දී, බෞද්ධ යැයි කියා ගන්නා අපේ රටේ නායකයාට එරටින් ලබාගත හැකි සහය මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය නරක බවත්, ඒවා භාවිතා කරන්නන් එයින් මුදවා පුනරුත්ථාපනය කළයුතු බවත් වෙළෙන්දන්ට දඬුවම් කර ඒවා වෙළඳාම නැවැත්විය යුතු බවත් අවිවාදිතයි. බල්ලන්, බළලුන් වාගේ මිනිසුන් 12,000 කට වඩා මරා දැමු (එයින් 5000 කට වඩා පිරිසක් මත්ද්‍රව්‍ය වලට කිසිම සම්බන්ධයක් නැතියවුන් බවත් කියැවෙනවා) පිලිපීනයේ මිනීමරු රෙජීමයෙන් උපදෙස් ගැනීම සමාන කල හැක්කේ හිට්ලර්ගෙන් ලෝක සාමය ගැන උපදෙස් ලබා ගැනීම වැනි විහිලුවකටයි. අපේ ජනපතිතුමාට මේවා ගැන උපදෙස් දෙන්න ඉන්න උපදේශකයින් එතුමාට වැරදි උපදෙස් දී එතුමාව නැත්තටම නැති කරන්න උත්සාහ කරන බව හෝ, ජනපතිතුමා උපදේශකයන්ගේ උපදෙස් පිළිනොගෙන සියතින්ම ගෙල සිඳගන්නවා හෝ දෙකෙන් එකක් විය යුතුයි. හැබැයි දෙකේම ප්‍රතිඵලය එකයි.
පිලිපීනයේ ක්‍රමය ලංකාවට ගැලපෙන එකක් නැහැ.. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා හෝ විකුණනවා කියලා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ලංකාවේ බැහැ.
ඉක්මනට මොනවහරි කරල ලකුණු දාගන්න. මෙහෙම ගියොත් ඔබතුමාට ඡන්දෙ නෙමේ අපේක්ශකත්වයවත් ගන්න බැරිවෙන සයිස් එකක් තියෙන්නේ...
දේශපාලනයේ යෙදෙන අය සම්බන්ධයි කියලා ජනාධිපතිතුමා කිහිපවතාවක්ම කියලා තියනවා. එහෙම නම් මොකද එ් අයගේ නම් හෙළි කරන්න බය? මත්ද්‍රව්‍ය ගේන අයත් දන්නවා නම්, විකුණන අයත් දන්නවා නම් මොකටද කාගෙවත් සහයක් විධායක ජනාධිපති තම බලය පාවිච්චි කරලා වැඩ කරන්න බයයි. මොකද දේශපාලනයෙන් පරාදවන නිසා....? මලවිකාර...
ජනාධිපති හුවමාරු කරන්න වෙනවා...
ඔය මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ අල්ලන්න පිලිපිනේටම යන්න ඕනේ නැහැ , අන්න තංගල්ල පැත්තට සුද්දෙක් ඇවිත් තව කුඩුකාරයෝ , ඇතුළු නොයෙකුත් දහජර වැඩ කරන උන් ඇතුළු 5000 -6000 විතර එකතු කරගෙන දින 2-3 නොනවතින බිර්ච් පාර්ටි එකක් කරගෙන යනවලු , එක ඇතුලේ හෙරෝයින් , පෙති ඇතුළු හැම දෙයක්ම තිබෙනවාලු , පොලිසියට එලියට වෙලා එකට ආරක්ෂාව දෙනවලු . මොකද ගමේ මිනිස්සු ඇවිත් ගැහුවොත් කියල පුලුවන්නම් පොලිස් කණ්ඩායමක් යවල එක රෙඩ් කරලා පෙන්වන්න ,